IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


අයි එම් එෆ් ගිවිසුම පෙන්වන්නැයි පාර්ලිමේන්තුවේ පටලැවිල්ලක්

 

(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)

රජය ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග ඇතිකරගත් ගිවිසුම සංවෙිදී තැන් ඇතැයි කියමින් සඟවන්නේ ඇයි දැයි විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පාර්ලිමේන්තුවේ දී අද (21) ප්‍රශ්න කළේය.

එම ගිවිසුම වහා ලබාදෙන්නැ යි ද ඒ ගැන පාර්ලිමේන්තු විවාදයක් කිරීමට බලාපොරොත්තු වෙන බව ද කිරිඇල්ල මහතා කීය.

විපක්ෂයේ ප්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල මහතා:-

පසුගිය පාර්ලිමේන්තු සතියේදී මම කථානායකතුමාගෙන් ඉල්ලීමක් කළා.එවැනි ගිවිසුමක් නැතැයි රජය කියනවා.නමුත්  අලි සබ්රි ඇමතිතුමා එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයට ගිහින් කිව්වා ගිවිසුමක් තියෙනවා කියලා.  අපිට පෙන්වන්නේ නැතිව ගිවිසුමක් අත්සන් කළාට අපි පිළිගන්නේ නෑ. ඔබතුමා ජනාධිපතිතුමාට කතා කළාද?

කථානායක මහින්ද යාපා අබේවර්ධන - නෑ මට ජනාධිපතිතුමා මුණ ගැසුනේ නෑ.

විපක්ෂයේ ප්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල මහතා :-

ව්‍යවස්ථාව අනුව මුදල් බලය තිබෙන්නේ පාර්ලිමේන්තුවට. කාගෙන්වත් අහන්න ඕන නෑ. අපිට තොරතුරු දෙන්නේ නැතිව  කළොත් ඒකේ වගකීම භාර ගන්න ඕන. ආයෙත් අපේ සහයෝගය ඉල්ලන්න එපා.

සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා:-

අපි ඇත්තටම සංවේදී කාරණා ඉල්ලන්නේ නෑ. නමුත් කුමන දිශාවටද අපි ගමන් කරන්නේ? මොකක්ද ඔබලා ණය හිමියන්ට කියන්න යන්නේ? ඒක අපි දැනුවත් වුනොත් වඩා හොඳයි.

ප්‍රවාහන  සහ ජනමාධ්‍ය අමාත්‍ය බන්දුල ගුණවර්ධන  මහතා:- 

අවශ්‍ය තොරතුරු අපිට දෙන්න පුලුවන්. කිසිදෙයක් හංගන්න නෑ. මුදල් ඇමතිතුමා ඒ පිළිබඳ සම්පූර්ණ විස්තර පාර්ලිමේන්තුවට හෙළි කරයි.

වැඩබලන මුදල් අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා:-

 අපි මේ සම්බන්ධයෙන් කිසිදු කාරණයක් සගවන්න බලාපොරොත්තු වෙන්නේ නෑ. අවසාන එකඟතා වලට අපි පැමිණියාට පසු මේ සභාව දැනුවත් කරන්න කටයුතු කරනවා.  



අදහස් (0)

අයි එම් එෆ් ගිවිසුම පෙන්වන්නැයි පාර්ලිමේන්තුවේ පටලැවිල්ලක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 361 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 217 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1009 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site