IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


අම්මයි දරු දෙන්නයි සැකපිට

ඉංගිරිය නගරයේ සපත්තු සාප්පුවකින් සිව් හැවිරිදි දියණිය ලවා  සල්ලි සොරකම්  කරවා  ගත්තැයි  කියන මව හා  දරුවන් දෙදෙනකු  කොස්ගම දී  සැකපිට අත්අඩංගුවට  ගෙන ඉංගිරිය පොලිසියට  බාරදුන් බව පොලිසිය කියයි.

සොරකම් කළැයි  කියන මුදලින්  15000 ක්  කොට්ටයක්  යට  තිබි  සොයා ගෙන ඇත‍.



අදහස් (0)

අම්මයි දරු දෙන්නයි සැකපිට

යසිරු Tuesday, 22 December 2015 11:01 AM

තමන්ගේ අමාරුවෙන් උපයා ගත් දෙයක් හොරකම් කළ දවසට පොලිසිය පැත්ත පළාතේ යන්නේ නැති කට්ටිය නේ මෙතන ඉන්නේ. මේ පොඩි ළමයාත් හොරකම ප්‍රගුණ කර අම්මගේ අඩි පාරේ යන එකත් අනේ කමක් නැහැ කියලා ! (ම)

:       0       0

ආනන්ද දොඩන්ගොඩ Tuesday, 22 December 2015 11:21 AM

මෙහෙමත් ආදර්ශමත් අම්මලා අපේ රටේ ඉපදීම දුකකි , දරුවන් පොඩි කාලයේ සිටම වැරදි ක්‍රියා වලට අම්මලා විසින් පුරුදු කරන කාලයක් (ම)

:       0       0

දුල්මි Tuesday, 22 December 2015 04:39 AM

මේ දරුවන්ගේ පෙර පව් පල දීලා ද කොහෙද මෙහෙම අම්මලාව ලැබෙන්නේ .(ම)

:       0       0

සුමිත්‍රා බස්නායක Tuesday, 22 December 2015 05:52 AM

අනේ මේ දරුවෝ කවද හරි අම්මට සාප නොකරාවිද ? (ම)

:       0       0

අතුල Tuesday, 22 December 2015 06:42 AM

මේවා පෙර පව් හෝ පසු පව් නොව. දරිද්‍ර තාවයේ කැඩපතයි මේ පෙන්වන්නේ. ජීවත් වෙන්න ක්‍රමයක් නැති නිසා මේක මුලුලොකයේම තත්වය. සියලු සම්පත් සමසේ බෙදෙනවා නම් මේවා නොවෙන්න තියෙන ඉඩ කඩ බොහොම අඩුයි. (ර)

:       0       0

ඉමේෂ් Tuesday, 22 December 2015 07:30 AM

දුප්පත් රටක ඉපදුනාම වෙන මොනවා කරන්නද. (කෞ)

:       0       0

ඉසුරන්දි Tuesday, 22 December 2015 07:53 AM

මේ දරුවෝ ලොකු වුණාම ඔයිට හපන් වෙනවා...(බ)

:       0       0

කුරුවිට Tuesday, 22 December 2015 09:08 AM

මේ නම් අම්මා කෙනෙක් නොවේ. (ර)

:       0       0

දුමින්ද Tuesday, 22 December 2015 09:18 AM

දුප්පත් කමේ කේදවාචකය. (ර)

:       0       0

හුසේන් මොහමඩ් Tuesday, 22 December 2015 09:59 AM

අතුල කියන දේත් ඇත්තක් තියෙනවා. එත්, දුප්පත් කියලා ඔය කරපු වැඩෙන් ඒ පුංචි දුව සමාජයේ හෙරක් හැටියට හංවඩු ගැහෙන එක වලක්වන්න බැහැ. ඉන් පස්සේ ඒ ළමයට ඒ හා සමාන මගක් ඇරෙන්න වෙන විකල්පයක් නැති වෙනවා. (ර)

:       0       0

රංග Tuesday, 22 December 2015 10:11 AM

රටේ ඔක්කොම දුප්පතුන් හොරකම් කලොත් මොකද වෙන්නේ ? අනෙක මේ බවලතා දුප්පත් කියලා පේනවාද? කේම්බ්‍රිජ් ආධිපදවරියට වැඩිය හොඳට අන්දලා ඉන්නවා. හොරකම කියන්නේ ඉපදුන රටේ හැටියට කරන්න බලපත්‍ර ලබා දෙන දෙයක්ද ? (ර)

:       0       0

දිවා Tuesday, 22 December 2015 10:27 AM

ඉමේෂ්, දුමින්ද, අපි පොඩි කාලේ අඟ හිඟකම් නිසා පාසල් ඇරී ඇවිත් බඩගින්නේ සිටි වාර අනන්තයි. අපේ අම්මලා කවදාකවත් අල්ලපු වත්තෙන් පොල් ගෙඩියක්වත් හොරකම් කරන්න අනුබල දුන්නේ නැහැ. ඒ වාගේ අපිව හදපු නිසා තමයි අපි අද හොඳ තැනක ඉන්නේ. අපි පුංචි කාලේ අහලා තියෙනවා, මරණ දණ්ඩනයට නියම උණ පුතා බලන්න ගිය අම්මාට පුතා කීවාලු, මා පොඩි කාලේ හොරකම් කර ගෙදර ගෙනාපු බටු ටික උයා පිහා නොදී මට ගහලා හරි මඟ පෙන්නුවානම් මම අද හොරකමට, මිනීමැරීමට වරද කරු වී එල්ලුම් ගහට යන්නේ නැහැ කියා. (ර)

:       0       0

මේනක Tuesday, 22 December 2015 10:24 AM

දුප්පතුන් කියාගෙන අනුන්ගේ දාඩිය මහන්සියෙන් හම්බ කරන දේවල් සොරකම් කරන්න හොදයිද ? මේ කාන්තාවන් අන්ද පැළඳගෙන ඉන්නේ නිකම් දුප්පතුන් වගේද ? (ර)

:       0       0

චාමර Tuesday, 22 December 2015 10:27 AM

දුප්පත්ව ඉපදුනාම වෙන මොනවා කරන්නද පව් මේ දරුවන්. (ර)

:       0       0

චාන්දනී Tuesday, 22 December 2015 10:46 AM

මේ රටේ කාන්තාවන් ලක්ෂ ගානක් නොයෙක් විදියට ධාර්මිකව ආදායමක් මහන්සියෙන් උපයා ගනිද්දී මේ හෙරලියට අනුකම්පා කරන එක නම් වටින්නේ නැහැ. (කෞ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 539 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 272 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1068 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site