(නිමල කොඩිතුවක්කු)
මෙවර අයවැය මගින් වෛද්‍යවරුන් නොසලකා හරිමින් ඔවුන්ගේ පහසුකම් කප්පාදු කර ඇතැයි වෛද්‍ය නිලධාරීන්ගේ සංසදය චෝදනා කරයි.
ආදායම් බදු හේතුවෙන් විශාල පීඩාවකට පත්ව සිටින වෛද්‍යවරුන්ට මෙවර අයවැයෙන් හෝ සහනයක් ලබාදීමට ආණ්ඩුව අපොහොසත් වී ඇතැයිද එහි ප්‍රකාශකයකු සඳහන් කළේය.
වෛද්‍යවරුන් සඳහා ප්‍රවාහන පහසුකම් ඇතුළු අනෙකුත් පහසුකම් සහ දීමනා ලබාදීමට රජය වහාම කටයුතු කළ යුතු බවත් ඔහු සඳහන් කළේය.
වෛද්‍යවරුන් සඳහා තීරු බදු රහිත වාහන බලපත්‍රය හෝ දේශපාලන අධිකාරියට ලබාදෙන ආකාරයට ප්‍රවාහන පහසුකම් සැලසිය යුතු බවත් හෙතෙම කීවේය.
වෛද්‍යවරුන් සඳහා ප්‍රමාණවත් නිල නිවාස ඇතුළු නේවාසික පහසුකම් නොමැති බවත් මේ සම්බන්ධයෙන් රජය කඩිනමින් අවධානය යොමු කළ යුතු බවත් ඔහු තවදුරටත් කීවේය.
2025 නොවැම්බර් මස 17
86
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
2025 නොවැම්බර් මස 04
925
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2545
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
අයවැයට වෛද්‍ය නිලධාරීන්ගේ සංසදයේ විරෝධය
de silva Wednesday, 19 November 2025 07:15 PM
දොස්තරලට කියල විශේෂ බද්දක් ගහල නැහැ. අපි ගෙවන බද්දම තමා ඒගොල්ලත් ගෙවන්නේ , ආදායම් තිබෙනවා නම් බදු ගෙවන්න,
swene Wednesday, 19 November 2025 07:33 PM
මේ අවස්ථාවේ දී තීරු බදු රහිත වාහන ලබාදීම කෙසේ වුවත් අනෙකුත් ඉල්ලීම් ගැන සලකා බැලිය යුතුයි. නිල නිවාස, ප්‍රවාහන දීමනා නොලැබීම නිසා රාජකාරි කිරීමේ දී ඇතැම් වෛද්‍ය වරු සේවය කිරීමේ දී විශාල දුෂ්කරතාවයන්ට මුහුණ දෙනවා. මේවා ආර්ථික වැටීම, කොරෝනා උවදුර වැනි හේතුන් නිසා නොසලකා හැරීමෙන් දිගින් දිගට වැඩිවී දැන් උත්සන්න වී ඇති බව කිව හැකියි.