මහින්ද රාජපක්ෂ ආණ්ඩුව සම්මත කළ ඌන උපයෝගිතා පනත (පාඩු ලබන ව්‍යාපාර නැවත රජයට පවරා ගැනීමේ පනත) මෙවර අයවැයෙන් අහෝසි කරන්නැයි සිවිල් සංවිධාන හා ව්‍යාපාරික ප්‍රජාව රජයෙන් ඉල්ලා ඇතැයි ශ්‍රී ලංකා මානව හිමිකම් කේන්ද්‍රයේ සභාපති රජිත් කීර්ති තෙන්නකෝන් මහතා කොළඹ පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී පැවසීය.
වැවිලි, ඉදිකිරීම් හා සංචාරක ක්ෂේත්‍රවල දැනට පවතින ගැටළු විසඳීම, යටිතල පහසුකම් දියුණු කිරීම පුහුණු ශ්‍රමික හිඟයට පිළියම් යෙදීම හා ඉඩම් පිළිබඳව ජාතික ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක කිරීමට පුළුල් යෝජනා ඉදිරිපත් කෙරෙන බවද ඔහු කීවේය.
2025 දෙසැම්බර් මස 18
408
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
236
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1024
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
අයවැයට පෙර සිවිල් සංවිධානවලින් යෝජනා ගලයි
මධුසංඛ Thursday, 15 October 2015 04:10 AM
මේ ආණ්ඩුව තමන්ට මොනවාහරි දෙනතුරුයි හැමෝම බලාගෙන ඉන්නේ කියලයි අදහස් ටික කියෙවුවහම මට නම් තේරුනේ (නි)
ධර්ම ජයවික්‍රම Thursday, 15 October 2015 04:31 AM
ජනතාවගෙන් සහ සිවිල් සංවිධානවල අදහස් ලබා ගැනීම ඉතා හොඳයි. එසේම වෙළඳ ප්‍රජාවගෙන් අදහස් ලබා ගැනීමද වැදගත්. එම අදහස් කෙතරම් දුරට අයවැය ලේඛනයට ඇතුලත් වේද යන්න ප්‍රශ්නයක්. (බ)
සේන Thursday, 15 October 2015 04:50 AM
මම ඉන්නේ ලොකු බයකින්. මොකද මිනිස්සු ළඟ සල්ලි තියෙන නිසා වාහන අරගෙන පාරේ තදබදය වැඩිකරනවා කියලා තවත් මොකක්හරි බද්දක් ගහයි කියලා. දැන් හතුරෝ වෙලා ඉන්නේ මධ්‍යම පන්තියනේ. (නි)
යසිරු Wednesday, 14 October 2015 04:51 PM
අවස්ථාවක් දීලා බලමු නේද? (නි)
කරුණාරත්න Monday, 19 October 2015 04:11 AM
සඳළුතලාවේ සිට ප්‍රශ්නය දෙස බැලුවට හරියට පේනේනේ නෑ. ප්‍රශ්නය දකින්නත්, පිළිතුර සොයන්නත් පොදු ජනතාව අතරේම ඉන්න අවශ්‍යයි. (ත)
ජගන් Thursday, 15 October 2015 08:37 AM
සිවල් සංවිධාන(අ)
දුමින්ද Thursday, 15 October 2015 08:53 AM
පරිසර සංවර්ධනයට වැඩි බරක් අවැසිය (බ)
ඉන්දිකා Thursday, 15 October 2015 01:35 AM
මේවා රජයට පවරා ගත යුතුමයි පාඩු ලබනවා කියල සේවකයන්ට පඩි වැඩිකරන්නේ නැහැ ආණ්ඩුවට බදුගෙවන්නේ නැහැ හැබැයි ලොක්කෝ අලුත් කාර් ගෙවල් ගන්නවා ලොක්කන්ගේ වියදම වැඩි වෙනවා (අ)
මොහාන් Thursday, 15 October 2015 02:05 AM
කීර්ති තෙන්නකෝන් කඩේ යන එකනං නවත්තල නෑ.(අ)
ජයසිංහ Thursday, 15 October 2015 02:45 AM
වැඩක් නැහැ. ගියසැරෙත් වෙච්ච දේ මතකයි. රජයේ, විශ්‍රාමිකයන්ගේ වැටුප් විෂමතාවය හරියට හැදුවේ නැහැ. (නි)