( තිළිණි ද සිල්වා, රංජන් කටුගම්පොළ)
මාලබේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයෙන් ( සයිටම් ) උපාධිය ලබා පිටවන සිසුන්ට වෛද්‍ය වෘත්තිකයින් ලෙසට ලියාපදිංචි වීමට නීතිමය අයිතියක් ඇති බවට තීන්දු කරමින් දෙන ලද අභියාචනාධිකරණ තීන්දුව අභියෝගයට ලක් කරමින් ශ්‍රී ලංකා වෛද්‍ය සභාව අද (13) ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ඇපෑලක් ගොනු කළේය.
එම නඩු තීන්දුව බල රහිත කරන නියෝගයක් නිකුත් කරන්නැයිද මෙම අපෑල මඟින් ශ්‍රී ලංකා වෛද්‍ය සභාව ඉල්ලා ඇත.
මාළඹේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය (සයිටම්) ,උසස් අධ්‍යාපන සහ මහාමාර්ග අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල ,එම අමාත්‍යාංශ ලේකම් ,අභියාචනාධිකරණ පෙත්සම්කාර සිසුවිය වන මල්ෂානි දිලූම් කසුන්දා සූරිය ආරච්චි ඇතුළු පුද්ලගලයින් හයදෙනකු එහි වගඋත්තරකරුවන් වශයෙන් නම් කරනු ලැබ සිටිති.
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
අභියාචනාධිකරණය සයිටම් වෙනුවෙන් දුන් තීන්දුවට එරෙහිව ඇපෑලක්
janaka Tuesday, 14 March 2017 03:33 AM
මෙම ඇපෑල මුළුමනින්ම නිශ්ප්‍රභා විය යුතුයි.මුදල් ගෙවා හෝ නොමිලේ නිසි අධ්‍යාපනයක් ලබා සුදුසුකම් සහිත දරුවන් මෙම තනතුරුවලට පත්විය යුතුයි.මෙයට එරෙහිව කටයුතු කරන පුද්ගලයන් සොයා බැලිය යුතුයි.ප්‍රමුක කාරණාව වන්නේ විද්‍යා විශය හදාරා විශ්ව විද්‍යාලයට ඇතුළු වීමට අවම සුදුසුකම් ලබන සියළු දරුවන්ට විශ්වවිද්‍යාලයට ඇතුළු වීමට නොදෙන්නේ ඇයි? යන්නයි. අප සියළු දෙනා විරුද්ධ විය යුත්තේ එයටයි.
ධම්ම Tuesday, 14 March 2017 04:55 AM
විශ්ව විද්‍යාලයට ඇතුළු වීමට අවම සුදුසුකම් ලබන සියළු දරුවන්ට විශ්ව විද්‍යාලයට ඇතුළු වීමට ඉඩ සැලසිය යුතුයි. එවිට පෞද්ගලික විශ්ව විද්‍යාල අවශ්‍යතාවයක් මතුවන්නේ නැත.
Ranjith Silva Tuesday, 14 March 2017 09:34 AM
දැනීම හුවමාරු භාණ්ඩයක් බැවින් මුදල් ගෙවීමකින් හෝ ලබා ගැනීමට අවස්ථාව තිබිය යුතුවේ. හොර වෙද්දු නතර කරගන්න බැරි විද්‍යා සභාව දැන් පණ ගහල ඇවිත් මේකට විරුද්ධව. අධ්‍යාපන නිදහස තහවුරු විය යුතුය. ඔහොම යමු.
වසන්ත Tuesday, 14 March 2017 09:57 AM
අපිත් අකමැති , හැබැයි කව්ද පිටවෙන දොස්තර සුදුසුකම් පරීෂකරන්නේ
kalapa Tuesday, 14 March 2017 09:59 AM
ගංකාවේ තිබෙන ජාත්‍යන්තර පාසල්වල දරුවන් රජයේ විශ්වවිද්‍යාල වලට ගන්නේ නැහැනේ. එවැනි අය පිට රටම යන්න ඕනද හැමටම උසස් අධ්‍යාපනය අහිමිද?
aravinda Wednesday, 15 March 2017 12:04 PM
ධම්ම ගේ අදහස හොඳයි නමුත්, සිසුන් ලක්ෂයකට වැඩි ප්‍රමාණයකට වසරක් පාසා විශ්වවිද්‍යාල දීම නඩත්තු කිරීමට බදු ගෙවන්න කැමති කව්ද? අද VAT බදු සුළු ප්‍රතිශතයකින් වැඩි කලොත් කී දෙනෙක් විරෝධය පානවද? මෙවැනි බදු වැඩි කිරීම් වලට බොහෝ විට විරුද්ධ වන්නේ සියලු දේ "නොමිලේ" දිය යුතු යයි කියන වාමාංශික දේශපාලන පක්ෂ. එම නිසා ඔබ හිතන දේ යථාර්තය නොවේ, එය නිකම් දවල් හීනයක් පමණයි.