IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


අමාලි රඹුක්වැල්ලගෙන් පැය තුනක ප්‍රකාශයක්

(ගයාන් සූරියආරච්චි)

හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාගේ දියණිය වන අමාලි රඹුක්වැල්ල මහත්මියගෙන් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීන් විසින් අද පැය 3 කට ආසන්න කාලයක් ප්‍රකාශයක් සටහන් කරගනු ලැබුවාය.

ඒ හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාගේ පෞද්ගලික කාර්ය මණ්ඩලයේ වැටුප්, දීමනා හා අතිකාල වශයෙන් රුපියල් ලක්ෂ 80 ක මුදලක් රජයට පාඩු කිරීමේ සිද්ධියට අදාලව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීන් විසින් කරගෙන යනු ලබන විමර්ශනවලට අනුවය.

අමාලි රඹුක්වැල්ල මහත්මිය හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාගේ පෞද්ගලික කාර්ය මණ්ඩලයේ සම්බන්ධීකරණ ලේකම්වරියක ලෙස කටයුතු කර ඇති බව ද විමර්ශන නිලධාරීහු කියති.

එම සිද්ධිය සම්බන්ධයෙන් අමාලි රඹුක්වැල්ල මහත්මියගේ සහෝදරයා වූ රමිත් රඹුක්වැල්ල මහතා ඉකුත් දා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරිමෙන් අනතුරු රක්ෂිත බන්ධනාගාර ගත කෙරිණි.

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව වැඩිදුර විමර්ශන සිදුකරති.

 



අදහස් (4)

අමාලි රඹුක්වැල්ලගෙන් පැය තුනක ප්‍රකාශයක්

SIRI Thursday, 29 May 2025 08:09 PM

බලාගෙන ගියහම වැලිකඩ, මහර, අඟුණුකොළපැලැස්ස, දුම්බර ඇතුළු ස්ථානවල සියලුම ආසන විතරක්නොවේ මේස, අල්මාරි, දොර ජනෙල් සේරගේම ජය විපක්ෂයට යන බවයි පෙනෙන්නේ.

:       0       44

ජිල්බු Thursday, 29 May 2025 09:43 PM

එයාව අත්අඩංගුවට ගන්න ඕනනම් මම එන්නම්. මම එනකන් මොනම අඩංගුවකටවත් ගන්න එපා.

:       0       7

Yass Friday, 30 May 2025 07:25 AM

පාඩුව අය කරගත්තා නම් තමයි හොඳ

:       0       3

Nandalal de Silva - France Friday, 30 May 2025 02:52 PM

මෙයත් රඹුක්වැල්ල හොර රංචුවෙන්ම කාලා බඩ ගෝස්තරය පුරෝගෙන, සුවෙන් සැපෙන් දිවි ගෙවූ නිසා, ප්‍රශ්න කරලා දොට්ට දැම්මා...

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 404 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 233 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1022 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site