
(උපේන්ද්‍ර ප්‍රියංකර ජාතුංගම )
අයගම දූල්ගල ප්‍රදේශයේ කාන්තාවකගේ ගෙල කපා ඝාතනය කර ඇති බව අයගම පොලිසිය පැවසීය .
මෙම ඝාතනය ඊයේ (13 )වැනි දා උදෑසන කාලයේ සිදු වී ඇති අතර ඝාතනයට ලක්ව ඇත්තේ බටුගෙදර දාවිතාලාගේ පුෂ්පා දමයන්ති බටුගෙදර නැමැති 50 හැවරිදි තිදරු මවක් බව පොලීසිය පැවසීය.
ඇයගේ සැමියා මෙයට වසර දෙකකට පමණ පෙර රෝගාතුරව සිට මියගොස් ඇති අතර ඝාතනයට ලක්වු කාන්තාව සිය දරුවන් දෙදෙනා සමග නිවසේ ජීවත්ව ඇති බව පොලිසිය පැවසීය.
දරුවන් තිදෙනා පාසල් ගොස් සිට ඇති අතර ඇය නිවසේ තනිව සිටින අවස්ථාවේදී ගෙතුලට පැමිණි පුද්ගලයකු මෙම ඝාතනය සිදු කර ඇති බවට පොලිසිය සැක පල කරයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd