IMG-LOGO

2025 මැයි මස 14 වන බදාදා


අමුණුගම ජර්මන් නව තානාපති

ජර්මනියේ නව තානාපති ලෙසට විදේශ කටයුතු අමාත්‍යාංශයේ හිටපු ලේකම් කරුණාතිලක අමුණුගම මහතා පත්වී පැමිණියේය.

තානාපති කාර්යාලයේ සේවකයෝ නිල නිවසේදි ඔහුට සෙත් පැතීමේ පිංකමක් සංවිධානය කළහ.

 බර්ලින් සම්බෝධි විහාරාධිපති රඹුක්වැල්ලේ දේවානන්ද හිමියෝ විසින් සෙත් පිරිත් දේශනා කොට ඔහුට ආශිර්වාද කළහ.

sunil1 sunil3

 

 

 

 

 

 



අදහස් (0)

අමුණුගම ජර්මන් නව තානාපති

මංජුල Monday, 28 July 2014 07:40 PM

සුභ පැතුම්! (නි)

:       0       0

එඩ්වර්ඩ් පෙරේරා ජර්මනිය Monday, 28 July 2014 07:54 PM

රොෂාන් ද සිල්වා මහතාණෙනි, ඔබගේ නිරහංකාර වචන අගය කරමි (නි)

:       0       0

ඇනටන් Monday, 28 July 2014 11:45 AM

ජර්මන් වල ශ්‍රී ලංකා තානාපති කාර්යාලය තිබෙන්නේ ඇත්තටම කුමන නගරයේද ? (අ)

:       0       0

නයනි Monday, 28 July 2014 11:47 AM

මේ තනතුරට යන ඔක්කොම විදේශ සේවයේ විභාග පාස් කල අයද ? නැත්නම් ,දේශපාලන පත්වීමද ? (අ)

:       0       0

කීර්ති Monday, 28 July 2014 11:50 AM

විදේශ තානාපති සේවයට යන හැම කෙනෙක්ම බෞද්ධ විය යුතුද ? (අ)

:       0       0

ආචාර්ය එඩ්වර්ඩ් පෙරේරා ජර්මනිය Monday, 28 July 2014 12:16 PM

කරුණාතිලක අමුණුගම කියන්නේ විදේශ සේවයේ බොහෝ අත්දැකීම් ඇති පළපුරුදු හා දක්ෂ නිලධාරියෙක්. මීට වසර කිහිපයකට ඉහතදී ජර්මනියේ ලංකා තානාපති හැටියට පත්ව ආ ටී.බී. මඩුවේගෙදර මහතාට පසු නැවත විදේශ සේවාවේ පළපුරුදු තානාපති කෙනෙක්ව ජර්මනියට පත්කර එවීම ශ්‍රී ලංකාවට මෙන්ම ජර්මනියේ වෙසෙන ශ්‍රී ලාංකිකයින්ටත් සුබ දායක දෙයක්. මඩුවේගෙදර මහතාට පැවරී තිබුනාක් මෙන්ම අමුණුගම මහතාවත් ස්විට්සර්ලන්තය සම්බන්ධව කටයුතු කිරීමට පත් කරන්නේ නම් එහි බොහෝ ධනාත්මක වටිනා කමක් තිබේ. අමුණුගම මහතා ට ජර්මනියේ වෙසෙන ශ්‍රී ලාංකිකයින් වෙනුවෙන් උණුසුම් සුබ පැතුම්! (අ)

:       0       0

ඩී‍පී සමරජීව Monday, 28 July 2014 09:11 PM

රොෂාන් ද සිල්වා මහතාණෙනි, නිලෙන් අඩු තනතුරකට පත් කරන්නේ ඇත්තේ බලෙන් අඩු නිසා වෙන්න ඇති (නදී)

:       0       0

රොෂාන් ද සිල්වා Monday, 28 July 2014 12:51 PM

ආචාර්ය එඩ්වර්ඩ් පෙරේරා මහතාටයිඅමුණුගම මහතා දක්ෂයෙක් යැයි දැන ගැනීම සතුටට කරුණක්. ප්‍රශ්නය නම් ඔහු වැනි දක්ෂයෙකු විදේශ කටයුතු අමාත්‍යංශයේ ලේකම් ධූරය දරද්දී, එයින් ඔහුව අයින් කර තානාපති ධූරය වැනි ලේකම් ධූරයට වඩා නිලෙන් අඩු තනතුරකට පත් කරන්නේ කුමන දක්ෂතාවය පදනම් කරගෙනද? දන්නේ නැති නිසයි අහන්නේ. ජර්මනියේ තානාපති ධූරයද ජ්‍යෙෂ්ඨ නැතිනම් විදේශ කටයුතු අමාත්‍යංශයේ ලේකම් ධූරයද? මම නම් සමත් වුණේ අ.පො.ස. සාමාන්‍ය පෙළ පමණයි. (අ)

:       0       0

දේවිකා රොඩ්රිගෝ Tuesday, 29 July 2014 01:26 AM

අමුණුගම උණුසුම් සුබ පැතුම්. (නදී)

:       0       0

ජිරසිංහ ජර්මනිය Tuesday, 29 July 2014 08:42 AM

මා අසා ඇති පරිදි මෙතුමා වෘතියමය විදේශ සේවා නිලධාරියෙක් (Career Diplomat). විදේශ සේවය පිළිබඳව මනා පළපුරුද්දක් සහ දැනුමක් ඇති නිලධාරියෙක්. ජර්මනියට පැමිණි විටම ත්‍රිවිධ රත්නයේ ආශිර්වාදය ලබා ගැනීම හොඳ ආරම්භයක්. ලකුණු දා ගන්නට දඟලන වංක වීරයින්ගේ බටර් ගෑම් වලට මෙතුමා සියලු දෙවි දේවතාවුන්ගේ පිහිටෙන් අසු නොවෙත්වා!!!! (අ)

:       0       0

අනුර ඩබ්ලිව් සෙනව්රත්න Tuesday, 29 July 2014 02:42 AM

කාට උනත් දැනගන්න කියන්නේ දැන් දැන් ඔය ජෝබ් දේන්නේ උගත් කමට නෙවි. කඩේ ගිය තරම අනුව. ඒ නිසා මේ පත්වීම් වලින් අපි ඉපදුන රටටත් වැඩක් නැහැ. අපි ජිවත් වෙන රටටත් වැඩක් නැහැ. ඒ අය බෙදාගෙන ඒ අයම කනවා. (නදී)

:       0       0

ගාමිණී - සිරිවර්දන Tuesday, 29 July 2014 09:10 AM

කරුණාතිලක අමුණුගම මහතා උගත් කමින් පරිපුර්ණ ,විදේශ සේවයේ මනා පලපුර්ද්දක් ඇති දක්ෂ,අවංක, කඩවසම් ,කාර්ය ශුර නිලධාරියෙක් !ජපානය,චීනය හා රටවල් කීපයකම තානාපති තනතුරු දරා විදේශ අමාත්‍යාංශයේ ලේකම් තනතුරක් දැරීමට උගත් කම මුල්වුවා මිස පත්වීමක් ලබා ගැනීමට කඩේ යායුතු පුද්ගලයෙක් නම් නොවේ !රටට සේවයක් ලබා ගතහැකි බලාපොරොත්තු වෙනවාට වඩා සේවයක් කිරීමට දක්ෂ ඔබතුමාට ශුභ ! (අ)

:       0       0

මිනිපෙ Monday, 28 July 2014 03:17 PM

අපේ වගේ කුඩා රටක් නියෝජනය කිරීමට හැම රටකම තානාතිපති කාර්යාල අවශ්‍යයි මම හිතන්නේ නැත.මුළු යුරෝපයටම තානාතිපති කාර්යාල දෙකක් ඇති.(අ)

:       0       0

පියුමාල් Tuesday, 29 July 2014 04:49 AM

දැන් ඔය හැම රටකටම තානාතිපතිවරු දෙන එකේ බෘනායි වලටත් එක කාර්යාලයක් දෙන්න පුලුවන්නම් ලොකු දෙයක් (නදී)

:       0       0

නයනා Monday, 28 July 2014 03:49 PM

හොදක් වෙනවානම් එපමණයි (දී)

:       0       0

ප්‍රියන්ත Monday, 28 July 2014 04:14 PM

රොෂාන් ද සිල්වා වාගේ මමත් අ.පො.ස සාමාන්‍ය පෙල විතරයි සමත්, එහෙම වුනේ කොහොමද යන්න අපට නොතේරෙන නිසා වෙන්න ඇති මෙතතනින් එහාට ඉගෙන ගන්න බැරි වුනේ. මටත් තේරෙනවා මේවා තේරුම් ගන්න අපේ සාමාන්‍ය පෙල දැනුම මදි කියලා. ජ්‍යෙෂ්ඨයන් ශ්‍රේෂ්ටයන් කිරීමටත් නොකිරීමටත් විශේෂ කම මාර්ග ඇති බව මට සිතේ.(දී)

:       0       0

දිසානායක Tuesday, 29 July 2014 06:14 AM

රොෂාන් සිල්වා මහතා වෙත, ඔබ සත්‍ය ප්‍රකාස කිරීම ගැන මම සතුටු වෙමි. ඔබට සාමන්‍ය දැනුම නැති කම ගැන මම දුක් වෙමි. අමුණුගම මහතා අමත්යන්සයෙන් ගලවා මෙම තනතුර දුන්න නොව ඒ මහතා නියම ලෙස වයස 60 පැනපු පසු සේවයෙන් විශ්‍රාම ගියා. රට වෙනුවෙන් වැඩක් කල හැකි මෙවැනි පුද්ගලයින් විදේශ සේවයට එක් කිරීම ගැන සතුටු වෙමි. මෙතුමා මහජන චීනයේ තානාපති වසයෙන් ඉතා උසස් සේවයක් කල මහතෙකි. ඔබට ජය අමුණුගම මහතාණෙනි. (නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

එසැණ පුවත්

කාදිනල්තුමෝ නව පාප්වහන්සේ හමුවෙති
2025 මැයි මස 14 143 0

මැල්කම් රංජිත් කාදිනල් කොළඹ අගරදගුරුතුමන් නව පාප්වහන්සේ ශුද්ධොත්තම 14 වැනි ලියෝ පාප් වහන්සේ හමුවූහ.


ජනාධිපති කාර්යාල වෙසක් සැමරුම් දෙවන දිනටත්
2025 මැයි මස 14 104 0

කොළඹ හුණුපිටිය ගංගාරාම විහාරස්ථානය, ජනාධිපති ලේකම් කාර්යාලය සහ අග්‍රාමාත්‍ය කාර්යාලය එක්ව සංවිධානය කරන බුද්ධ රශ්මි වෙසක් කලාපයට සමගාමීව පැවැත්වෙන


දෙමටගොඩ ඝාතනයට හතරක් අල්ලයි
2025 මැයි මස 14 546 0

දෙමටගොඩ ගුවන් පාලම යට නවාතැන් ගෙන සිටි ලියාපදිංචි අපරාධකරුවෙක් පසු පස එලවමින් අතින් පයින් හා පොලු වලින් පහරදී ඝාතනය කළ තරුණයන් සිව් දෙනෙකු අත්අඩංගු


වෙන්නප්පුව මුහුදේ අතුරුදන්වු දෙන්නකුගේ සිරුරු වෙරළට
2025 මැයි මස 14 133 0

වෙන්නප්පුව වෙල්ලමංකරේ මුහුදෙ ගිලි අතුරුදහන් වු තිදෙනාගෙන් දෙදෙනෙකුගේ සිරුරු අද(14 ) උදෑසන එම පිරිස දිය නෑමට ගිය වෙල්මංකරේ මුහුදු තිරයට ගොඩ ගසා තිබු බව


රම්බොඩ බස් අනතුරින් තුවාල ලැබූ තවත් අයෙක් මරුට
2025 මැයි මස 14 684 0

කොත්මලේ රම්බොඩ ගැරඩි ඇල්ල ප්‍රදේශයේදි ඉකුත් 11 වන දින සිදු වු බස්රථ අනතුරින් බරපතල ලෙස තුවාල ලබා ගම්පොළ මූලික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින්


යාපනය නගර බිල්ඩිමට සල්ලි කාලා
2025 මැයි මස 14 319 1

යාපනය නගර සභා ගොඩනැගිල්ල නැවත ගොඩනැගීමේ කටයුතුවලදී මූල්‍ය අවභාවිතයක් සිදුව ඇතැයි ජාතික විගණන කාර්යාලය නිකුත් කළ වාර්තාවක සඳහන් වේ.


මේවාටත් කැමතිවනු ඇති

හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී 2025 මැයි මස 09 1350 0
හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී

ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 1574 1
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 410 2
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

Our Group Site