IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


අයි. පී. එල්. ක‍්‍රිකට් ශුරතාව කොල්කටා නයිට් රයිඩර්ස්ට

චෙන්නායිහි ඊයේ (27) පැවැති අයි. පී. එල්. ක‍්‍රිකට් තරගාවලියේ අවසාන මහා තරගයේදී මන්වින්දර් බිස්ලා (89) සහ ජැක් කලිස් (69) ගේ විශිෂ්ඨ පිතිහරඹය නිසා කොල්කටා නයිට් රයිඩර්ස් පිල  චෙන්නායි සුපර් කිංග්ස් පිල කඩුුලූ 5 කින් පරාජය කරමින් ශුරතාව දිනාගත්තේය. කාසියේ වාසිය දීනු චෙන්නායි පිල පළමුව පන්දුවට පහර දිමට පැමිණි අතර ඔවුන් පන්දුවාර 20 තුලදී කඩුලූ 3 ක් දැවී ලකුණු 190 ක් ලබා ගත්තේය. පිළිතුරු ඉනිම ක‍්‍රීඩා කර කොල්කටා පිල  ඕවර 19. 4 දී ලකුණු 192 ක් ලබා ගනිමින් ජය අත්කර ගත්තේය. මන්වින්දර් බිස්ලා පන්දු 48 දී හතරේ පහර 8 ක් සහ හයේ පහර 5 ක් සමගින් වෙගවත් ලකුණු 89 ලබා දෙමින් නයිට් රයිඩර්ස් පිලට ජයමාවත පදා දුන්නේය. අවසාන මහා තරගයේ වීරයා ලෙස මන්වින්දර් බිස්ලා සම්මාන දීනා ගත්තේය. කොල්කටා කණ්ඩායම අවසාන මහා තරගයට සුදුසුකම් ලැබු පළමු අවස්ථාව මෙය වන අතර චෙන්නායි පිල ගිය වර අයි. පී. එල්. ක‍්‍රිකට් ශුරතාවය දීනා ගත් කණ්ඩායම වේ. චෙන්නායි සුපර් කිංග්ස් පිල  ඕවර 20 කදී කඩුලූ 3 ට 190 (මයිකල් හසී 54, මුරලි විජේ 42, සුරේෂ් රයිනා 74) කොල්කාටා නයිට් රයිඩර්ස්  ඕවර 19.4  කදී කඩුලූ 5 ට 192 ( මන්වින්දර් බිස්ලා 89, ජැක් කලිස් 69)    



අදහස් (0)

අයි. පී. එල්. ක‍්‍රිකට් ශුරතාව කොල්කටා නයිට් රයිඩර්ස්ට

අකිල Monday, 28 May 2012 01:20 PM

මොකක්ද වැරදී නිව්ස් එක හරිනේ

:       0       0

අකිල Monday, 28 May 2012 01:18 PM

මොකක්ද වැරදී, නිව්ස් එක හරිනේ

:       0       0

පොඩ්ඩ Tuesday, 29 May 2012 03:01 PM

සුමිත් ඔයා පොඩ්ඩක් නැගිටලා ඉඳගන්න කෝ.....

:       0       0

විජේ Tuesday, 29 May 2012 08:20 AM

හොඳ නිව්ස් එකක්..

:       0       0

සුමිත් Monday, 28 May 2012 08:45 AM

කොල්කාටා නයිට් රයිඩර්ස් ඕවර 20 කදී කඩුලූ ට 140 ( මන්වින්දර් බිස්ලා 89, ජැක් කලිස් 69)

:       0       0

rompiya Tuesday, 29 May 2012 12:24 PM

CSK මැච් එක වික්කා

:       0       0

සේනක Monday, 28 May 2012 09:11 PM

හොද නිවුස් එකක්

:       0       0

සංජීව ඩුබායි Monday, 28 May 2012 10:59 AM

පුවත වැරදි නේද??

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 253 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 181 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 987 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site