(සුජිත් හේවාජුලිගේ)
ආණ්ඩුව මූල්‍ය අරමුදලේ කොන්දේසි පිළිගන්නා ගමන් ජනතාව මත බර පටවන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
මේ රටේ වගකීම ඕනෑම වෙලාවක බාර ගැනීමට තමා සූදානම් බව පැවසූ විපක්ෂ නායකවරයා රට දිනෙන් දින අගාධයට යමින් සිටින බවද ප්‍රකාශ කළේය.
ණය වාරික දෙන්නේ ආණ්ඩුව විදුලි බිල තෙල් මිල වැඩි කළ නිසා බවද ඔහු කීවේය.
ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී
ශ්රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.
අයි.එම්.එෆ් ණය දෙන හේතුව සජිත් හෙළි කරයි
MATARA SUNIL Friday, 04 July 2025 04:44 PM
අනේ නිකන් යන්න...
MalithFriday, 04 July 2025 05:29 PM
එතුමා තමයි අපි ඊළඟට ගේන්නේ...! වෙලාව එනකම් ඉන්නේ පචයෝ ටික යවන්න...!
මාලිමාපෙන්දා Friday, 04 July 2025 05:23 PM
රනිල් උන්නැහේ අටවපු අයි. එම්. එෆ් එකේ ණය ටික රෙදි ගලවාගෙන ගන්නවා ඇරෙන්න වෙන මොනවාද ඉතින් කෙරෙන්නේ?
කපුරුහාමි Friday, 04 July 2025 05:45 PM
පක්ෂයේ ඇතුලේ තියෙන ගැට ටිකවත් ලිහාගන්න බැරිව කයිවාරු නම් ගහයි.
Neel Friday, 04 July 2025 05:56 PM
අඩුම තරමේ IMF කියන ආයතනය මොනවද කරන්නේ කියලාවත් දැනගෙනද මේ වල්ගේ පාගගෙන කෑගහන්නේ..., ඒ මදිවාට ඕනෑම වෙලාවක රට භාරගන්න සූදානම්ලූ, ළදරු මනසට දැනෙන සතුට, පව් අප්පා, අනුකම්පා කරනවා හැර වෙන මොනවා කරන්නද..?
සෙනෙවිරත්න Friday, 04 July 2025 06:19 PM
ඔහේට නම් මේ රට බාරදෙන්න සූදානම් නැහැ ඔහෙගේ පාක්ෂිකයින්ගෙන් භාගයක් වත්. මෙයා රට අගාධයට යනවා කිය කියා නාහෙන් අඬනවා... කොටස් වෙළඳපල වැඩිවෙලා, ඩොලරය ස්ථායි වෙලා, අපනයන ආදායම වැඩි වෙලා, වාහන ගෙන්වනවා, සංචාරකයෝ පැමිණීම වාර්තාගත ලෙස වැඩි වෙලා, වංචා දූෂණය අවම වෙලා, දූෂිතයින්ට දඬුවම් ලැබෙන බව පේනවා, රටේ නීතිය ස්ථාපිත වෙලා, වෙනදා වගේ ඇමැතිලා පාරවල් වල වාහන අරගෙන රඟන්නේ නැහැ. තව මොනවාද කියන්නේ, කරුණාකරලා ඔය අඬෝවැඩියාව නතර කරගන්න.
සෙනෙවිරත්න Friday, 04 July 2025 06:25 PM
තමුන්නැහැලා එදා කිව්වේ අයි.එම්.එෆ් එක මේ රට දාලා යනවා, ඩොලරය නගිනවා අරවා මේවා නේද? කෝ එිවා වුණාද දැන් මේ ණය දෙන එක ගැන දොඩවන්නේ මොකක්ද? විදුලිය වියදමට හරියන විදියට මිල නියම කිරීමේ වරද කුමක්ද, තමුන්නැහැ පවුලේ බූදලෙන් දාලාද මිල අඩු කරන්නේ? මේ ඇඬියාව කුහකකමට මිසක් රටට ආදරේට කරන එකක් නෙවෙයි.
රට වැසියා Friday, 04 July 2025 06:29 PM
තමුන්නැහැලාට බලය ආවා නම් මේ සී අයිඩී පරීක්ෂණ වෙනවාද? හොර වාහන අල්ලනවාද? අවිධිමත් බඳවා ගැනීම් නතර කරනවාද? ඒක නොවෙන බව ස්ථීරයි, එිකයි හොරු අල්ලන එකට හොරු සමග සජබයත් කෝචොක් කරලා හෑල්ලු කරන්නේ. තමුන්නැහැලා ආවා නම් මේ වෙනස වෙන්නේ නැහැ, අරගොල්ලන් නතර කරපු තැන ඉඳන් කරන එක තමයි වෙන්නේ...
අරවින්ද මොණරවිල Friday, 04 July 2025 06:50 PM
අමාරිස් අයියා මැරුණාට පස්සේ ඒ අඩුපාඩුව මකන්න පුතානෝ මාර ට්‍රයි එකක්නේ දෙන්නේ...!
ලූට මූස් Friday, 04 July 2025 07:01 PM
අනේ අපි හරි බයෙං හිටියේ ඔබතුමා රට බාරගන්න බෑ කියයි කියලා...!
Asela Friday, 04 July 2025 10:46 PM
මේ පාලනය ශෙලරතන හාමුදුරුවන්ටවත් කරන්න පුළුවන් වීම පුදුමයක් නොවෙයි. අනුරට වඩා ඔහුට තේරුමක් තියෙනවා, ප්‍රායෝගික අදහසක් තියෙනවා. මෙතැන ඉන්න විහිළුකාරයෝ එක්ක සජිත් ගොඩාක් හොඳයි. වැඩකට නැති පාලනය පතෝල වගේ...
chandima Saturday, 05 July 2025 01:49 AM
වයර් මාරුවෙලාද මන්දා?
Harshad Saturday, 05 July 2025 08:50 AM
ඉස්සර මට කෑල්ලක් හිටියා. ඒකී පස්සෙන් ආපු කොල්ලෙකුත් හිටියා. ඌ හැම වෙලේම ඒ කෙල්ලගේ පස්සෙන් ඇවිත් කියනවා" ඔයාගේ කොල්ලා කොයි වෙලේ හරි අත ඇරියොත් මං ඉන්නවා බලන් කියලා. ආයේ මටත් එක එක ඒවා කියනවා. සජිතුත් අන්න ඒ කොල්ලා වගේ...
චින්තක Saturday, 05 July 2025 10:30 AM
ණය දුන්නාමත් බනිනවා, නොදුන්නත් බනිනවා, පරක්කු වුණත් බනිනවා... විකටයාට පක්ෂේ හදාගන්න බැහැ...
ලක් අම්මා Saturday, 05 July 2025 03:00 PM
තමුන් වගේ කිසිම දෙයක් හරියට කරගන්න බැරි විපක්ෂ නායකයෙක් ඔය දැක්කාමයි. පක්ෂයේ ඉන්න අයත් යන්න ගියේ නිකම්ද?
Nishan Sunday, 06 July 2025 06:39 AM
තමුන්නාන්සේ වගේ කුහකයෙක්ට නම් මේ රටේ මිනිස්සු කිසි දවසක බලයක් දෙන්නේ නෑ. තමුන්නාන්සේ බලය ගන්න බය කෙනෙක් බවත් රටේ ජනතාව තේරුම් අරන් ඉන්නේ. තමුන්නාන්සේ ජනතාවගේ විපක්ෂ නායක නොවෙයි ආණ්ඩුවේ විපක්ෂ නායක. තමුන්නාන්සේට මේ ආණ්ඩුව හරිම කැමැතියි.