
ඉන්දියාවේ සුප්‍රකට සිනමා අධ්‍යක්ෂවරයකු වන මනිරත්නම්ගේ නවතම සිනමා නිර්මාණය ‘‘පොන්නියන් සෙල්වන්’’ රූගත කිරීම්වල ඉතිරි කොටස ලබන ඔක්තෝබර් මාසයේ සිට ශ්‍රී ලංකාවේදී සිදුකිරීමට කටයුතු යොදා තිබේ.
මෙම චිත්‍රපටයේ රූගත කිරීම්වල 30%ක් පමණ මීට පෙර තායිලන්තයේදී සිදුකර තිබේ. ඉතිරි සම්පූර්ණ කොටස මෙරට රන්මිහිතැන්න සිනමා ගම්මානය, දඹුල්ල ඇතුළු ප්‍රදේශ කිහිපයකදී දින 100ක කාලයක් තුළ රූගත කිරීමට සියලු සැලසුම් සූදානම් කර ඇති බව දැනගන්නට ලැබුණි.
ශ්‍රී ලංකාව - ඉන්දියාව සම්බන්ධවූ චෝල අධිරාජ්‍යය පදනම් කරගෙන කල්කි ක්‍රිෂ්ණමූර්ති නමැති ප්‍රකට ලේඛකයා රචිත නවකතාවක් ඇසුරෙන් නිර්මාණය කරන මෙම චිත්‍රපටය සඳහා එහි ප්‍රධාන නළු නිළියන් වන සුරූපී නිළි අයිශ්චර්යා රායි බච්චන්, වික්‍රම්, කාර්තික්, ට්‍රීෂා ක්‍රිෂ්ණන්, ප්‍රභූ, ජෙයම් රවි, අයිශ්වර්යා ලක්ෂ්මී, ජෙයරාම්, වික්‍රම් ප්‍රභූ, සරත් කුමාර්, කිෂෝර් කුමාර්, අශ්වින්, රියාස් ඛාන්, ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතය. මෙහිදී ඔවුන් සමග මෙරට නළු නිළියන් 500කට අධික සංඛ්‍යාවක් රංගනයෙන් දායකවීම විශේෂත්වයකි.
‘‘පොන්නියන් ෙසල්වන්’’ චිත්‍රපටයේ මෙරට රූගත කිරීම් සඳහා මනිරත්නම්ගේ ‘‘මැඩ්රාස් ටෝකීස්’’ සමග රේඛීය නිෂ්පාදක ලෙස ප්‍රවීණ සිනමා අධ්‍යක්ෂ ප්‍රසන්න විතානගේ පසුගියදා ගිවිසුමකට අත්සන් කරන ලදී. ප්‍රසන්න තම කාර්යය සිදුකිරීමට ප්‍රවීණ රංගධර, ආචාර්ය රවීන්ද්‍ර රන්දෙණියගේ ‘‘ෆිල්ම් ටීම්’’ ආයතනය සමගද ගිවිසුමකට එළැඹුණි. මෙම භාරදූර කටයුත්ත පිළිබඳව ප්‍රසන්න ‘‘රසවින්දන’’ට පැවසුවේ මේ අයුරිනි.
‘‘ඇත්තෙන්ම මේ කටයුත්ත ශ්‍රී ලංකාවට එන ලොකුම ආයෝජනයක් ලෙස හඳුන්වන්න පුළුවන්. මේ චිත්‍රපටයට අපේ රටේ නළු නිළියන් 500කට වැඩි පිරිසක් දායක කරගන්නවා. මේ සඳහා මෙරට සිටින දමිළ, සිංහල සියලු දෙනාම එකතු කරගන්නවා. ඒ වගේම කාර්මික අංශයට අපේ රටේ දක්ෂ අයත් දායක කරගන්නවා. මෙහි දර්ශනතල මේ දිනවල රන්මිහිතැන්නේ හැදීමට මෙරට සිටින ප්‍රවීණ නිර්මාණකරුවකු වන එරල් කෙලී සියලු සැලසුම් හදාගෙන යනවා. ඔක්තෝබර් මාසයේ අග හරියේ ඉඳන් දින 100ක් මෙහිදී මේ චිත්‍රපටයේ රූගත කිරීම් කරනවා.
මනිරත්නම්ගේ මේ චිත්‍රපටයේ 30% ක් පමණ රූගත කිරීම් කොරෝනා වසංගතයට පෙර තායිලන්තයේදී සිදුකළේ. අපේ රටේ ශ්‍යාම් ප්‍රනාන්දු මේ චිත්‍රපටයේ 5 වැනි මිහිඳු රජ ලෙස රංගනයෙන් දායක වුණා. ලංකාවත්, ඉන්දියාවත් සම්බන්ධවූ චෝල අධිරාජ්‍යය පාදක කරගෙන කල්කි ක්‍රිෂ්ණමූර්ති ලියූ පිටු 1000කට වැඩි නවකතාව තමයි මේ චිත්‍රපටයට පාදක කරගෙන තිබෙන්නේ. මේ නවකතාව ඇසුරෙන් චිත්‍රපටයක් කරන්න මීට පෙර දකුණු ඉන්දීය සුපිරි නළුවන් දෙදෙනෙක් වන එම්.පී. රාමචන්ද්‍රන් හා කමල් හසන් උත්සාහ කළා.
නමුත් නිෂ්පාදනයේ වැය පක්ෂය ඉතා අධික නිසා චිත්‍රපටය කරගන්න බැරිවුණා. මනිරත්නම්ගේ ලොකු සිහිනයක් තිබුණා. මේ චිත්‍රපටය කරන්න. ඔහු මීට අවුරුදු 15කට කලින් මෙය කරන්න හැදූ විටදි හෘදයාබාධයකට ලක්වුණා. ඒ නිසා නතර කරන්න සිදුවුණා. දැන් තමයි කරන්න හදන්නේ.
මේ චිත්‍රපටය 2021 දී තිරගත කරන්න බලාපොරොත්තු වෙනවා.මෙය වැඩිම මුදලක් වැය කරන දැවැන්ත සිනමා නිර්මාණයක්. ලාංකීය සිනමාව කඩා වැටී ඇති මොහොතක මෙවැනි දැවැන්ත කටයුත්තක් අපේ රටේ සිදුකරන්න ලැබීම ලොකු වාසනාවක්. මොකද මේ රටේ බොහෝ දෙනකුගේ අතමිට මේ හින්දා සාර්ථක කරගන්න පුළුවන් වෙනවා. චිත්‍රපටවල වැඩ නැති නිසා බොහෝ දෙනෙක් ඉතා අසරණ තත්ත්වයේ ඉන්නේ. ඒ හින්දා ලාංකීය සිනමාවට ලොකු උත්තේජනයක් මෙයින් ලැබෙයි කියා මා හිතනවා.’’.
‘‘පොන්නියන් සෙල්වන්’ චිත්‍රපටයේ සංගීතය ඔස්කාර් සම්මානලාභී ප්‍රවීණ සංගීත අධ්‍යක්ෂ ඒ.ආර්. රහ්මාන් ගෙනි. කැමරාකරණයෙන් රවි වර්මන්, සංස්කරණයෙන් ශ්‍රීකර් ප්‍රසාද්, කලා අධ්‍යක්ෂණයෙන් තොට්ට තරණී, ඇඳුම් නිර්මාණයෙන් ඒකා ලක්හානි, තිර චනයෙන් මනිරත්නම්, බී ජෙයමෝහන් (දෙබස්) හා එලංගෝ කුමාරවේල් දායක වන මෙම චිත්‍රපටය මනිරත්නම්, සුහාසිනී මනිරත්නම් හා සුභාෂ් කරන් අලිරාජ්ගේ නිෂ්පාදනයකි.
-(*** සමන්ත යහම්පත්)
COMMENTS
සියලුදෙනාම සාදරයෙන් පිළිගන්නවා...
අනේ නංගියේ අපේ රටට අවට නම් කිසිඳු ගැටළුවක් නැත. හැබැයි දියවන්නාව පට්ටියේ... අම්බරුවන්ගේ ආර්, භාර්යාවන් එක්ක ටෙනිස් ගහන්න රඟපාන්න එහෙම ගිහින් අනාගන්න නම් එපා හරියෑ.. මොකද අද කාලේ අපේ "සමහරක් " භාර්යාවන් නොහොත් ගෙදර උන්දැලා එක එක රැජිණියෝ එක්ක විතරක්ම ටෙනිස් සෙල්ලම් කළා.. නෙට්බෝල් සෙල්ලම් කරපු ඒ වයසක සුන්දර විහිළු මතක් වුණා...
නිරෝධායනය කරනවා නේද?
ආවට කමක් නැහැ. ඒත් නිරෝධායනය වෙලා එන්න.
කොරෝනා නම් අපිට දෙන්න එපා...
දැන් අපේ ගොයියෝ පෝලිම් කඩාගෙන යයි මේ ගොල්ලන් බලන්න. අපි වගේ මෝඩයින් ඒ ඉන්දියාවේ තමයි.
ඕක අපේ ඉතිහාසය විකෘති කරන ෆිල්ම් එකක්ලු නේද? විග්නේශ්වරන් සතුටු වෙයි...
අවුරුදු 30කට පසු ශ්‍රී ලංකාවේ රූගත කරන දෙමළ චිත්‍රපටියක්. බොහොම ස්තුතියි..
විදේශවල ඉන්න අපිට අපේ රටට එන්න බැහැ. ඒත් ඉන්දියන් කාරයින්ට එන්න පුළුවන්.. දැන් ඉන්දියාවල කොරෝනා හැමතැනම.. කවුද මේ අයට එන්න අවසර දුන්නේ?
දෙමළ, මුස්ලිම් උදවියට නම් සතුටු ඇති.
අපේ සැදැහැවත් ජනතාව පෝලිමේ යයි... මේ නළු නිළියෝ බලන්න. ඊට පස්සේ බියුටි සැලුන් කාරයින් ඒ මෝස්තර අපේ සැදැහැවතුන්ගේ ඔලුගෙඩිවලට දාවි...
දැන් අපේ ගොයියෝ ටික පෝලිමේ යයි බලන්න.