IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


අපේ රෝහල රැක දෙන්න

( දිල්රුක්ෂි ග්‍රේරු)

මාතලේ , ලග්ගල පල්ලේගම ප්‍රාදේශිය රෝහල රැක දෙන්නයි ඉල්ලා අද (20) රෝහල ඉදිරිපිටට රැස්වූ ගම්වාසීහු උත්ඝෝෂණයක නිතරවූහ.

අලුතින් ඉදිකරන ලද රෝහලේ පහසුකම් රැසක් තිබුණද ඒවා මෙම ගම්මානවල ජනතාවට ප්‍රයෝජනයක් ගත නොහැකි පරිද්දෙන් ඉහළ බලධාරීන් ඒවාට වැට බැද ඇතැය ඔවුහු එහිදී චෝදනා කළහ.

පසුගිය කොරෝනා සමයේ කොරෝනා රෝගීන් සඳහා රෝහල වෙන් කර තිබීයදී රෝහලට නවීන වෛද්‍ය යන්ත්‍රඋපකරණ පවා හිමි වූ අතර මේ වන විට ඒවා දඹුල්ල සහ ගලේවෙල යන රෝහල්වලට රැගෙන යාමට සැලසුම් කර ඇතිබවටද ඔවුනට විශ්වාස කටයුතු ආරංචිමාර්ග ලැබී ඇතැයි රෝහල් කමිටුව සඳහන් කරයි.

තම ප්‍රදේශයේ පහසුකම් සහිත මෙම  ප්‍රාදේශිය රෝහල මහ රෝහලක් බවට පත් කරනවා යන්න බලධාරීන් පොරොන්දු ලබා දී තිබුණද මේ වන විට ඒ සියල්ල බොරුවක් බවට පත්වී රෝහල වැසී යාමේ තර්ජනයකට ලකව ඇතැයි ඔවුහු කියති.

එමෙන්ම රෝහල් සේවකයින්ද විටින් විට ස්ථාන මාරුවීම් ලබා දීමෙන් රෝහල තව තවත් වැසී යාමේ තර්ජනයටම ලක්ව ඇතැයි ඔවුහු කියති.

 පැය තුනකට ආසන්න කාලයක් ලග්ගල රෝහල ඉදිරිපිට වර්ජනය පැවැති අතර රෝහල් බලධාරීන් මැදිහත්ව උද්ඝෝෂකයින් සමඟ සාකච්ඡා කිරීමෙන් අනතුරුව වර්ජනය තාවකාලිකව නැවත්වීමට පියවර ගත් බව උද්ඝෝෂකයෝ පැවසූහ.

ගම්වාසීන්ගේ චෝදනා සම්බන්ධයෙන් විමසීමේදී රෝහලේ ඉහල බලධාරියකු සඳහන් කළේ  ප්‍රාදේශිය රෝහල මූලික රෝහලක් සිදු කිරීම සම්බන්ධයෙන් මේ වන විටත් බලධාරීන්ගේ අවධානය යොමුව ඇති බවයි.

එමෙන්ම කොරෝනා කාලයේදී රෝහලට ලැබුණු විශේෂ ප්‍රතිකාර ඒකකයේ ඇතැම් උපකරණ විශේෂඥ වෛද්‍යවරයකු  නොමැතිවීමෙන් භාවිතයට නොගෙන තිබෙන බවත් වෛද්‍යවරයකු සිටියානම් එම ප්‍රශ්නය ද විසදෙන බවත් ඔහු සඳහන් කළේය. ගැමියන්ගේ ඉල්ලීම් වලට මේ වන විට ඉහලින් යහපත් ප්‍රතිචාර ලැබී ඇති බව දැනගන්නට ඇතැයිද එම ප්‍රකාශකයා කීවේය.



අදහස් (0)

අපේ රෝහල රැක දෙන්න

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 428 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 237 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1029 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site