
(අංජුල මහික වීරරත්න)
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ශ්‍රී ලංකාව සඳහා වන මෙහෙයුම් මණ්ඩල ප්‍රධානී, Evan Papageorgiou මහතා අරලියගහ මන්දිරයේදී අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය අද (29)හමුවිය.
රජය විසින් ක්‍රියාත්මක කරනු ලබන ප්‍රතිසංස්කරණ වැඩසටහනේ ප්‍රගතිය එහිදී ඔහුගේ ඇගයීමට ලක් වූ අතර, විශේෂයෙන්ම පාලනය ශක්තිමත් කිරීමට සහ දූෂණය අවම කිරීමට ගෙන ඇති ක්‍රියාමාර්ග පිළිබඳව ප්‍රශංසා පළ කළේය.
බදු ප්‍රතිපත්ති ප්‍රතිසංස්කරණ වල වැදගත්කම, බදු නිදහස් කිරීම් (tax exemptions) සම්බන්ධයෙන් ගෙන ඇති පියවර පිළිබඳව ද ඔහු සිය අවධානය යොමු කළේය.
එසේම, 2026 ජාතික අයවැයෙන් සමාජ ආරක්ෂණ පද්ධතිය සඳහා සම්පත් වෙන් කිරීම ද පැපජෝර්ජියු මහතාගේ ඇගයුමට ලක් විය.
2026 අයවැයෙන් ජනතාව සවිබල ගැන්වීමට පියවර ගැනීමේ වැදගත්කම මෙහිදී අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අවධාරණය කළාය.

2025 දෙසැම්බර් මස 16
10
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
814
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
594
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
අයි.එම්.එෆ්- රජයේ ප්‍රතිසංස්කරණ ප්‍රගතිය අගයයි
Nishan Tuesday, 30 September 2025 10:48 AM
ජූලි නෝනා කියන්න ඇති යන්න ගිහින් හම්බවෙන්න කියලා මීඩියා වලින් ප්‍රසිද්දියක් දෙන්න.