IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


අයි එම් එෆ් අධ්‍යක්ෂිකාවගෙන් ලංකාව ගැන ප්‍රකාශයක්

(විමුක්ති එස් රුද්‍රිගු)


ණය ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා වන පොදු රාමුවෙන් ආවරණය වන රටවල් මෙන්ම පොදු රාමුවෙන් ආවරණය නොවන ශ්‍රී ලංකාව වැනි රටවල් සඳහා ණය සහන ලබාදීමට විධිමත් ක්‍රියාවලියක් අවශ්‍ය බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කළමණාකාර අධ්‍යක්ෂිකා ක්‍රිස්ටලීනා ජෝර්ජිවා මහත්මිය ප්‍රකාශ කර ඇත.

ඉන්දියාවේ බැංගලෝර් නුවර පෙරේදා(25) පැවති ජී20 සමුළුවේ මුදල් අමාත්‍යවරුන් සහ මහ බැංකු අධිපතිවරුන්ගේ රැස්වීමේදී ජෝර්ජිවා මහත්මිය මේ බව පවසා තිබේ.

ලෝකයේ දුප්පත් රටවල් සහ සංවර්ධනය වෙමින් පවතින රටවලට මුහුණදීමට සිදුව ඇති ණය අවදානම පිළිබඳ සංවාදය සහ එය විසඳීම සඳහා ලැබෙන සහයෝගීතාවය තවත් වැඩි දියුණු විය යුතු බව ජෝර්ජීවා මහත්මිය පෙන්වා දී ඇත.

නව ගෝලීය ස්වෛරී ණය වටමේසයේ අරමුණද මෙය බව ඇය සඳහන් කර ඇත.

ලෝකයේ ඇතැම් රටවල මතුවෙමින් පවතින ණය ගැටළුව මධ්‍යයේ ණය සහන ක්‍රියාවලිය කාර්යක්ෂම මෙන්ම වේගවත් විය යුතු බවත් එය වැඩි දියුණු විය යුතු බවත් ජෝර්ජීවා මහත්මිය පෙන්වා දී තිබේ.



අදහස් (3)

අයි එම් එෆ් අධ්‍යක්ෂිකාවගෙන් ලංකාව ගැන ප්‍රකාශයක්

කෝකිල Sunday, 26 February 2023 12:17 PM

රතු සහෝදරවරුන්ට නම් මේ කතාව නිසා පොඩි හිත් තැවුලක් ඇති, මොකද හදිස්සියෙන්වත් සහනයක් ලැබිලා ණයක් ලැබුණොත් රට ගොඩ එනවානේ..., එහෙම වුණොත් වට්ටලා ගන්න බලන් ඉන්න එක හරියන්නේ නැහැනේ...

:       17       9

pathiSunday, 26 February 2023 09:01 PM

හොරාකාපු සහෝදර සමාගම...

:       0       0

චන්දන Sunday, 26 February 2023 04:37 PM

යුක්රේනයට බිලියන 15ක් දුන්නේ මොන ආවරණයක් තිබිලද?

:       1       8

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 363 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 221 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1009 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site