
(අංජුල මහික වීරරත්න)
රජයේ ඩිජිටල් ආර්ථික සැලැස්ම සහ ක්‍රියාකාරීත්වය පිළිබඳ අමාත්‍යාංශ ලේකම්වරුන් දැනුම්වත් කිරීමේ වැඩමුළුවක් ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේදී අද (22) පැවැත්විණි.
නව රජයේ ඩිජිටල් ආර්ථික උපායමාර්ගය හා එම උපායමාර්ගය ක්‍රියාත්මක කිරීම පිළිබඳ මෙහිදී අවධානයට ලක් වූ අතර, රාජ්‍ය සේවා කටයුතු සඳහා කෘත්‍රිම බුද්ධිය භාවිත කිරීම සම්බන්ධයෙන්ද අවධානය යොමු විය.
රජයේ ඩිජිටල් ආර්ථික ඉලක්ක සපුරා ගන්නා ආකාරය පිළිබඳවද මෙහිදී අමාත්‍යාංශ ලේකම්වරුන් සමග දීර්ඝ ලෙස සාකච්ඡා කෙරිණි.
ජනතා සේවාවන් කාර්යක්ෂම කිරීමට සහ නාස්තිය හා දූෂණය පිටුදැකීමට ඩිජිටල්කරණය භාවිත කිරීම පිළිබඳ මෙහිදී අමාත්‍යාංශ ලේකම්වරුන් දැනුම්වත් කෙරුණි.
අග්‍රාමාත්‍ය ලේකම් ජී.පී.සපුතන්ත්‍රි, ඩිජිටල් ආර්ථිකය පිළිබඳ ජනාධිපති ප්‍රධාන උපදේශක ආචාර්ය හාන්ස් විජේසූරිය, ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් රෝෂන් ගමගේ යන මහත්වරුද මෙම අවස්ථාවට එක්ව සිටියහ.

2025 නොවැම්බර් මස 04
656
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2329
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1722
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
අමාත්‍යාංශ ලේකම්වරුන්ට ’’ඩිජිටල්’’ ගැන උගන්වයි
රුවන් Thursday, 22 May 2025 08:46 PM
ගිය ආණ්ඩුවල ඇමතිලා, ලේකම්ලා පරිගණකයෙන් අසභ්‍ය දර්ශන බලලත් මාට්ටු වුණා නේද?
Naleen Samarapperuma Thursday, 22 May 2025 09:50 PM
මේ මිනිස්සු ටික දකිනකොට Dr හාන්ස් ට මොනවා හිතෙනවා ඇතිද ?
Dr. Sarath AmunugamaFriday, 23 May 2025 10:51 AM
මේ ගොං නිලධාරී කිී දෙනෙකුට තේරෙයිද? හොඳ වෙලාවට මෝඩ සේවයෙන් පිට කීපදෙනෙක් හරි ඉන්නවා.
සාලිය Friday, 23 May 2025 07:51 AM
චෙක්පත් හරහා බිල් ගෙවීම නතර කරලා BANK TRANSFER පහසුකම රජයේ ආයතන වලට හදලා දෙන්න, මුද්දරත් අරන්, චෙක් එක ගද්දි දවස් තුනක් විතර නාස්ති වෙනවා.