IMG-LOGO

2025 දෙසැම්බර් මස 17 වන බදාදා


අමතක කරලමු පැරණි කතා

දීපාවලී උත්සවය වෙනුවෙන් මේ වසරේදීද ලන්ඩන් නුවර ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලයේදී උත්සවයක් පැවැත්විණි. මහ බ්‍රිතාන්‍යයේ ජීවත්වන ශ්‍රී ලාංකික සිංහල, දෙමළ, මුස්ලිම් සහ බර්ගර් විශාල පිරිසක් සහභාගී වූ උත්සවය ආරම්භකෙරුනේ ශිවාසිරි රාමනාත කුරුක්කල් පුජක තුමන් පැවැත්වූ ආගමික වතාවත් වලින් අනතුරුවය. පුජාව අතරතුර පැමිණසිටි පිරිස අමතා රාමනාතකුරුක්කල්  පුජකතුමා සිංහලෙන් හා දෙමළෙන් කතා කළේය. ඔහු කියාසිටියේ " දීර්ඝ කාලයක් පුරා පැවති ව්‍යසනයකින් පසුව අපගේ මුබිම දැන් නව දිව්නුවක් කරා සීග්‍රයෙන් ගමන්කරනා මෙවන් කාලයක විදෙස්රටවල ජීවත්වන ශ්‍රී ලාංකික සියලුදෙනාම එකමුතුවී දේශපාලන ජාතික හෝ වෙනයම් හෝ මත වාද අමතකකර මව්රටේ දියුණුව උපකාරී වීම සඳහා  ඉදිරිපත්විය යුතු" බවයි. කුඩා අවදියේ සිය දෙමව්පියන්සමඟ යාපනයේ කල සංචාරයන්  සහ එවන් එක ගමනකදී නල්ලූර් කෝවිලේ පුජාවට සහභාගීවීම  වැනි සුන්දර සිහිවටන තවමත් සිය මතකයේ තැන්පත්ව ඇතිබවත්, ත්‍රස්තවාදයේ නිමාවෙන් පසුව ශ්‍රී ලංකාවේ සිදුවෙමින් පවතින වේගවත්  දිවූණුව සඳහා සම්මාදම්වීමට  විදෙස්ගතව ඉන්න සියලුම ශ්‍රී ලාංකිකයන්හට දැන් ඉඩප්‍රස්තාව එළැඹී ඇති බවත් පැමිණසිටි සියලුදෙනා පිළිගනිමින් මහා බ්‍රිතාන්‍යයේ ශ්‍රී ලංකා මහා කොමසාරිස් දොස්තර ක්‍රිස් නෝනිස් පැවසීය. එන්ගලන්තයේ හින්දු දේවස්ථාන මඩුල්ලේ  සභාපති බ්‍රිජ් මොහාන් ගුප්තා කතාකරමින් " දීපාවලී උත්සවයේ නිම අර්ථය එකමුතුකම" බවත් "එංගලන්තයේ ඉන්නා ශ්‍රීලාංකිකයන් එකමුතු කිරීම උදෙසා ක්‍රිස් නෝනිස් මහ කොමසාරිස් සිදුකෙරෙන මෙහෙය අගය කල යුතු බවත්" පැවසීය. ශ්‍රී ලාංකික දරු දැරියෝ  නැටුම් අංග කිහිපයක් ද ඉදිරිපත් කළහ.  



අදහස් (0)

අමතක කරලමු පැරණි කතා

සිල්වා Thursday, 22 November 2012 06:14 PM

හොද වැඩක්

:       0       0

ෂාෆික් Thursday, 22 November 2012 01:42 PM

ඇත්තෙන්ම ක්‍රිස් නෝනිස් මහ කොමසාරිස්තුමා අවංක පුද්ගලයෙක්. (නි)

:       0       0

සම්පත් Thursday, 22 November 2012 02:02 PM

පිරිත් පින්කමට වැඩිය දීපවලියට පිරිස ඇවිත්නේ .(නු)

:       0       0

චන්ද්‍රසිරි Friday, 23 November 2012 01:08 AM

ජාතික එකමුතුකම... (නි)

:       0       0

මධු Friday, 23 November 2012 01:36 AM

සිංහල සහ දෙමළ ජාතීන් අතර තියෙන්නේ ලොකු බැදීමක්. (නි)

:       0       0

ගාමිණී-කුවෙයිට් Friday, 23 November 2012 02:21 AM

නම සම්පත් වුණාට ලංකාවෙ සම්පතක් නෙමෙයි වගේ. නැත්නම් ඔය වගේ කතා කියයිද? (නි)

:       0       0

බුද්ධික Thursday, 22 November 2012 04:46 PM

ගොඩක් හොද අදහසක්. (නි)

:       0       0

හෂාන් Thursday, 22 November 2012 05:07 PM

අයියෝ සල්ලි

:       0       0

අනුර Thursday, 22 November 2012 12:48 PM

ගොඩක් ආඩම්රයි ජාතියේ එකමුතුකමට හරිම ලස්සනයි පොටෝ ටික..!(නු)

:       0       0

සිල්වා තබුක් Thursday, 22 November 2012 12:49 PM

අමතක කරලමු පැරණි කතා එක්වෙමු ජාතික දියුණ පතා..!(නු)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 69 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 868 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 615 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site