IMG-LOGO

2025 නොවැම්බර් මස 18 වන අඟහරුවාදා


’අයිඑස් සංවිධානයට එරෙහි යුද්ධය අවසන් නෑ’

අයි.එස් සංවිධානය පරාජයට පත් කරමින් මොසුල් නුවරදී ‘ඓතිහාසික’ ජයක් ලැබුවද අයි.එස් සංවිධානයට එරෙහිව යුද්ධය තවමත් අවසන් නැතැයි ඉරාකයේ සිටින ඇමෙරිකා හමුදාවේ ජ්‍යෙෂ්ඨ අණදෙන නිලධාරියෙක් ප්‍රකාශ කළේය.  

බී.බී.සී පුවත් සේවය හා එක්වෙමින් ලුතිනන් ජෙනරාල් ස්ටීවන් තවුසන්ඞ් ඒ බව ප්‍රකාශ කළේය. තවමත් අයි.එස් සටන්කාමීන් ඉරාකය තුළ සිටින බව ද ඔහු එහිදි පැවැසීය. 

ඉරාකය රජය අයි.එස් සටන්කාමීන්ගේ ඉලක්ක වෙත ළඟා වුව ද ජිහාද්වාදීන් නැවත සංවිධානය වැළැක්වීමට පියවර ගත යුතු බව ද කීවේය.

“අයි.එස් සංවිධානය පරාජය කළත් ඔවුන් නැවත නැගී සිටීමේ අවදානමක් තියෙනවා. එම නිසා අයි.එස් සංවිධානය නැවත නැගී සිටීම වැළැක්වීමට ඉරාක ආණ්ඩුව කඩිනමින් පියවර ගත යුතුයි” යැයි ඔහු කීය. 

මොසුල් නුවර අයි.එස් සටන්කාමීන්ගෙන් මුදා ගත් ඉරාක අගමැති හයිදර් අල් අබාදි ඉකුත් දිනෙක ප්‍රකාශ කළේය. මොසුල් නුවර මුදා ගැනීමේ සටන මාස නවයක් පුරා පැවැති අතර නගරයේ බොහෝ ගොඩනැගිලි මේ වනවිට සුන්බුන් බවට පත්ව තිබේ. ගැටුම්වලින් දහස් ගණනක් ජීවිතක්ෂයට පත්වූ අතර 920,000කට වැඩි පිරිසක් අවතැන්ව ඇතැයි වාර්තා සඳහන් කරයි. 

මොසුල් නුවර යනු අයි.එස් සංවිධානයේ ප්‍රධානම බලකොටුවක් වූ අතර එය අත්පත් කරගත් බව ප්‍රකාශයට කරමින් ඉරාක අගමැතිවරයා එම ප්‍රදේශයේ සංචාරයක ද නිරත විය. එහිදි ඉරාක අගමැතිවරයා හමුදා එක්වෙමින් ඉරාක ධජය ද එසවීය. 

ඉරාක හා ඒකාබද්ධ හමුදා ජනගහනය වැඩි ප්‍රදේශවලදී අනවශ්‍ය ලෙස ශක්තිමත් අවි භාවිත කර ඇතැයි ජාත්‍යන්තර ක්ෂමා සංවිධානය වාර්තාවක් නිකුත් කරමින් අඟහරුවාදා දිනයේදී සඳහන් කළේය. 

දරුණු අපරාධ කළ බවට අයි.එස් සංවිධානයට ද ජාත්‍යන්තර ක්ෂමා සංවිධානයේ චෝදනා එල්ල වී තිබේ.  

(ඒ.එෆ්.පී/රොයිටර් ඇසුරිනි 055)



අදහස් (0)

’අයිඑස් සංවිධානයට එරෙහි යුද්ධය අවසන් නෑ’

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 28 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 875 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2509 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

Our Group Site