IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


අයවැය විවාදය දින 26ක්

(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)

අයවැය විවාදය දින 26 ක්  පැවැත්වීමට පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව තීරණය කළේය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ලබන වර්ෂය සඳහා විසර්ජන පනත් කෙටුම්පත (අයවැය)  ලබන 13  වැනිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතය.

අයවැය දෙවැනි වර කියවීමේ  විවාදය ලබන 14 වැනිදා සිට ආරම්භ වේ. එම විවාදය  ලබන 21 දක්වා (ඉරිදා දින හැර) දින හතක් පැවැත්වේ.

ඉන්පසු කාරක කාරක සභා අවස්ථාවේ විවාදය ලබන 22 සිට දෙසැම්බර් මස 13 වැනි දා දක්වා දින 19ක් පැවැත්වීමට පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව තීරණය කළේය.

අයවැය තෙවැනි වර කියවීමේ අවසාන ඡන්ද විමසීම  දෙසැම්බර් මස 13 වැනිදා  සවස 6.00ට පැවැත්වීමට නියමිතය.

සෑම දිනකම උදේ 9.00 සිට   සිට සවස 6:30 දක්වා  විවාදය  පැවැත්වේ. ඡන්ද විමසීම පැවැත්වෙන දිනය  හැර අන් සෑම දිනකම සවස 6 සිට 6.30  දක්වා සභාව කල්තබන අවස්ථාවේ විවාදයක් පැවැත්වෙන බව පාලිමේන්තුවේ මහලේකම් නීතිඥ කුෂානි රෝහණදීර මහත්මිය  පැවසුවාය.



 

 



අදහස් (2)

අයවැය විවාදය දින 26ක්

Aravinda Monarawila Wednesday, 01 November 2023 04:53 PM

දවස් 26ක් තිස්සේ විශාල මුදලක් නාස්තිකරලා සත 05කටවත් වැඩක් නැති හිස් ලියවිල්ලක් වෙනුවෙන් කාලය නාස්ති කරනවාට වැඩිය හොඳ නැද්ද, ඕකට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ අනුමැතිය විතරක් ගත්තා නම්...?

:       0       4

රාජThursday, 02 November 2023 08:37 AM

දැනුවත්භාවය පොඩ්ඩක් මදි වගේ නේද අරවින්ද

:       1       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 123 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 146 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 949 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site