(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
අයි.එම්.එෆ් එක ශ්‍රී ලංකාවේ වැසියන් තද කළා මිරිකුවා වැඩි යැයි වරාය නාවික හා ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පාර්ලිමේන්තුවේදී අද (15) පැවසීය.
ලයිට් බිල වතුර බිල වැඩි කිරීමට සිදුවූයේ අයි.එම්.එෆ් කොන්දේසි නිසා බව පැවසූ අමාත්‍යවරයා තමා බලයට පැමිණි පසු ණය ගන්නා බවට සජිත් ප්‍රේමදාස පොරටෝක් දමන බවද ප්‍රකාශ කළේය.
අමාත්‍යවරයා මෙසේ පැවසුවේ අයවැය දෙවැනි වර කියවීමේ විවාදයේදීය.
2025 දෙසැම්බර් මස 16
18
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
820
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
601
1
ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ්‍රී ලංක
අයි.එම්.එෆ් ලංකාව මිරිකුවා තද කළා වැඩියි
මැක්ස් Wednesday, 15 November 2023 02:10 PM
IMF වෙත නොයා වැඩේ ගොඩින් බෙර ගැනීමට උත්සහ කළ පුද්ගලයා ප්‍රජාතන්ත්‍ර විරෝධී ලෙස ඉවත් කරමින් IMF ගොස් "බේල් පැකේජ්" එකක් ගන්නා ලෙස බල කළේ අරගල විහිලුවට සහභාගී වූ නොමේරු රැල විසිනි. ඊට උඩ ගෙඩි දුන්නේ හර්ෂ ද සිල්වා වැනි ආර්ථික ඔස්තාර්ලා ය. ජවිපෙ හදුන්නෙත්ති වැනි විහිළුකාර ආර්ථික බක්කන් ය. දැන් ඉතින් මුළු රටම ඒ පව ගෙවමු.
සමන් විමල් Wednesday, 15 November 2023 09:18 PM
ණයට, කහින ගවයින් කුමක් කීවත් සත්‍යය මෙයයි .
de silva Wednesday, 15 November 2023 02:10 PM
දැන් කරන්න දෙයක් නැහැ .ඔය ප්‍රශ්නයට වැරදිකාරයො ගෝටා ,කබ්රාල්
ජපන් ජබර Wednesday, 15 November 2023 02:17 PM
රටම සූරාකාලා දැන් ලැජ්ජා නැතුව පොර ටෝක් දෙනවා. අසාධාරණ ලෙස මිනිස්සුන්ගේ මුදල් ගසා කාපුවාට, කොමිස්, කොමිස් ඒවාට ස්වභාවධර්මය විසින් හෝ දඬුවම් ලැබෙයි. සූදානමින් ඉන්න ඔය කට්ටියම. මිනිස්සු මේ විඳින දුක, කරන සාප...!
සාලිය Wednesday, 15 November 2023 04:12 PM
මිරිකුව පාරට මෙයත් ඇහැරිලා බොලේ....
විපරමා Wednesday, 15 November 2023 05:21 PM
බලලෝභී දූෂිත පවුල් පාලනේ අය මහාපරිමාණ හොරකම්, වන්චා, දූෂණ නාස්තිය කරලා රටම විනාශ කෙරුවා අන්තිමට අයි.එම්.එෆ් ගියේ ඒ නිසා. ගෑස් පෝලිම්, තෙල් පෝලිම් තිබුණු කාලේ අමතක වෙලා? නින්දෙන් නැගිටලා වගේ කතාව...!
නිමල් Wednesday, 15 November 2023 06:14 PM
කොච්චර මිරිකුවත් මෙයාලාගේ බඩ නම් එහෙමමයි. මිනිස්සුන්ගෙයි, අහිංසක ළමයින්ගෙයි බඩවල් නම් පොත්තටම ඇලිලා...!
අරවින්ද මොනරවිල Wednesday, 15 November 2023 07:13 PM
නිවට ඇම්බැට්ටයා දැක්කම එළුවත් රැවුල පානවා කියලා අපේ ආචිවිල සීයලා කියනවා, ඒවගේ තමයි කිසිම දැක්මක් වැඩපිළිවෙළක් නැති පිනාගේ නිවට ආණ්ඩුව ඉදිරියේ අයි. එම්. එක බල්ටි ගහනවා.
de silva Wednesday, 15 November 2023 08:31 PM
ඔබ ඇතුළු අනිත් හිටපු ඇමතිවරු කොමිස් ගහන්නේ හොරකම් කරන්නේ නැතුව අවංකව වැඩ කරනම් අද අපේ ආර්ථිකයට මෙහෙම වෙන්නේ නැහැ , අපි ඔබල කියන බොරු අසමින් ඔබලාට කතිරේ ගහපු නිසා , අපිට අද ඒවාට වන්දි ගෙවන්න සිදුවෙලා තිබෙනවා ,මේවා අපේ වැරදි ලබන චන්දෙදි වැරදි හදාගෙන නිසි කෙනෙකුට කතිරේ ගහන්න අපි බලාපොරොත්තුවෙනවා
Perera Wednesday, 15 November 2023 11:08 PM
ඒවා ගැන මෙයාට හොඳ දැනුමක් තියනවා
Rata Perata Wednesday, 15 November 2023 11:51 PM
ඒක ඇත්ත .ඔය වගේ හෙමිහිට මිරිකිලා මොකා ආවත් මම ඇමති වගේ ඉන්න දක්ෂ වෙන්න ඕන