IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


අමරසේකරගේ පෙත්සම විසිවේ

යුද අපරාධ හා මානව හිමිකම් කඩවීමේ චෝදනා සම්බන්ධ එක්සත් ජාතීන්ගේ විමර්ෂණය නීතිවිරෝධී බවත්,ඉන් සිදුවූ අගතිය වෙනුවෙන් ශ්‍රීලංකාවේ එක්සත් ජාතීන්ගේ නියෝජිත සුබිනේ නන්දි මහතා තමාගෙන් සමාව ගත යුතු බවටත් සඳහන් කරමින් දේශ හිතෛශී ජාතික ව්‍යාපාරයේ සභාපති ආචාර්ය ගුණදාස අමරසේකර මහතා ගොනු කර තිබූ පැමිණිල්ල කොළඹ දිසා අධිකරණය අද (11) ඉවත දැමීය.

සුබිනේ නන්දි මහතාට තානාපති මුක්තිය තිබෙන හෙයින් ඔහුට එරෙහිව නඩු පැවරීමට හෝ සාක්ෂි කැඳවීමට හැකියාවක් නොමැති බව තීන්දුව ලබාදෙමින් කොළඹ ප්‍රධාන දිසා විනිසුරු ටී.ඩී.ගුණසේකර මහතා පැවසීය.

නඩුව විභාගයට ගැනුණු පෙර අවස්ථාවකදී අමරසේකර මහතාගේ නීතිඥවරුන් කියා සිටියේ ශ්‍රීලංකාවේ එක්සත් ජාතීන්ගේ නියෝජිතයාව අධිකරණයට කැඳවිය නොහැකි වන සේ බලපැවැත්වෙන රාජ්‍යතාන්ත්‍රික මුක්තියක් ඔහුට නොමැති හෙයින් නඩුව විභාග කර තීන්දුවක් ලබා දෙන ලෙසය.

නමුත් විදේශ කටයුතු අමාත්‍යංශය දිසා අධිකරණයට ලිපියක් එවමින් දන්වා ඇත්තේ සුබිනේ නන්දි මහතාට රාජ්‍ය තාන්ත්‍රික මුක්තියක් තිබෙන බවය.

ශ්‍රීලංකාවේ සිදුව ඇති බව කියන යුද අපරාධ හා මානව හිමිකම් කඩවීමේ චෝදනා විමර්ෂණය කිරීමට එක්සත් ජාතීන් කටයුතු කරමින් සිටිනුයේ නීති විරොධී අයුරින් බවටත් එනිසාවෙන් ශ්‍රීලංකා පුරවැසියෙක් ලෙස ඇතිවූ මානසික පීඩාව වෙනුවෙන් එක්සත් ජාතීන්ගෙ සංවිධානය තමාගෙන් සමාව ගතයුතු බවටත් නියෝග කරන ලෙස ඉල්ලා අමරසේකර මහතා මෙම පැමිණිල්ල ගොනු කර තිබිණ.



අදහස් (0)

අමරසේකරගේ පෙත්සම විසිවේ

කසුන් ධර්මවංශ Saturday, 12 December 2015 10:09 AM

සිංහලයෙක් ලෙස කොන්ද කෙළින් තිබෙන මිනිහෙක්. මම ඇත්තටම අමරසේකර මහත්තයා ගැන ආඩම්බර වෙනවා. (නි)

:       0       0

සරසි Friday, 11 December 2015 04:53 PM

අයියෝ! (නි)

:       0       0

ටිරෝන් Friday, 11 December 2015 06:06 PM

ඕවා ගණන් ගන්න එපා මහත්තයෝ (නි)

:       0       0

කිත්සිරි Friday, 11 December 2015 09:17 PM

ඔබතුමා ගැන අපිට කණගාටුයි. ඒත් අපි ‍මොනවා කරන්නද? (නි)

:       0       0

සත්‍යයා Friday, 11 December 2015 09:47 PM

අනේ මහත්තයෝ, තේරෙන්නේ නැද්ද ලෝක සංවිධාන එක්ක හැපෙන්න යනවා කියන්නේ මොනවගේ දෙයක්ද කියලා. (නි)

:       0       0

චන්ද්‍ර Saturday, 12 December 2015 02:23 AM

කැමති ඕනෑම විදියකට රට ගෙනියන්න බහුතර ඡන්දය අලුත් පිරිසකට දී ඇති බැවින් නිහඩව බලා සිටිමි. බහුතර කැමැත්ත නිසා, ප්‍රතිපල බහුතරයට උරුමයි. (නි)

:       0       0

ප්‍රසන්න Saturday, 12 December 2015 02:54 AM

සත්‍යයා, දෙවියන් පය ගසන්න බිය තැන මෝඩයෝ නටතිලුනේ (නි)

:       0       0

විමලවීර Friday, 11 December 2015 01:36 PM

කුමක් කරන්නද දැන්.(හේ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 521 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 267 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1065 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site