
ඉන්දීය අභ්‍යවකාශ ආයතනය, මෙම වසරේ, ගගනගාමීන් සිවු දෙනකු අභ්‍යවකාශයට යැවීමට බලාපොරොත්තු වෙයි. ඒ, ඉන්දියාවේ නිෂ්පාදිත රොකට්ටුවක් සහ ගගන කැප්සියුලයක ආධාරයෙනි.
එසේ අභ්‍යවකාශයට යන ගගනගාමීන් සිවුදෙනා කවුරුන්දැයි හඳුන්වා දීම සිදුවූයේ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ ද ප්‍රධානත්වයෙනි. ‘ගගනයාන්’ යන නමින් නම් කළ එම මෙහෙයුමට සහභාගී වන ගගනගාමීන් සිවුදෙනා වන්නේ, ප්‍රශාන්ත් නායිර්, ඇන්ගාඞ් ප්‍රථාප්, අජිත් ක්‍රිෂ්ණාන් සහ සුභාෂ් ෂුකාලාය.
‘ගගනයාන්’ යනු ඉන්දීය අභ්‍යවකාශ ආයතනයේ ගගනගාමීන් යොදා ගෙන සිදු කරන පළමු අභ්‍යවකාශ මෙහෙයුම වනු ඇත.‘ගගනයාන්’ මෙහෙයුමේ දී ගගනගාමීන් කණ්ඩායම කිලෝ මීටර් 400 ක් ඉහළ අභ්‍යවකාශට ගොස් ආපසු පැමිණෙනු ඇත.
2025 දෙසැම්බර් මස 18
272
0
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
184
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
991
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
අභ්‍යවකාශයට යන ඉන්දීය ගගනගාමීන් හඳුන්වා දෙයි
Sachith Tuesday, 27 February 2024 04:31 PM
අපිටත් රොකට් මෑන් කෙනෙක් හිටියා..., කොහේද කුහක මිනිස්සු අරගල කරලා පෙන්නුවනේ. නැතිනම් ඉන්දියාවට කලින් අපේ කුමාරවරු උඩ යනවා.
බද්රානි Tuesday, 27 February 2024 09:50 PM
ඉන්දියාවටත් ඔය "රොකට් ඇම්ම" හැදුනේ ලංකාවේ අපේ රොකට් කාරයාගේ වැඩ දැකලා වෙන්න බැරිද..? අනික ඔය හිඟන ඉන්දියන් කාරයෝ වගේද අපේ රොකට් වැඩ්ඩා, ඩොලර් මිලියන තුන්සිය ගාණක් වැය කරලානේ රොකට් එක යැව්වේ... ඉන්දියානුවන් වගේ ආපසු හැරිලා එන රොකට් නෙමේ අපේ මෑන් යැව්වේ... ඒක හොයාගන්න දැන් නාසා ආයතනයත් වෙනම පරීක්ෂණ කරනවාලු... මොනවා වුණත් අභ්‍යවකාශයටත් වඩා ඉහළින් ඔය සියලුම රටවල්වල රොකට්වලට උඩින් ලංකාවේ ජාතික ධජය ලෙලදෙන එක මතක් වෙද්දී, කන්න නැතත්, ඉන්න රටක් විතරක් නෙමේ, අපි රොකට් එකකත් අයිතිකාරයෝ නේද කියලා හිතෙද්දී, මාරම ආඩම්බරයක් හදවතට දැනෙනවා අප්පා...
Nimal Wednesday, 28 February 2024 07:47 AM
අපේ කුමාරවරු උඩගියේ ඔවුන්ගේ අලි ඔලුවෙන්. එසේ උඩගිය අය පස්ස බිම ඇනගන්න දවස දැන් අතළඟ...