IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


’’අයවැයේ සාධනීය යෝජනා මෙන්ම අඩුපාඩුත් තියෙනවා’’

(ඩයනා උදයංගනී)

අතුරු අයවැයේ සාධනීය යෝජනා මෙන්ම අඩුපාඩු ගණනාවක් ද පවතින බව පිවිතුරු හෙළ උරුමයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රි නීතිඥ උදය ගම්මන්පිල මහතා පැවසීය.

පවතින ආර්ථික අර්බූදයෙන් ගොඩ ඒම සඳහා නිෂ්පාදන ආර්ථිකයක් බිහි කිරීමට නිසි වැඩපිලිවෙලක් එම අයවැයේ නැතැයි ද මන්ත්‍රීවරයා සඳහන් කළේය.

ගම්මන්පිල මහතා මේ බව පැවසුවේ එම පක්‍ෂ කාර්යාලයේ දී අද (31) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

ශ්‍රී ලංකාවේ පිහිටීමේ වාසිය යොදාගෙන සේවා ආර්ථිකය දියුණු කිරීම, සුවිශේෂී ආර්ථික කලාපය සහ මහද්වීපික තටාගය සතු සම්පත් උකහා ගැනීමට විදේශීය සහය ලබා ගැනීම වැනි විදේශ විනිමය අර්බූදයෙන් මිදීමට අතිශයින්ම වැදගත් පියවර ගැන මෙන්ම රාජ්‍ය ආදායමේ සෘජු බදු දායකත්වය වැඩි කිරීම සඳහා කිසිම යෝජනාවක් අයවැයේ නැතැයි ද මන්ත්‍රීවරයා කීවේය.

භාණ්ඩ මිල සියයට 47 කින් හා ආහාර මිල සියයට 83කින් ඉහළ ගොස් තිබිය දී වැට්බද්ද සියයට 12 සිට 15 දක්වා වැඩි කර ජීවන වියදමෙන් මිරිකෙන ජනතාවට තවත්  බරක් පැටවීම කිසිසේත් අනුමත කළ නොහැකි බව ද ගම්මන්පිල මහතා සඳහන් කළේය.

අලාභ ලබන උපාය මාර්ගික වශයෙන් වැදගත් නොවන ව්‍යාපාර පෞද්ගලීකරණය කිරීමෙන් මෙන්ම ලාභ ලබන රාජ්‍ය ආයතනවලින් සියයට 25ක කොටස් කොටස් වෙළඳපොලේ විකිණීමෙන් මුදල් අච්චු ගසා උද්දමනය වැඩි කරමින් ආදායම් උපයනවා වෙනුවට කාටවත් බරක් නොවී ආණ්ඩුවට ආදායමක් උපයාගත හැකි බව ද ගම්මන්පිල මහතා පැවසීය.

එම ආයතන  වසර විස්සක් වැනි කාලයකට පෞද්ගලික අංශයට භාර දුන් විට ඔවුන් එය වර්ධනය කර ඇත්නම් එම කාලයෙන් පසු  මිලදී ගැනීමට ආණ්ඩුව සතුව මුදල් තිබිය යුතු නිසා සෑම වසරකම අයවැයෙන් යම් මුදලක් වෙන් කරමින් “උපාය මාර්ගික රාජ්‍ය ව්‍යාවසාය මුදවා ගැනීමේ අරමුදලක්” බිහි කිරීම අවශ්‍ය  බවද හෙතෙම කීවේය.



අදහස් (1)

’’අයවැයේ සාධනීය යෝජනා මෙන්ම අඩුපාඩුත් තියෙනවා’’

Bamunuarachchi Wednesday, 31 August 2022 04:12 PM

අඩුපාඩු නැති අයවැයක් කවදා කවුද ඉදිරිපත් කළේ?

:       2       7

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 418 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 237 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1027 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site