IMG-LOGO

2025 සැප්තැම්බර් මස 14 වන ඉරිදා


අඹ ගෙඩියක් 460,000 ට වෙන්දේසි වෙයි

(ප්‍රදීප් කුමාර)

යාපනය මුරුගන් කෝවිලක පැවති උත්සවයකදී කෝවිලේ වෙන්දෙසියකට තැබූ අඹ ගෙඩියක් රුපියල් 460,000 ට වෙන්දේසි වූ බව කෝවිල් භාරකාර පුජක වරුන් සදහන් කර සිටි.

යාපනය වන්නර් ෆාම් ලෝටස් මාර්ගයේ පිහිටි වන්නෙයි කෝට්ටයම්පති සිරිසිවසුබ්‍රමනියර් මුරුගන් කෝවිලේදී මෙම අඹ ගෙඩිය මෙසේ ඉහළ මුදලකට වෙන්දේසි වී තිබේ.

මෙම කෝවිලේ දින 15 ක් පුරා උත්සවය පැවැත්වෙන අතර 08 වන දිනයේ මෙසේ අඹ ගෙඩිය වෙන්දේසිවී තිබේ. ඒ එදිනට යේදී තිබු "මම්පලම් තිරුවිලා"උත්සවයේදීය.

එහිදී වෙන්දේසියේ වූ අඹ ගෙඩිය ලබා ගැනීම සදහා දේශීයව සේම විදේශීයව කෝවිලේ උත්සවය සදහා පැමිණි බැතිමතුන් අතර තියුණු තරගයක් පැවති බව පුජකවරුන් සදහන් කරයි.

එහිදී කැනඩාවේ සිට පැමිණි බැතිමතෙකු විසින් මෙම අඹ ගෙඩිය රුපියල් 460,000 ක මුදලකට වෙන්දේසියේදී ලබාගෙන තිබේ.    



අදහස් (2)

අඹ ගෙඩියක් 460,000 ට වෙන්දේසි වෙයි

ගුණරත්න Wednesday, 04 June 2025 01:17 PM

ඔන්න වෙන්දේසි, ආණ්ඩුවේ වාහන වෙන්දේසි ඔහොම නොවේ, ඒවායේ යන්නේ කුණු කොල්ලයට...

:       4       4

Hota Wednesday, 04 June 2025 03:09 PM

දෙවියෝ පෙන්නනවා කියන්නේ මේවට තමයි. භක්තිය උතුරලා යනකොට මිනිසා අන්ධයෙකි...

:       2       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 419 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 125 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 803 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site