
(විමුක්ති එස් රුද්‍රිගු)
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ ඇතිකර ගත් ගිවිසුම අඛන්ඩව ඉදිරියට රැගෙන යාම ජාත්‍යන්තර සහාය ලබා ගැනීම සඳහා ශ්‍රී ලංකාවට ඉතා වැදගත් බව මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා අද පැවති මාධ්‍ය හමුවේදී ප්‍රකාශ කළේය.
ශ්‍රී ලංකාවට ණය ලබා දී තිබෙන රටවල් සහ ජාත්‍යන්තර මූල්‍ය ආයතන ණය සහන සහ සහතික ලබාදී ඇත්තේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මෙරටට ලබා දී තිබෙන වැඩසටහන ඉදිරියට යෑමේ පදනම මත බව ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා එහිදී පැවැසුවේය.
ඕනෑම රජයකට ඉදිරි වසර හතරක කාලයේදී ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ සාකච්ඡා කර කාලයට ඔබින පරිදි ප්‍රතිපත්ති වෙනස් කර ගැනීම හැකියාව තිබෙන බවද ආචාර්ය වීරසිංහ මහතා එම මාධ්‍ය හමුවේදී ප්‍රකාශ කළේය.
ශ්‍රී ලංකාව මූල්‍ය අරමුදලේ වැඩසටහන අඛණ්ඩව ඉදිරියට ගැන යෑම මෙරට අනාගතය වෙනුවෙන් ඉතා වැදගත් බව ආචාර්ය වීරසිංහ මහතා පැවැසුවේය. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ ඉදිරියට යෑමට අකැමැති පාර්ශ්ව ඒ සඳහා තිබෙන විකල්පයද ප්‍රකාශ කළ යුතු බව ආචාර්ය වීරසිංහ මහතා ප්‍රකාශ කළේය.
ඉහළ ගිය බඩු මිලට මුහුණ දීමට තිබෙන එකම විකල්පය නම් ඊට සාපේක්ෂව ආදායම වැඩි කර ගැනීම බවත් කවුරුන් හෝ දීර්ඝකාලීනව බඩු මිල අඩු කරන බව පවසනවා නම් එය අසත්‍යයක් බවත් ආචාර්ය වීරසිංහ මහතා පැවැසුවේය.
ශ්‍රී ලංකාව, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩසටහනෙන් ඉවත් වුවහොත් බරපතල ගැටළු රැසකට මුහුණ දීමට සිදුවනු ඇතැයි ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා ප්‍රකාශ කළේය.
2025 දෙසැම්බර් මස 16
59
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
853
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
612
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
‘‘අයි.එම්.එෆ් ගිවිසුමට ජාත්‍යාන්තර සහාය ඉතා වැදගත්‘‘
Nimal Saturday, 30 December 2023 12:11 AM
ශ්‍රී ලංකාව මූල්‍ය අරමුදලේ වැඩසටහන අඛණ්ඩව ඉදිරියට ගැන යෑම මෙරට අනාගතය වෙනුවෙන් ඉතා වැදගත්...!
SAMSaturday, 30 December 2023 06:58 PM
JVP / NPP පක්ෂය කියා සිටින්නේ ඔවුන් බලයට පැමිණි පසු IMF වෙතින් ඉවත් වන බවකි. එසේ වුවහොත් සිදුවන්නේ 70 - 77 යුගය මෙන් රට දරුණු ආර්ථික කඩාවැටීමකට ලක්වීමයි. වර්තමානයේ පවතින සහ දිනපතා සිදුවෙමින් පවතින ගෝලීය ආර්ථික වෙනස්වීම් / භූ දේශපාලන බලතුලනයන් සඳහා රටවල් ගන්නා උත්සාහයන්ට මුහුණ දීමට නම් IMF සමග එක්ව මධ්‍යස්ථව කටයුතු කළයුතුවේ. යම් හෙයකින් රටේ දේශපාලන බලය/පාලනය අන්තවාදී දේශපාලන බලවේගයන් වෙත ලබාදුනහොත් නිසැකවම ශ්‍රී ලංකාවට ආසියානු භූ දේශපාලනයට යටත් වීමට සිදුවනු ඇත. IMF සහයෝගය සහ විස්වාසය නොමැතිව ලංකාවට ඉදිරි ගමනක් නැත... ලෝකයේ වෙනත් රටවලින් සහයෝගය ලබාදෙන්නේද නැත. SJB කියාසිටින්නේ ඔවුන් රජය සමග පවතින IMF යෝජනා නොව, SJB කොන්දේශි සමග ඉදිරියට නැවත IMF සමග ගිවිසුම්ගත වන බවකි. එසේ වුවත් ඔවුන් IMF සමග කිරීමට බලාපොරොත්තු වන්නා වූ SJB හෙළි නොකිරීමද විශේෂත්වයකි...
SAMAN Saturday, 30 December 2023 03:00 AM
රටේ පවතින ආර්ථික ගැටළු හමුවේ ලැබෙන්නා වූ වැටුප ජීවත්වීමට නොහැකි නිසාත්, වැටුප් වැඩිවීමක් නොලැබුණු නිසාත් 25% - 30% වැටුප් වැඩිවීමක් පක්ෂ විපක්ෂ මන්ත්‍රී සියල්ලන්ටම ලබාදෙන ලෙස ප්‍රධාන විපක්ෂයෙන් ඉල්ලා සිටියහොත් එම ඉල්ලීම මහ බැංකුවට ඉටුකළ හැකිද? එසේ වුවහොත් 225 ගැන අනුකම්පා කර මහජනතාව නිහඬව සිටීවි.
ChathuriSaturday, 30 December 2023 04:58 PM
නැහැ !!! මහජනතාව කොහොමවත් නිහඬව ඉන්නේ නැහැ... අනික 225 ගැන අනුකම්පා කරන්නේත් නැහැ... ඔවුන්ව අහුවුණු තැන මරාගෙන කනවා...
kumar Saturday, 30 December 2023 07:03 AM
හෙණම ගහන්න ඕනේ...!
NiraSunday, 31 December 2023 08:57 AM
කිසිම වුවමනාවක් නෑ... හොරාකාපු සල්ලි ගන්න...!
චන්දන Saturday, 30 December 2023 07:12 AM
තමුන් අපිට වඩා ආර්ථික විශේෂඥයෙක් බව ඇත්ත. නමුත් ලංකාව වැනි කෘෂි ආර්ථිකය ගොඩනගන්න පුළුවන්රටක ඔබ යෝජනා කර ක්‍රියාත්මක කරන වැඩ පිලිවෙළ කියලා තියෙනවාද? එකම පිළියම ණය ගැනීම විතරක් බවයි පේන්නේ. මේ වනවිට බදු ගැහිල්ල ජයටම කරනවා. ඒත් රටේ ආදායම ඒකෙන් වැඩි වෙනවාද? ඇතුළේම කෙනෙක් වැඩිපුර ණය වෙන එක විතරයි. විදෙස් විනිමය ලංකාවට ගේන්න යොදපු වැඩ පිළිවෙළ කියන්න. ඒකයි වැදගත්. මේ වෙනතුරු විදෙස් විනිමය ගේන්න කිසිම යෝජනාවක්නැහැ. එළවළු ටිකත් දැන් රටින් ගේනවා... ලංකාවට අනාගතයක් තියේද? ඉහළ වෘත්තිකයින්රට හැර යනකොට රටට හොඳද? ඒක වළක්වා ගන්න තියෙන උපාය මාර්ග මොනවාද...?
Lal Saturday, 30 December 2023 09:26 AM
JVP රජයක් යටතේ IMF මාරයා නවතා දමමු...
samanSaturday, 30 December 2023 04:48 PM
ඊට පස්සේ ගේන්නේ තුවක්කු මාරයාද?
anura Sunday, 31 December 2023 10:20 PM
අනේ පලයන් පිස්සු මෝඩයා. අයි එම් එෆ් එක කියපු දේවල් නොවෙයි තොපි අයි එම් එෆ් එකට යෝජනා කරපු දේවල් තමයි රට ඇතුලත ටක්ස් වැඩිකිරීම ආදිය ..එක අහපු ගමන් උන් සතුටුවුණා, ඌරගේ මාළු ඌරගේ පිටේ තියලා කපුවාලු. තමුසෙත් හිරේ යන්න ලැහැස්තිවෙලා ඉන්නවා.