'හෙළයේ මහා ගාන්ධර්වයා' ලෙස විරුදාවලි ලැබ සුවහසක් ශ්‍රී ලාංකිකයන්ගේ ගෞරවාදරයට ලක්වසිටි ආචාර්ය පණ්ඩිත් අමරදේවයෝ සිය දිවි මගින් නික්ම ගියහ.
හදිසි රෝග තත්ත්වයක් නිසා ශ්‍රී ජයවර්ධනපුර රෝහලේගත කළ පණ්ඩිත් අමරදේවයෝ අද (03දා) උදෑසන එහි දැඩි සත්කාර ඒකකයේදී අභාවප්‍රාප්ත විය.
ජන සංගීතය, ශාස්ත්‍රීය සංගීතයමෙන්ම සරල සංගීතය යන තෙවැදෑරුම් සංගීත ශෛලීන්හි සමත්කම් දැක්වූඑතුමා ශ්‍රී ලංකාවේ කැලිප්සෝ සංගීතයේ පළමු ගීය වන 'ගයන ගැයුම්' ගීතයේ නිර්මාතෘවරයා වශයෙන් වෙනස් ශෛලියක ආරම්භයද සනිටුහන් කළේය.
සිය දූපුතුන්ද කලා විශාරදයන් වශයෙන් කලාවට දායාද කළ පණ්ඩිත් අමරදේවයන් කෘතහස්ත වයලීන වාදකයෙකු ලෙස සංගීතයට පිවිසියේය.
දෙස් විදෙස් සම්මාන රැසකට හිමිකම් කී ඔහු ආසියාවේ නොබෙල් ත්‍යාගය ලෙස සැලකෙන මැග්සෙයිසේ සම්මානයටද පාත්‍ර විය. මිය යනවිට 88 වැනි වියේ පසූ ඒ මහතා රජයේ සෞන්දර්ය විශ්වවිද්‍යාලයේ පීඨාධිපති තනතුර හෙබවීය.
අභාවප්‍රාප්ත පණ්ඩිත් අමරදේවයන්ගේ දේහය හෙට (04දා) උදෑසන නවයට බොරැල්ල ජයරත්න මල් ශාලාවේ සිට පා ගමනින් කොළඹ 07, නිදහස් චතුරශ්‍රය වෙත ගෙන ඒමට නියමිතය.
උදෑසන 10.00 සිට නිදහස් චතුරශ්‍රයේ මහජන ගෞරවය පිණිස තැන්පත් කෙරෙන දේහය පිළිබඳ ආදාහන කටයුතු අනිද්දා (05දා) සවස 3.30ට ආගමික වතාවත් ඉටුකිරීමෙන් අනතුරුව නිදහස් චතුරශ්‍රයේදීම සිදු කිරීමට නියමිතය.
ශ්රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
අභාවප්‍රාප්ත පණ්ඩිත් අමරදේවයන්ගේ දේහය හෙට නිදහස් චතුරශ්‍රයට
ආචාර්ය එඩ්වර්ඩ් පෙරේරා Friday, 04 November 2016 02:18 AM
දේහය වෛද්‍ය විද්‍යාලයට බාරදීමක් පිළිබඳ රාවයක් තිබෙන නිසා, ජනතාව තුළ කුතුහලයක් ඇතිවී තිබෙනවා ආදාහනය කිරීමක් කෙරේවිද කියා. මරණින් පසු තම දේහය වෛද්‍ය විද්‍යාලයට බාරදෙන්න එතුමා ඉල්ලීමක් කර තිබුනේනම් පවුලේ අය සමඟත් ඒ ගැන සාකච්ඡා කර කල්තියාම ජනතාව දැනුවත් කිරීමක් කළයුතුව තිබෙනවා. (නි)