(ඉන්දිකා රාමනායක)
ඉන්දියාවේ රාමේෂ්වරන් සිට බෝට්ටු මගින් මෙරටට පැමිණ යාපනය ගුරුනගර් ප්‍රදේශයේ නිවසක සැඟවී සිටී සිටි කාන්තාවන් දෙදෙනකු සහ කුඩා දරුවන් දෙදෙනකු අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
මොවුන් ඉකුත් 6 වෙනි දින රාමේෂ්වරන් සිට බෝට්ටු මගින් මන්නාරමට පැමිණ පසුව යළිත් බෝට්ටු මගින් යාපනයට පැමිණ ඇති බවට ප්‍රශ්න කිරීමේදී කිරීමේදී හෙළි ව ඇත.
(61) හැවිරිදි කාන්තාවක්, ඇගේ (34) හැවිරිදි දියණිය සහ දියණියගේ වයස අවුරුදු 9 සහ 5 වයස්වල පසුවන පුතුන් දෙදෙනා මෙම පිරිස අතර සිටින බව පොලීසිය පවසයි.
මොවුන් යුද සමයේ ඉන්දියාවට පලා ගිය ලාංකිකයන් බවත් ඉන්දියාවේ කොවිඩ් රෝගය ව්‍යාප්ත වීම හේතුවෙන් ඉන් බේරීම සඳහා යළිත් මෙලෙස බෝට්ටු මගින් මෙරටට පැමිණි ඇත.
මෙම පිරිස සෞඛ්‍යය නීති අනුව එම නිවස තුළම නිරෝධායනයට යොමු කර ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලාංකිකයින් නම් අත් අඩංගුවට ගන්න බැහැ. මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය කිරීමක්...
ආදරයෙන් පිළිගමු
බෞද්ධ රටක් විදියට අපි ඔවුන් දිහා සානුකම්පිතව බලා සැලකිය යුතු නොවේද ?
ආ..දැන් අපි හොඳයි..ද