IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


අම්පාරේ වගා හානි වන්දිය අද ගොවි ගිණුම්වලට

(අංජුල මහික වීරරත්න)

නොවැම්බර් මස 26දා සිට ඇති වූ ගංවතුර හේතුවෙන් හානි වූ වගා පරීක්ෂා කිරීම අවසන් බව කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය පවසයි.

ඒ අනුව හානි වූ වගාවන්ට වන්දි ගෙවීම ආරම්භ කර ඇති අතර පොලොන්නරුව දිස්ත්‍රික්කයේ ගොවීන් 6239 වෙනුවෙන් අක්කර 9067.40 සඳහා රුපියල් මිලියන 114ක මුදලක් නිදහස් කර තිබෙන බව ගොවි ජන රක්ෂණ මණ්ඩලය සඳහන් කරයි.

වවුනියා, මුලතිව්, ත්‍රිකුණාමලය දිස්ත්‍රික්ක වලින් මණ්ඩලය වෙත ලැබුණු නිර්දේශිත වගා හානි අයැදුම්පත්වලට අදාල වගා හානි මුදල් ඔවුන්ගේ ගිණුම් වලට බැර කිරීමේ කටයුතු ආරම්භ කර ඇතැයි ද ඒ අනුව අක්කර 4324 ප්‍රමාණයක හානි වූ වගාවන් සඳහා ගොවීන්  3272 වෙනුවෙන් රුපියල්  මිලියන 70 ක් ඔවුන්ගේ ගිණුම් වලට බැරකිරීම සිදු කළ බවද ගොවි ජන රක්ෂණ  මණ්ඩලය කියයි.

අම්පාර දිස්ත්‍රික්කයෙන් ලැබුණු නිර්දේශ කරන ලද වගා බිම් අක්කර 7657ක ගොවීන් 8705ක් සඳහා රුපියල් මිලියන 122ක මුදලක් අද (10) ගොවීන්ගේ ගිණුම් වලට බැර කරන බවද මණ්ඩලය සඳහන් කරයි.



අදහස් (1)

අම්පාරේ වගා හානි වන්දිය අද ගොවි ගිණුම්වලට

පිටරටවැසියා Monday, 10 February 2025 11:43 PM

මේ මොන සොච්චම් මුදලක්ද මාලිමා ආණ්ඩුවෙන් දීල තියෙන්නෙ? අපේ සීයාගේ ආණ්ඩුව තිබ්බානම් ලක්ෂ නමසීයේ ඒවායින් බෙදන්නෙ, හරියට අරගලයෙන් වෙච්ච හානිවලට වන්දි දුන්නා වාගේ...තව ඕන්නම් ගොවියන්ට බාර් ලයිසනුත් දෙනවා කුඹුරු අක්කරයකට එක ගානේ. එකත් මදිනම් ජනපති අරමුදලෙනුත් හෝල්සේල් එකේ දීල දානවා...

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 215 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 169 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 969 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site