IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


අයිස් ලඟ තබාගත්තාට දඬුවම නියම වෙද්දී ගෙල කපාගනියි

(රෝෂන් තුෂාර)

අයිස් මත්ද්‍රව්‍ය සන්තකයේ තබාගැනීමේ චෝදනාවට දඩ නියම කිරීමෙන් අනතුරුව විත්තිකූඩුවේ සිට  බෙල්ල කපා ගත් සැකකරුවෙකු වහාම ප්‍රතිකාර සඳහා යොමු කරන ලෙස නියෝග කළ කොළඹ අතිරේක මහේස්ත්‍රාත් පසන් අමරසිංහ මහතා සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනයක් සිදුකරන ලෙසට අද (04) පොලිසියට නියෝග කළේය.

අයිස් මත්ද්‍රව්‍ය සන්තකයේ තබා ගත්තේ යැයි අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ ශුභ්‍රමනිම් නැමැති සැකකරු විත්ති කූඩුවේ සිට මෙසේ සිය බෙල්ල බ්ලේඩ් තලයකින් තුන් පාරක් කපා ගත්තේය.

සැකකරු වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා අධිකරණයෙන් පවසා සිටියේ සැකකරු පුනරුත්ථාපනය සඳහා යොමු කරන ලෙස ඔහුගේ බිරිඳ ඉල්ලා සිටින බවය.

සැකකරුගේ මානසික තත්ත්වය අයහපත් බැවින් ඔහු සමග ජීවත්වීමට නොහැකි හෙයින් ඔහු පුණ්ඨත්ථාපනය සඳහා යොමු කරන ලෙස ඉල්ලා සිටින බවද පැවසීය.

පැමිණිල්ලේ පළවෙනි සාක්ෂිකාර බිරිඳ එසේ ඉල්ලීමක් කිරීමට හේතුව කුමක්දැයි විමසා සිටි මහේස්ත්‍රාත්වරයා, ඇය වෛද්‍යවරියක් දැයි නීතිඥවරයාගෙන් ප්‍රශ්න කර සිටියේය.

කෙසේ වෙතත් වරදේ ස්වභාවය අනුව සැකකරුට රුපියන් නම දහසක දඩයක් නියම කරන බව මහේස්ත්‍රාත්වරයා නියෝග කළේය.

දඩ නියම කිරීමෙන් පසුව සැකකරු සඟවාගෙන සිටියේ යැයි කියන බ්ලේඩ් තලයකින් බෙල්ල කපා ගත්තේය.

සැකකරු බෙල්ල කපාගන්නා බවත් වහාම ඒ සම්බන්ධයෙන් ක්‍රියාමාර්ග ගන්නා ලෙසත් මහේස්ත්‍රාත්වරයා පොලිසියට හා බන්ධනකාර නිලධාරීන්ට වහාම නියෝග කළේය.

පසුව සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනයක් කරන ලෙසට නියෝග කළ මහේස්ත්‍රාත්වරයා සැකකරු අධිකරණයට ඉදිරිපත් කිරීමට පෙර පරීක්ෂා නොකිරීම සම්බන්ධයෙන් බන්ධනාගාර නිලධාරීන්ට ක්‍රියාමාර්ග ගත යුතු බවට සඳහන් කළේය.

සිද්ධිය සම්බන්ධයෙන් වාර්තාවක් ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කරන ලෙසට පොලිසියට නියෝග කළ මහේස්ත්‍රාත්වරයා බන්ධනාගාර  නිලධාරීන් අලසව ක්‍රියා කිරීම සම්බන්ධයෙන් සිය මතය ප්‍රධාන මහේස්ත්වරයාට යොමු කළේය.

සැකකරු හොඳින් පරීක්ෂා කළ බවත් ඔහුගේ කකුලේ  තිබූ තුවාලයක මෙම බ්ලේඩ්  තලය සඟවාගෙන සිට ඇති බවත් බන්ධනාගාර නිලධාරීන් කරුණු ඉදිරිපත් කර ඇත.

සැකකරු මත්ද්‍රව්‍යයට ඇබ්බැහි වී වරක් පුනරුත්ථාපනය වූ පුද්ගලයකු බවද කරුණු ඉදිරිපත් කර ඇත. 



අදහස් (1)

අයිස් ලඟ තබාගත්තාට දඬුවම නියම වෙද්දී ගෙල කපාගනියි

නිහාල් Monday, 04 March 2024 10:10 PM

ඇමැති කෙනෙක් වුණා නම් නිකන්ම බන්ධනාගාර රෝහලට ඇතුළත් වෙන්න පුළුවන්. බෙලි කපා ගන්න ඕන නෑ..

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 289 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 190 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 995 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site