IMG-LOGO

අයියාගේ සහායට මැරතන් තරගයට ගිය මල්ලී මරුට

(කුෂාන් ජයවර්ධන)

කැකිරාව පලාගල කුඩා හෙටිට්යාව ප්‍රදේශයේ පැවැති අවුරුදු උත්සවයක මැරතන් තරගයක් අතරතුරදී දස හැවිරිදි දරුවකු ජීවිතක්ෂයට පත්ව ඇතැයි ගල්කිරියාගම පොලිසිය පවසයි

පලාගල කුඩා හෙටිටියාව ගම්මානයේ පොදු ක්‍රිඩාංගනයේදී මෙම අවුරුදු උත්සවය පවත්වා තිබිණි. ඊට සමගාමීව පැවැති විවෘත මැරතන් තරගය සදහා එක්ව සිටි පහළොස් හැවිරිදි තම සහෝදරයාගේ සහය සදහා එක්ව සිටි දස හැවිරිදි බාල සහෝදරයකු මෙලෙස මිය ගොස් ඇති බව පොලිසිය කියයි

මෙලෙස මියගොස් ඇත්තේ කුඩා හෙට්ටියාවල පලාගල ගුණතිලකගේ දණුක ලක්ෂාන් නමැති වයස අවුරුදු 10 ක දරුවෙකි. ඔහු පලාගල මහා විදුහලේ පස්වන වසරේ ඉගෙනුම ලබන සිසුවකු වන බව පොලිසිය කියයි

කුඩා හෙටිටියාව ක්‍රීඩාංගනයෙන් ඇරඹි ඇති එම මැරතන් ධාවන තරඟයේදී කිලෝමිටර් 04ක පමන දුරක් තරගකරුවන්ට නිමා කිරීමට නියමිතව තිබී ඇත. එම තරගයට එක්ව සිටි තම පහළොස් හැවරිදි සහෝදරයාගේ තරඟ සහය සඳහා මෙම දස හැවිරිදි දරුවා ද එක්ව සිට ඇති අතර තරගයේ අඩක් පමණ නිම කර තරඟකරුවන් පලාගල ප්‍රදේශයට ලගාවත්ම තරගකරැවන් අතරේ ගමන් කරමින් සිටි මෙම දස හැවිරිදි දරුවා හදිසියේ අසනීව ති⁣බේ.

ඒහිදි වහා ක්‍රියාත්මකව ඇති ප්‍රදේශවාසීන් විසින් එම දරුවා කලාවැව ප්‍රාදේශීය රෝහල වෙත ඇතුලත් කිරීමට කටයුතු කර තිබිණ. ඒ සමගම අසාධ්‍ය තත්වයේ පසුවූ එම දරුවා වැඩිදුර හදිසි ප්‍රතිකාර සදහා කැකිරාව රෝහල වෙත මාරු කර යැවීමට කලාවැව රෝහල් බලධාරීන් පියවර ගත්තේය. අසාධ්‍ය තත්වයෙන් පසුවූ එම දරුවා කැකිරාව රෝහලට ඇතුලත් කරන අවස්ථාවේ දී මියගොස් ඇතැයි පොලිසිය පවසයි

 



අදහස් (2)

අයියාගේ සහායට මැරතන් තරගයට ගිය මල්ලී මරුට

නිමලා Saturday, 22 April 2023 07:13 PM

මේ එළිමහනේ මැරතන් දුවන කාලයක් නොවෙයි.

:       0       23

Bunny Preena Monday, 24 April 2023 10:08 AM

හද කම්පාකරවන බොහෝම දුක්බර කතාවක්... සහෝදර ප්‍රේමය කොච්චර ශක්තිමත්දකියන එකට හොඳම උදාහරණයක්... සොහොයුරන් දෙන්නා එකිනෙකාට බොහොම ලෙන්ගතුකමින් හිටිය දෙන්නෙක් කියලා ඔප්පු කරන්න තව සාක්ෂි කුමටද? අයියව දිනවන්න ඕනෑ කියලා මල්ලිගෙ හිතේ ලොකු ආසාවක් තියෙන්න ඇති... දැනට ඇති උණුසුම් කාලගුණය සමහරක් අයව නොදැනුවත්වම ලෙඩ කරවනවා. පව්, අයියාට කොපමණ දුකක් ගෙන දෙනවද මල්ලිගෙ වියෝව...? ඒ වගේම දෙමව්පියන්ට සහ අසල්වාසීන්ට... ඔහුට නිවන් සුව පතමි.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි 2025 ජුලි මස 04 204 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 707 1
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 1118 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

Our Group Site