IMG-LOGO

2025 දෙසැම්බර් මස 16 වන අඟහරුවාදා


අම්පාර නගර සභාපති බාරවේ

පාර්ලිමේන්තු මන්තී‍්‍ර නාමල් රාජපක්ෂ මහතා ලෙස පෙනී සිටිමින් ගුවන් හමුදාපතිට දුරකතන ඇමතුමක් දී ගුවන් හමුදාවේ වින්ග් කමාන්ඩර් කෙනකු වූ දීපාල් මුණසිංහගේ ස්ථාන මාරුවක් අවලංගු කරන ලෙස දැනුම්දුන් සිද්ධියක් සම්බන්ධයෙන් ගුවන් හමුදාවේ හිටපු බළගණ ලූතිනන්වරයකු වූ වත්මන් අම්පාර නගර සභාපති ඉන්දික නලින් ජයවික‍්‍රම රුපියල් ලක්ෂ 10ක ශරීර ඇප දෙකක් මත මුදාහරින ලෙස කොළඹ ප‍්‍රධාන මහේස්ත‍්‍රාත් රශ්මි සිංගප්පුලි මහතා අද (19) නියෝග කළේය. ජයවික‍්‍රම අද පොලිසියට භාරවිය. වින්ග් කමාන්ඩර් දීපාල් මුණසිංහ සහ අම්පාරේ පදිංචි සජිත් සමීර ඇප මත මුදා හරිනු ලැබ සිටිති.



අදහස් (0)

අම්පාර නගර සභාපති බාරවේ

සෑම් Friday, 20 July 2012 10:43 AM

සුභාෂිණී, ඔයා දන්නවද එයා කරපු වැඩ? ඔන්න අපි නම් දන්නේ නැහැ. (නි)

:       0       0

පිලිපීනෝ Friday, 20 July 2012 10:45 AM

මේ පවුලේ නම විකුණන්න ගියොත් නම් ඉතිං වැඩ වරදිනවා. (නි)

:       0       0

සුභාෂිනි Thursday, 19 July 2012 09:33 PM

දීපාල් මහත්තය සැපයුම් අංශයේ නේද ගොඩක් කාලයක් හිටියේ?

:       0       0

ලක්විදු Friday, 20 July 2012 07:48 PM

ඒ කියන්නේ එතකොට ඔය වැඩේම ඔතන හරිනම තියෙන එක්කෙනාම කලානම් ප්‍රශ්නයක් නැද්ද ? (දී)

:       0       0

ප්‍රිය Sunday, 22 July 2012 12:03 AM

කරන කලට පව් මිහිරිය මීසේ (දී)

:       0       0

නිමල් Friday, 20 July 2012 11:07 AM

නගරාධිපතිතුමා රංගන ශිල්ලියකු ලෙසද අගනේය යන්න මගේ අදහසයි. (නි)

:       0       0

ප්‍රදීප් Thursday, 19 July 2012 09:41 PM

ඉන්නෙනම් හොර පුසා වගේ .

:       0       0

රංජිත් Friday, 20 July 2012 11:30 AM

කොහේහරි තැනක තානාපති කෙනෙක් කරලා යැවුවොත් නරකද? (නි)

:       0       0

එරංග Thursday, 19 July 2012 10:58 PM

බළගණ ලූතිනන්වරයකු කියන්නේ කාටද ...................... බලඝන නායක හෝ පියාසර ලුතිනන්

:       0       0

එරංග Thursday, 19 July 2012 11:05 PM

එකියන්නේ ,,,ගෘප් කැප්ටන් ද ඒකට සිංහලෙන් කියන්නේ ගෘප් කපිතාන් ... එතකොට මොකක්ද මේ බළගණ ලූතිනන්?????

:       0       0

සුබ යස Thursday, 19 July 2012 11:17 PM

අපේ පරණ කොන්ත්‍රාත්තුව නේද, සභාපති බාර අරගෙන තියෙන්නේ??

:       0       0

සුදේශ් රත්නායක Saturday, 21 July 2012 01:51 PM

සිංහයා හවා වෙලා (දී)

:       0       0

ජයන්ත, සාජා සිට Friday, 20 July 2012 01:15 AM

රණවිරුවනි, ඔබ අපේ රටට සැමදාම වීරයෝ. ඒත් හොද විනයක් තිබෙන ඔබ මෙවැනි දෙකයි පනහේ වැඩ කරලා ඔබට තිබෙන ගෞරවය නැති කර ගන්න එපා. (ස)

:       0       0

චමීර Friday, 20 July 2012 01:37 PM

ඇයි දන්නේ නැහැ. මම අහවලා කියලා කතා කළේ. (ස)

:       0       0

රත්නම් Friday, 20 July 2012 06:23 AM

මේ අය සියල්ලෝම එකම පදුරක් වටා එල්ලී සිටිති.

:       0       0

හනුමා Friday, 20 July 2012 06:31 AM

වැඩේ කියන්නේ මේකනේ.හැමෝම ‍දේශපාලනේට ගියාට පස්සේ හිතන්න ගන්නේ මමයි රජා කියලනේ.

:       0       0

දිල්කි Saturday, 21 July 2012 12:37 AM

අපේ මහත්තයගේ මෝඩ වැඩ මාත් කිව්වා එපා කියලා ..... (ස.වි)

:       0       0

වරුණ Friday, 20 July 2012 07:17 AM

අපේ හමුදාවටත් ගිය කලක්. අභිමානය කෝ යුද්දෙ ඉවරවුනාට පස්සේ. ඔක්කොමලා දේශපාලුවන්ගෙන් පුරුදු වෙලා සියළු දේ අවුලෙන් අවුලට යනවා. (ස)

:       0       0

පිලිපිනෝ Friday, 20 July 2012 08:40 AM

ඒකනේ. නාමල් රාජපක්ෂගේ අංකය ගුවන් හමුදාපතිගේ ජංගම දුරකථනයේ සේව් කරලා තියෙන්නේ. ඒකවත් දන්නෙ නැද්ද මේ සභාපති. අනික නාමල් රාජපක්ෂගේ කටහඩ අදුනන්න බැරිද ?(ස)

:       0       0

ජීවා Saturday, 21 July 2012 01:33 AM

මෙහෙම වැඩ කරලත් ඔහුට ඇප දීපු එක පුදුමයි.......(සවි)

:       0       0

කිරිමාටින් Friday, 20 July 2012 08:45 AM

මෝඩ විහිළු වැඩ

:       0       0

සමන්ත Friday, 20 July 2012 08:48 AM

ඕකනේ කියන්නේ බල්ලගේ වැඩේ බූරුවට කලාම සද්දෙන් අදුනනවා කියන්නේ. ඕක නාමල්ට ම කිව්වනම් කරල දේවිනේ. (ස)

:       0       0

නිශාඩ් ප්‍රීනා. Friday, 20 July 2012 08:58 AM

හිටපු නිලධාරියා නිලයටත්, හමුදාවේ ප්‍රතිරූපයටත් අගෞරවයක් කරල තියෙන්නේ. (ස)

:       0       0

එෆ්.ජී Thursday, 19 July 2012 06:27 PM

එයාට සමාව දෙමු.නගර සභාපති කමින් ඉවත් කරමු....

:       0       0

සමනළයා Thursday, 19 July 2012 06:43 PM

භය නැතුව මෙහෙම දෙයක් කළ එකත් පුදුමයි. පවු, අපේ අහිංසක මන්ත්‍රීතුමාගේ නමත් ගෑවිලා.

:       0       0

සිසිර Friday, 20 July 2012 09:31 AM

අනේ මගේ උපන් ගමත් ඉවරයි.....

:       0       0

රාජපක්ෂ Thursday, 19 July 2012 06:58 PM

මාර වැඩේ නේ?

:       0       0

ලලිත් Friday, 20 July 2012 09:55 AM

සැම රජයේ නායකයෙක්ම, රාජ්‍ය නිලධාරියෙක්ම දැනගන්න ඕනෑ දුරකථනයෙන් උපදෙස් දෙමින් අණ දෙමින් කටයුතු නොකරන්න. ඔවුන් එහෙම කරන නිසා තමයි අනිත් අයත් දුරකථනයෙන් වෙනත් අය විදියට පෙනී සිට මේ වගේ දේවල් කරන්නේ. විශේෂයෙන්ම දේශපාලකයන් මේ ගැන හිතන්න ඕනේ. මේවගේ පළමු අවස්ථාව මෙය නොවිය හැකියි. (ස)

:       0       0

අමිල Friday, 20 July 2012 10:03 AM

අයියෝ, මගේ නම කිවුවා නම් අද ඔයාට ඔහොම වෙන්නෙ නෑනේ මල්ලී. (නි)

:       0       0

වසන්ත අම්පාර -චම්පිකා Saturday, 21 July 2012 09:18 PM

අම්පරෙත් ඉන්නවනේ චන්ඩි (දී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 13 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 815 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 594 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site