
(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
ලබන වර්ෂය (2026) සඳහා වන විසර්ජන පනත් කෙටුම්පත මුදල් ක්‍රම සම්පාදන සහ ආර්ථික සංවර්ධන වැඩබලන අමාත්‍ය මහාචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු මහතා විසින් පාර්ලිමේන්තුවට අද (26) ඉදිරිපත් කරනු ලැබීය.
විසර්ජන පනත් කෙටුම්පතට අදාළ ගැසට් නිවේදනය සැප්තැම්බර් මස 18 වැනිදා නිකුත් කෙරිණ.
එම කෙටුම්පත අනුව ලබන වසරේ රජයේ සමස්ත වියදම රුපියල් කෝටි 443400කි.
කෙටුම්පතෙන් වැඩිම මුදලක් වැය කර ඇත්තේ මුදල් අමාත්‍යාංශයට වන අතර එය රුපියල් කෝටි 63400කි.
පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශයට රුපියල් කෝටි 61800ක්ද රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයට රුපියල් කෝටි 59600ක්ද වෙන් කර අැත
ජනාධිපතිවරයාගේ අයවැය කතාව නොවැම්බර් මස 7 වැනිදා ඉදිරිපත් කෙරේ. අයවැය දෙවැනි වර කියවීමේ විවාදය නොවැම්බර් මස 8 වෙනිදා ආරම්භ වී 14 වැනිදා දක්වා(දින හයකි) පැවැත්වේ.
අයවැය කාරක සභා අවස්ථාවේ විවාදය නොවැම්බර් මස 15 වෙනිදා ආරම්භ වී දෙසැම්බර් මස 5 වැනිදා දක්වා (දින 17කි) පැවැත්වේ. අයවැය තෙවැනි වර කියවීමේ ඡන්ද විමසීම දෙසැම්බර් 5 වෙනිදා පස්වරුවේ පැවැත්වේ
2025 දෙසැම්බර් මස 16
41
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
836
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
605
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
අයවැය විසර්ජන පනත් කෙටුම්පත මැතිසබයට