IMG-LOGO

2025 දෙසැම්බර් මස 16 වන අඟහරුවාදා


අමාත්‍යංශ වැඩ බෙදෙන්නේ මෙහෙමයි

නව රජයේ ඇමැතිවුරුන්ට අයත් රාජකාරි හා ඊට ඇතුළත් දෙපාර්තමේන්තු, ව්‍යවස්ථාපිත ආයතන හා රාජ්‍ය සංස්ථා සඳහන් කරමින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉකුත් සතියේ විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කළේය.

2015 ජනවාරි 18 වැනි දැතමින් 1897 /15 අංකයෙන් නිකුත් කර ඇති එම අති විශේෂ ගැසට් පත්‍රයට අනුව ආරක්ෂක ඇමැතිවරයාට  දෙපාර්තමේන්තු, ව්‍යවස්ථාපිත ආයතන හා රාජ්‍ය සංස්ථා 14ක් ද, ප්‍රතිපත්ති සම්පාදන, ආර්ථික කටයුතු, තරුණ හා සංස්කෘතික ඇමැතිවරයාට ආයතන 38ක් ද ඇතුළත් කර ඇත.

ආරක්ෂ ඇමැති ලෙස  සිරිසේන මහතා කටයුතු කරන අතර ප්‍රතිපත්ති සම්පාදන, ආර්ථික කටයුතු, තරුණ හා සංස්කෘතික ඇමැති වරයා ලෙස අගමැති වික්‍රමසිංහ මහතා කටයුතු කරයි.

මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යවරයා ලෙස කටයුතු කරන්නේ ද ජනපති සිරිසේන මහතාම වන අතර ඊට ආයතන 17ක් ඇතුළත්ය. ඒ අනුව සිරිසේන මහතා සතු ආයතන සංඛ්‍යාව 31කි.

පොලිස් දෙපාර්තමේන්තුව හා ආගමන විගමන දෙපාර්තමේන්තුව ඇතුළත්ව ඇත්තේ මහජන සාමය, අපදා කළමනාකරණය හා ක්‍රිස්තියානි ආගමික කටයුතු අමාත්‍යවරයා යටතටය.

මුදල් අමාත්‍යවරයාට අයත් ආයතන 35ක් එම ගැසට් නිවේදනයේ සඳහන්ය.

මේ අනුව වැඩිම ආයතන සංඛ්‍යාවක් ඇත්තේ ප්‍රතිපත්ති සම්පාදන, ආර්ථික කටයුතු, තරුණ හා සංස්කෘතික ඇමැති ලෙස කටයුතු කරන අගමැති රනිල් වික්‍රමසිංහ මහතා යටතේය.

එම ගැසට් නිවේදනයට පහත වෙබ් ලිපිනය ඔස්සේ පිවිසිය හැකිය.

http://documents.gov.lk/Extgzt/2015/PDF/Jan/1897_15/1897_15%28S%29.pdf



අදහස් (0)

අමාත්‍යංශ වැඩ බෙදෙන්නේ මෙහෙමයි

චන්ද්‍රා Sunday, 25 January 2015 03:16 PM

කාට බාර උවත් වැඩ ටික යහපාලනයට අනුවම විය යුතුය. එයයි වැදගත් (නදී)

:       0       0

චමිල Monday, 26 January 2015 04:33 AM

තාම දවස් කීයද? බලනකොට හොඳයිනෙ. (නි)

:       0       0

ජෝයි ගොඩ්රි Wednesday, 28 January 2015 06:53 PM

ඇත්තෙන්ම විශාල ඇමති මණ්ඩලයක් අඩුකිරීම ගැන විදේශගත ශ්‍රී ලාංකිකයන් වශයෙන් අපි සතුටු වෙනවා. විශාල වියදමක් අඩුකරලා ඒවායේ ප්‍රතිලාභ මහජනයාට ලබාදෙනවාට අපි සතුටුයි.නමුත් මහජනයා අවදියෙන් බලාසිටිනවගත් අමතකකරන්න එපා.එදා යුධ ජයග්‍රහණයේ සතුට විඳි මිනිසුන්ම රජය වෙනස් කළා එක රැයින්. ඒ වාගේම තමා ඔබතුමන්ලාගේ රජයත් හරියට රටට වෑඩකළොත් දින 100 පස්සේ මහජනයා තීරණය කරයි, මෑතිවරණයේදි ඡන්දය දෙන්නේ කාටද කියලා. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 13 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 815 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 594 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site