IMG-LOGO

2025 දෙසැම්බර් මස 24 වන බදාදා


අඹගෙඩි තුනයි මල් මාලයයි ලක්ෂ 10ට වෙන්දෙසි වෙයි

(රොමේෂ් මධුෂංඛ)

වවුනියාව ගනේෂපුරම් ශ්‍රී සිත්තිවිනායගර් කෝවිලේ පැවති තිරුවිලා දේව මෙහෙය උත්සව අවස්ථාව අතරතුරදී පැවති වෙන්දේසියකදී අඹ ගෙඩි තුනක් හා මල් මාලයක් රුපියල් ලක්ෂ 10 ක මුදලකට වෙන්දේසි වු බව කෝවිල් පාලක සභාව පවසයි.

ශ්‍රී සිත්තිවිනායගර් කෝවිලේ දෙවියන් වෙනුවෙන් යාඥා කොට පූජාකරමින් දේවමෙහෙයන් පැවත්වීමෙන් අනතුරුව පැවති වෙන්දේසියේදී එහි භාණ්ඩ අතර තිබූ අඹ ගෙඩි තුනක් හා මල් මාලයක් එලෙස රුපියල් ලක්ෂ 10 ක මුදලකට වෙන්දේසි වි ඇත.

ගනේෂපුරම් ප්‍රදේශයේ පදිංචි සබරිරාජන් නමැති දරුවකු විසින් අදාළ මුදල වෙන්දේසියේදී ඉල්ලීම් කොට ඇති අතර, අදාළ දරුවාගේ මාපියන් හා විදේශගත ඥාතීන් විසින් වෙන්දේසියේදී අඹ ගෙඩි තුන වෙත රුපියල් ලක්ෂ 10 ක ලන්සුව තබා තිබේ.

ලන්සුව වෙනුවෙන් ලැබුනු රුපියල් ලක්ෂ 10 ක මුදල කෝවිලේ ඉදිරි සංවර්ධන කටයුතු වෙනුවෙන් යොදාගන්නා බවටද කෝවිල් පාලකසභාව පැවසීය.

පසුව වෙන්දේසියේදී අඹ ගෙඩි තුන සහ මල්මාලය රුපියල් ලක්ෂ 10 කට ලබාගත් දරුවා වෙනුවෙන් කෝවිලේ පාලක සභාව  ගරු කිරීමක් හා සෙත්ශාන්ති සිදුකළ බවටද ප්‍රදේශවාසීන් වැඩිදුරටත් පැවසූහ.

 



අදහස් (8)

අඹගෙඩි තුනයි මල් මාලයයි ලක්ෂ 10ට වෙන්දෙසි වෙයි

වීරසිංහ Wednesday, 24 August 2022 09:45 AM

මෙහෙමත් මෝඩ මිනිස්සු...

:       7       14

ishara gunasekara Wednesday, 24 August 2022 09:58 AM

මන්ද මානසික, අන්ධ, ආගම් භක්තිකයින් සිටිනා රටක්...! 

:       6       14

බද්රානිWednesday, 24 August 2022 02:45 PM

මල් වට්ටි වෙන්දේසි කාරයින්ගේ බිස්නස් එක වෙන අය අතට පත් වුණු එක ගැන ඔච්චර වැළපෙන්න එපා අනේ... ඔයාලාට වගේම බිස්නස් කරන්න අනෙක් අයටත් අයිතියක් තියනවනේ... මොනවා වුණත් බිස්නස් එක හඳුන්වා දීමේ ගෞරවය ඔයාලාට තියෙනවා.

:       1       2

Sharm Wednesday, 24 August 2022 11:57 AM

පන්සලට දුන්නානම පින් කෝවිලට දුන්නම අන්ද බක්තිය කියල comment කරපු කෝටිපතියට හද පිරි මෙව්වා එක තම ආගමික ඉස්තානයේ දියුණුව වෙනුවෙන් මුදල් ලබා දුන් සැමට පින් !

:       6       10

නිහාල් Wednesday, 24 August 2022 12:12 PM

විශාල ශබ්දයක් එක්ක කැලණියට ආපු නාගයට දෙවෙනි නෑ

:       0       13

මොට්ටපාල Wednesday, 24 August 2022 12:20 PM

ලංකාවෙ දේශපාලුවො කරනවා වගේ වැඩකරන කොල්ලෙක් හා දෙමාපියන් කරපු වැඩක් තමා

:       0       7

Senarath Wednesday, 24 August 2022 01:58 PM

මෙයාට වඩා කොච්චර හොඳද දුප්පත් කෙනෙකුට පොඩි ගෙයක් හදලා දුන්නා නම්... එහෙම නැතිනම් දුප්පත් පවුල් 40කට, 50 කට වියළි ආහාර ලැබුණා නම්...

:       0       8

Dayananda kannangara Wednesday, 24 August 2022 03:26 PM

සිංහලද, දෙමළද, මුස්ලිම්ද කියලා නැහැ... ගෝත්‍රික, මන්ද බුද්ධික මිනිස්සු කොහෙත් ඉන්නවා.. කැලණියට නාගලෝකෙන් ආපු නයා බලන්න මිනිස්සු පොරකන රටක අඹ ගෙඩි ගැන කුමන කතාද..?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 434 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 241 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1031 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site