ශ්‍රී ඝටීකාර මහ සෑ රදුන් පිහිටි මාලබේ පිට්ටුගල නව නුවර පාරේ අමාවතුර අසපුවේ ‘බුදු පසේ බුදු අරහන්තක මහා විහාරයේ‘ දී සර්ව රාත්‍රික ආශිර්වාද පිරිත් සජ්ඣායනාවක්පැවැතිවිණ.
මහ පිරිත, දම්සක් සූත්‍රය, මහා සමය සූත්‍රය, ජය පිරිත, ධජග්ග සූත්‍රය, ගිරිමානන්ද සූත්‍රය, සහ ජිනපංජර ගාථා සජ්ඣායනා විය.
ලක්දිවටත්, සියලු රටවැසියන්ටත්, ස්වභාවික ආපදා ආදියෙන් අනතුරු සිදු නො වී වාසනාවන්ත යුගයක් බිහි වේවා යන අධිෂ්ඨානයෙන් යුක්ත ව පැවති පින්කමෙහි මුලසුන අඹන්පොල ඤාණවිජය හිමියෝ දැරූහ.
කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමින් වහන්සේගේ අනුශාසකත්වය යටතේ මහමෙව්නාව භාවනා අසපු සංචිතයේ වැඩ වාසය කරන සංඝරත්නයේ සහභාගිත්වයෙන් සහ දහසකට අධික උපාසක උපාසිකාවන්ගේ සහභාගිත්වයෙන් මෙම පිරිත් පිංකම සංවිධානය කර තිබිණි.
ඡායාරූප - මහාමේඝ පුවත් සඟරාව අනුග්‍රහයෙනි
2025 දෙසැම්බර් මස 18
137
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
147
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
950
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
අමාවතුර රටට අමාව පතයි
ඉසුරු Tuesday, 06 January 2015 12:52 PM
බොහොම හොඳ පින්කමක්...(බ)
දුලංජන Tuesday, 06 January 2015 02:48 PM
සාධු සාධු!! තෙරුවන් සරණයි! (නි)
මධුශාන් Wednesday, 07 January 2015 04:07 AM
අසිරිමත් පිරිත් පින්කමක් නෙතින් දැක සජ්ඣායනා කරන්නට මාද වාසනාවන්ත වුණා. මේ සත්‍යානුභාවයෙන් සැමට සෙත් වේවා! (නි)