IMG-LOGO

2025 දෙසැම්බර් මස 17 වන බදාදා


අම්මා දුන් රන් කිරි මතක් වේ

බිරිය සමග මවගේ ගෙදරට අවුරුදු ගමන් යද්දී පොලීසියේ වද හිංසාවට ලක්වී රෝහල් ගත කැරුණු අලුත්ගම දර්ගා නගරයේ විවාහකයෙක් බස්නාහිර දකුණ භාර නියෝජ්‍ය පොලිස්පති සුමිත් එදිරිසිංහ මහතාට පැමිණිලි කළේය.

රබර් වත්තක් මැදින් යද්දී පොලු අතැතිව සිටි සිව් දෙනකු කසිප්පු තිප්පොල පෙන්වන්නැයි කියමින් තමාට පහර දුන් බවත්, සපත්තු ලේස් වලින් දෑත් පිටුපසට බැඳ ඒ අතරට පොල්ලක් දමා තමා ඔසවමින් වද හිංසා කළ බවත්, ඔවුන් සාමාන්‍ය ඇඳුමින් සැරසී සිටිය බවත්, තම බිරිය නොසිටියානම් තමාගේ ඉරණම කුමක් වේදැයි කිව නොහැකි බවත් දර්ගා නගරයේ ප්‍රණාන්දු ප්‍රියන්ත රණසිංහ මහතා සිය පැමිණිලිල්ලෙන් නියෝජ්‍ය පොලිස්පතිට කියයි.

මේ ගැන පැමිණිලි කිරීමට වැලිපැන්න පොලීසියට ගිය නමුත් එහිදී තමාට සාධාරණය ඉටු නොවූ බවත් ඔහු නියෝජ්‍ය පොලිස්පතිට කියා ඇත.

 

 



අදහස් (0)

අම්මා දුන් රන් කිරි මතක් වේ

ප්‍රසන්න Thursday, 25 April 2013 11:07 PM

ෂුවර් එකටම පොලිසියට අරක්කු ඕනෑ වෙන්න ඇති නිව් ඉයර් එකට. (නි)

:       0       0

ප්‍රදීපා Thursday, 25 April 2013 11:14 PM

සමහරවිට මොවුන් පොලිසියේ නොවෙන්නත් ඉඩ තියෙනවා. (නදී)

:       0       0

පාලිත Friday, 26 April 2013 12:58 AM

ඔය කෙනා හොද මනුස්සයෙක් නෙවේ මම දානවා.(නදී)

:       0       0

රංජනී Friday, 26 April 2013 01:01 AM

පොලිසියේ අය කියලා හරියටම දන්නේ නැතුව අපහාස කරන්න හොද නැහැ.(නදී)

:       0       0

උපුල් Friday, 26 April 2013 01:20 PM

උපාලි, ඔහොම කියන්න එපා. "අහිංසක" පොලිස්කාරයෝ දේශපාලකයින්ගෙන් ගුටි කන හැටි දැක්කේ නැද්ද? (නි)

:       0       0

කුමාරගේ Friday, 26 April 2013 02:15 AM

පොලිසියට වෙන වැඩ නැද්ද අහිංසකයන් අල්ලන්නේ? තෝරු මෝරු එළියේ සැප විදිනවා. ලංකාවේ මිනිස්සු කවදාවත් හැදෙන්නේ නැහැ. ලැජ්ජයි. පව් අර අහිංසකයා. (නි)

:       0       0

බන්දුල Friday, 26 April 2013 04:10 AM

ලංකාවේ පොලිසියත් දැන් හරියට ඉන්දියාවේ පොලිසිය ගානට වැටිලා. (නි)

:       0       0

ජ.හේරත් Friday, 26 April 2013 04:12 AM

අපේ පොලොසිය නම් ඒ තරම්ම හොඳ නැහැ තමයි. ඒ වුණාට මෙයත් තිතට මත එක්කෙනෙක්ද කියලා කවුද දන්නේ? (නි)

:       0       0

දම් Friday, 26 April 2013 05:06 AM

බලන් ඉන්න. සාධාරණය ඉටු කරයි ඕන් කියලා (නි)

:       0       0

උපාලි Friday, 26 April 2013 05:11 AM

කොයි තරම් නම් අහිංසක මිනිස්සු මේ පොලිස්කාරයන්ගෙන් නිකරුනේ ගුටි කනවද? නීතිය බල්ලට ගිය රටේ මේවා ගැන පැමිණිලි කළාට වැඩක් නැහැ. පැමිණිලි අහන්නෙත් ඒ ගොල්ලමනේ. පුළුවන් නම් මානව හිමිකම් රකින තැනකට පැමිණිලි කරලා බලන්න. (නි)

:       0       0

අන්සාර් - තිහාරිය. Friday, 26 April 2013 05:46 AM

මෙම මහජනයාට හිංසා කරන්න පොලිසියට ඇති අයිතිය මොකක්ද? පොලිසිය අයට මේවා ගැන විපරම් කර බලා සෝදිසි කරන්නට තමාගේම කියා මොලයක් තියෙනවා නේද? (නි)

:       0       0

චන්ද්‍ර වීරසින්ග්හේ Friday, 26 April 2013 06:37 AM

බඩු අහු වුණත් අයිතිකාරය නැති හින්දා බයිට් එකට ගත්තද දන්නෙත් නැහැ. මටත් පුංචි කාලේ ඔයින් එක්කෙනෙක් ටොක්කක් ඇනලා තියෙනවා ඔය විදියට (නි)

:       0       0

අමිල Friday, 26 April 2013 06:44 AM

මට පොලිස් කාරයෙක් කිව්වා පොලිසියට ඇති පැමිණිලි වලට දඩුවම් දුන්නොත් බෙහෙතකටවත් පොලිස් කාරයෙක් හොයාගන්න බැරි වෙයි කියලා.(නදී)

:       0       0

අමිල Thursday, 25 April 2013 06:09 PM

ඔහොම යන් ඔහොම යන්. තව ටික දවසකින් ටයර් තැන තැන පිච්චෙයි, කළු බළල්ලු සුදු බළල්ලු එලියට එයි, එච්චරයිනෙ අපිට දැන් අඩු වෙලා තිබුනේ.(නදී)

:       0       0

ජීවන් Thursday, 25 April 2013 06:12 PM

මහත්තයෝ ඔය ලංකාවේ කාලකන්නි පොලිසියේ හැටි ඔහොම තමා. තවත් කාලේ නාස්ති කරන්නේ නැතිව මානව හිමිකම් නඩුවක් දන්නා. අරින්න ජිනිවා. කුහකයෝ දේශද්‍රෝහියෝ කියල කියාවි. ගණන් ගන්න එපා. එත් බැරි නම් බෝට්ටුවකින් හෝ වෙන රටකට යන්න.(නදී)

:       0       0

හෙන්නායක Thursday, 25 April 2013 06:20 PM

මම මේ දන්නේ නැති නිසයි අහන්නේ. අම්මා දුන් රන් කිරි මතක් වුණේ ‍කොහොමද එතකොට? (නි)

:       0       0

ලලිත්-එස්. එල් Thursday, 25 April 2013 06:22 PM

අපේ පොලිසිය එහෙම නැහැ. ධර්ම චක්කරේ තිබුනෙත් නැහැනේ.(නදී)

:       0       0

ප්‍රදීප් ලියනගේ Friday, 26 April 2013 09:13 AM

ලංකාවේ පොලිසි කෝකත් එකයි.(නදී)

:       0       0

දර්ශන් Thursday, 25 April 2013 07:13 PM

පොලිපතිතුමගේ අවදානයට යොමුවේව. ගෑනු කෙනාට මොකුත් උනේ නැහැ නේ?(නදී)

:       0       0

ජනක-ලන්ඩන් Thursday, 25 April 2013 07:17 PM

ඔන්න අපේ පොලිසියේ වැඩ. සම්මානයක් දෙන්න වටිනා වැඩක්. හොරු, මිනීමරුවෝ, මංකොල්ලකාරයෝ, දුෂකයෝ එළියේ නිදැල්ලේ ඉන්නවා. අහිංසකයෝ ගුටි කනවා. ආශ්චර්යය මේකද?(නදී)

:       0       0

දයා Friday, 26 April 2013 09:57 AM

ඔය පොලිසියේ අයට කියන්න පුළුවන් නම් පළාත් සබා මන්ත්‍රී කෙනෙකුට අත තියන්න කියලා.එදාට ඔහු යාපනේ එහෙම නැත්නම් විලච්චියේ එහෙමත් නැත්නම් ගෙදර (නි)

:       0       0

රනිල් Thursday, 25 April 2013 07:39 PM

‍පොලිසියේ රාජකාරි කරන සමහර නිලදාරීන් රැකියාවක් නොමැති නිසා කොයිකටත් තයිලේ ලෙස පොලිසියට බැදෙනවා. ඔවුන් සතු ඉගෙනීම සමාජීය දැනුම අල්පවීමත් කසිප්පු පෙරා ජීවිතය ගැට ගසා ගන්නාවු පුද්ගලයාටත් වඩා පහත් මටිටමේ පැවතීමත් නිසා මෙවැනි සිදුවීම් සමාජය තුල නොවැලැක්විය හැකිය. (නදී)

:       0       0

සම්පත් Friday, 26 April 2013 10:38 AM

නූගතුන්ට යන්න තියෙන්නේ තැන් දෙකයි. එකක් මේක අනික දේශපාලනය.(නදී)

:       0       0

අරුණ Thursday, 25 April 2013 08:06 PM

පොලිසියට ශාප වේවා!(නදී)

:       0       0

පාරා Friday, 26 April 2013 11:04 AM

මේවගේ පොලිසිය දිගටම කරනවානම් ලුනාවේ මිනිස්සු දුන්න බෙහෙත් දෙන්න වෙනවා. (නදී)

:       0       0

නිර්මල Thursday, 25 April 2013 09:13 PM

පොලිසිය මරලා දාන ඒවත් එක්ක මේක මොකද්ද? අනේ මෙහෙමත් රටක්? (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 21 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 821 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 601 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site