අම්පාර නුවන්ත එන්ටප්‍රයිසර්ස් බස් සේවය කොළඹ අම්පාර මගීන් අඟහරුවාදා සවසත් අදත් නොමිලයේ මගීන් නොමිලයේ රැගෙන ගිය බව එහි ප්‍රකාශකයෙක් කියයි.
පොසොන් පොහොය නිමිත්තෙන් මෙම දන්සල පැවැත්වූ බව එම ආයතනය කියයි.
අම්පාර කොළඹ බස් ගාස්තුව රුපියල් 595කි.
ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර
පැවති 7 වන ගෝලීය ව්‍යාපාර නායකත්ව සංසදයේදී, ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානය (WPDO) වෙතින් තිරසාරභාවය සහ සාමය සඳහා වූ සුවිශේෂී දායකත්වය වෙනුවෙන් මොහ
NSBM හරිත සරසවිය මැයි 17 සහ 18 යන දෙදින පවත්වන ’’NSBM Open Day’’ සමඟ මහජන ප්‍රදර්ශනය සඳහා විවෘත වේ.
අම්පාර බස් හිමියෙක් ටිකට් දන්සලක් දෙයි
භානු Friday, 13 June 2014 09:23 PM
රත්නසිරි මහත්මයා මේ නොමිලේ අවසර පත්‍ර දන්සල ලෝකෙන් පළවෙනි දන්සල වෙන්න විදියක් නෑ. ලංකාවෙන් කීවෙනි එකද කියන්නත් මන් දන්නේ නෑ. හැබැයි මට මතක විදියට මීට අවුරුදු දෙකකට උඩදී වගේ වෙසක් හරි පොසොන් පෝයට හරි දිසරු ප්‍රවාහන සේවාව කතරගම-32-කොළඹ අර්ධ සුඛෝපභෝගී බස් රථ හිමියෙකුත් මෙවැනි දන්සලක් දුන්නා. කොහොමත් මේක හොද වැඩක්. මාත් ඉදිරියේදී මෙවැනි දන්සලක් අනිවාර්යෙන් පවත්වනවා. (නදී)
සිසිර කුමාර Friday, 13 June 2014 10:09 PM
මගේ ගම අම්පාර. මට ගම ගැන සන්තෝසයක් දැනුනා (නදී)
පද්මිණි Thursday, 12 June 2014 10:10 PM
අපුරු අදහසක්. බස් හිමි මහතාටත් සේවක මහතුන්ටත් පින්! (දී)
රත්නසිරි Friday, 13 June 2014 12:46 PM
හොඳ යහපත් මිනිසුන්ට හොඳ වැඩ කරනවා නම් මොනතරම් දේවල් තියෙනවාද කරන්න? මෙය ලෝකයේ පෞද්ගලික ආයතනයක් පිනට ගමන් අවසරපත් දුන් ප්‍රථම වතාව විය හැකියි. එය අගය කරමි. එම බස් හිමිගේ ආයතනය දිනෙන් දින දියුණු වේවා! (නි)
ශාන් සෞදි Thursday, 12 June 2014 10:50 PM
සිල්වා වගේ හොද දේටයි නරක දේටයි හැම එකකටම නිකන් තප්පුලන් නැ හැමෝම. මිනිස්සුන්ට හොද නරක තේරෙනවා මෙම ප්‍රවාහන සේවයේ අධිපති සරත් මහතාට මාගේ ප්‍රණාමය. (දී)
චින්තක Thursday, 12 June 2014 10:51 PM
නිර්මාණශීලි ක්‍රියාවක්. හොද වැඩක්. (දී)
සමීර රත්නායක Friday, 13 June 2014 02:03 PM
නියම වැඩක් මේක මමත් මේ බස් එකේ යනවා කළු අයියා පදියතලාවේ ඔයාලට ගොඩක් පින් (නදී)
මංජුල Friday, 13 June 2014 12:04 AM
මේක තමයි දානය කියන්නේ (නි)
කෞශි Friday, 13 June 2014 12:19 AM
බොහොම වටිනා කාර්යයක් (නි)
ප්‍රියන්ත Friday, 13 June 2014 03:07 PM
අනෙකුත් බස් හිමියනුත් මෙ වගේ වැඩක් කලොත් නරකද. (දී)
ගුණසේකර Friday, 13 June 2014 01:01 AM
බොහොම පින්.ඔබගේ කාර්යයන් දිනෙන් දිනම සාර්ථක වේවා! බුදු සරණයි! (නි)
වාස් නුවර Friday, 13 June 2014 03:12 PM
හොදම බස් ටික තියෙන්නෙ ඔබතුමගෙනෙ.ඔක කරන්න තිබුනෙ මිට ඉස්සල්ලා..සුබ පතනවා .... (දී)
සංජිව Friday, 13 June 2014 04:02 PM
අනේ අපිට නැනේ එහෙම ලක් එකක් (දී)
බන්දුල පෙරේරා Friday, 13 June 2014 02:57 AM
ලංකාවේ දුප්පත් මඟීන් යන බස් රථයටත් ඉතා අධික බදු මුදලක් අය කරනවා. ඒ වගේම අමතර කොටස් වලටත් එසේමයි.මේ නිසා බස් රථ හිමියන්ටත් අකැමැත්තෙන් වුණත් දුප්පත් මඟියාගෙන් අධික බස් ගාස්තුවක් අය කිරීමට සිදු වී තිබෙනවා. (නි)
රාධවන් Friday, 13 June 2014 04:26 AM
මෙම ක්‍රියාව ගොඩක් ආදර්ශවත්. සුභ පතනවා! (නි)
සමන්ති Saturday, 14 June 2014 07:12 AM
කලක සිට කොළඹ අවට බොහෝ බස් හිමියන් පුන් පොහෝ දිනයට කැලණිය පන්සලට බස් සේවා නොමිලයේ ලබාදෙන බව අසා තිබෙනවා (නි)
සමන්ති Saturday, 14 June 2014 07:14 AM
දන්සැල කියන්නේ දානය (දීම) දෙන (සැල) ශාලාවට. (නි)
ශානක Friday, 13 June 2014 05:50 AM
අනෙක් බස් හිමියන්ටත් බොහොම හොඳ ආදර්ශයක් (නි)
විපුල Friday, 13 June 2014 07:01 AM
පින් දීලා සතුටින් යන්න ඕනෑ, දන්සල සාර්ථක වෙන්නේ එතකොටනේ .... (නි)
භානු Thursday, 12 June 2014 07:16 PM
මඩිය තර කරගැනීමට නොයෙකුත් නොහොබිනා වැඩ කරන බස් රථ හිමියන් අතරින් සැමදාමත් මගී ජනතාව හා බස් හිමියා යන දෙදෙනා ගැනම සාධාරණ අයුරින් කටයුතු කරන මෙම ප්‍රවාහන සේවයේ අධිපති සරත් මහතාට මාගේ ප්‍රණාමය.සියලුම බස් රථ හිමියන්ට ආදර්ශයක් සපයන ඔබේ වැඩ පිළිවෙල ඉදිරියටත් කරගෙන යාමට ශක්තිය ධෛර්ය ලැබේවායි පතමි. (දී)
සුමන Thursday, 12 June 2014 07:26 PM
තව ඉස්සරහට මොන මොන දන්සල් ඒ්වීද දන්නෑ පිස්සු හැදෙනවා (දී)
උපුල් Friday, 13 June 2014 08:00 AM
රියදුරු දෑතට බුදු සරණයි! (නි)
චින්තක Saturday, 14 June 2014 09:13 AM
ඔබතුමා තව තවත් දියුණුවෙන් දියුණුවට පත්වේවා! (නි)
ප්‍රනාන්දු Friday, 13 June 2014 08:46 AM
උදේ පාන්දර රැකියා යන්නට,බසයක් ඇවිදින් කතා කරනවා... (නි)
මංජුල අබුඩාබි සිට Friday, 13 June 2014 08:54 AM
බස් රථ හිමි එතුමාගේ මෙම සද්කාර්යය අගය කරන අතර එතුමාට, පවුලේ අයට සහ සේවක මණ්ඩලයට නිදුක් නිරෝගී බව උදාවේවා! කරන කියන සියලු කටයුතු සාර්ථක වේවා! (නි)
නුවන් Friday, 13 June 2014 09:15 AM
ඔබේ ව්‍යාපාරය තවත් දියුණු වේවා! (නි)
ඉෂාර Friday, 13 June 2014 09:23 AM
යසට ගෙදර යන්න තිබුණා මට එන්න බැරිවුණානේ... (නි)
අප්පුහාමි Friday, 13 June 2014 09:33 AM
ඔබට අපගේ උපහාරය! (නි)
සිල්වා Thursday, 12 June 2014 09:12 PM
හැම දේටම මෝඩ අදහස් දමන කට්ටිය කෝ අද ,..කව්රුත් නැහැනේ අදහස් දාල..සරත් මහතාට සහ කාර්ය මණ්ඩලයට අපගේ ස්තුතිය (දී)