තරග අවස්ථා පාවාදීම සහ මුදලට තරග පාවාදීම සම්බන්ධයෙන් අයි. පී, එල්. තරගාවලිය පෙර නොවූ විරූ අර්බුදයකට මුහුණ දී සිටින මොහොතකදී අයි. පී. එල්. තරගාවලියේ සභාපතිවරයා වන රජිව් ෂුක්ලා මහතා අද (1 වැනිදා) සවස සිය තනතුරෙන් ඉල්ලා අස්විය.
ෂුක්ලා මහතාගේ ඉල්ලා අස්වීමත් සමගම ඉන්දීය කි‍්‍රකට් පාලක මණ්ඩලයේ සභාපති එන්. ශී‍්‍රනිවාසන් මහතාද සිය තනතරෙන් ඉල්ලා අස්වීම හැර වෙනත් විකල්පයක් නැති තැනට පත්වී ඇතැයි වාර්තාවේ.
කෙසේ වෙතත් හෙට (ඉරිදා) සවස චෙන්නායිහිදී පැවැත්වෙන ඉන්දීය කි‍්‍රකට් පාලක මණ්ඩලයේ කි‍්‍රයාකාරී කමිටු රැස්වීම අවසානයේදී ශී‍්‍රනිවාසන් මහතා සිය අනාගතය සම්බන්ධයෙන් තීන්දුවක් ගනු ඇතැයි කියැවේ.
”මේ තීරණය මා ටික දවසක ඉඳන් කල්පනා කරලා ගත්ත තීරණයක්. මා හිතන්නේ දැන් යන්න වෙලාව හරි කියලයි” යයි රජිව් ෂුක්ලා මහතා ඉන්දීය ප‍්‍රවෘත්ති ඒජන්සියක් වන පී. ටී. අයි. පුවත් සේවයට පවසා තිබිණ.
ඉන්දීය කි‍්‍රකට් පාලක මණ්ඩලයේ ලේකම් සන්ජේ ජග්දේල් සහ භාණ්ඩාගාරික අජේ ෂිර්කේ මහත්වරුන්ගේ ඉල්ලා අස්වීමත් තමන් සැලකිල්ලට ගත් බවද ෂුක්ලා මහතා පැවසීය.
”ඔවුන් ඉල්ලා අස්වුණේ ඉන්දීය කි‍්‍රතට් කී‍්‍රඩාවේ යහපත වෙනුවෙන්. මා හිතන්නේත් මේ යන්න වෙලාව කියලයි” යයිද ෂුක්ලා මහතා වැඩිදුරටත් පැවසීය.
තරග අවස්ථා පාවාදීම සහ මුදලට තරග පාවාදීම සම්බන්ධයෙන් දැඩි කළකිරීමට පත්ව සිටින ෂුක්ලා මහතා නැවත වරක් මෙම තනතුර බාර නොගන්නා බවද පැවසීය. අයි. පී. එල්. සභාපතිවරයා, ඉන්දීය කි‍්‍රකට් පාලක මණ්ඩලයේ සභාපති එන්. ශී‍්‍රනිවාසන් මහතාට පවසා ඇත්තේ ඔහුගේ බෑණනුවන් වන ගුරුනාත් මෙයියප්පන්ට එරෙහිව තිබෙන චෝදනා පිළිබඳ පරීක්‍ෂණ අවසන් වන තුරු පැත්තකට වී සිටින ලෙසයි.
”තවත් මොකක් හරි නිවේදනයක් ඒවි. තව දවසක් බලා ඉම්මු” යයි රජිව් ෂුක්ලා මහතා පැවසුවේ ඉන්දීය කි‍්‍රකට් පාලක මණ්ඩලයේ සභාපති එන්. ශී‍්‍රනිවාසන් මහතාද සිය තනතුරෙන් ඉල්ලා අස්වනු ඇතැයි ඉගි කරමිනි.
හින්දුස්තාන් ටයිම්ස් අනුග‍්‍රහයෙනි
2025 දෙසැම්බර් මස 18
193
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
161
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
964
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
අයි. පී. එල්. ලොක්කා ඉල්ලා අස්වෙයි
ලලිත් Sunday, 02 June 2013 05:48 PM
මට පෙන්නේ එක සභාපති කෙනෙක් නියම ඉන්දියානුවෙක් රටට ආදරය ඇති. අනෙක් එක්කෙනා ලංකාවේ ආභාෂයට ගිය රට කන ජාතියේ කෙනෙක්.(ත)
සුනිල් Sunday, 02 June 2013 07:12 PM
මය සියලු දෙනාම හොරු. ඇති තරම් ජරාව කාල කාල දැන් එළිවෙනකොට ඉල්ලා අස්වෙනවා. ක්‍රිකට් ක්‍රීඩාවේ ගරුත්වය සම්පූර්ණයෙන්ම විනාශ කලේ ඔය ඉන්දියානු මහත් හොරු ටිකයි. දැන් හදනවා සුදනෝ වෙන්න. (නදී)