IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


අපේ කෝපිවලට අරාබියෙන් ලොකු සහතිකයක්

(අංජුල මහික වීරරත්න)

ශ්‍රී ලංකාවේ කෝපි ලෝකයේ හොඳම කෝපි අතර ප්‍රමුඛත්වය ගන්නා බව එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ මෙරට තානාපති Khaled Al Ameri මහතා කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා සමඟ පැවසීය.

මෙරට කෝපි වගාව පුළුල් කිරීම සඳහාත්, අගය එකතු  කළ නිෂ්පාදනයක් වශයෙන් ජාත්‍යන්තර වෙළෙඳපොලට හඳුන්වා දීමෙන් විශාල විදේශ විනිමය ප්‍රමාණයක් උපයා ගත හැකි බවද තානාපතිවරයා කීය.

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ මෙරට තානාපතිවරයා සහ කෘෂිකර්ම අමාත්‍යවරයා අතර  කෘෂිකර්ම අමාත්‍යාංශයේ පැවති හමුවකදී මේ බව ප්‍රකාශ කෙරිණි.

කෘෂි අංශ නවීකරණය හා මෙරට කෘෂි නිෂ්පාදන අගය එකතු කළ නිෂ්පාදන වශයෙන් අපනයනය ඉලක්ක කර ගනිමින් සැකසීම සම්බන්ධව රජයේ වැඩ පිළිවෙළ සම්බන්ධව කෘෂිකර්ම  අමාත්‍යවරයා මෙහිදී කරුණු ඉදිරිපත් කළේය.

එහිදී අදහස් දක්වමින් එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ තානාපතිවරයා පැවැසූයේ  අරාබි රටවල ශ්‍රී ලංකාවේ කෝපි ඉතා ජනප්‍රිය බවයි. අගය එකතු කළ නිෂ්පාදනයක් වශයෙන් මෙරට කෝපි විදේශ වෙළෙදපොලට හඳුන්වා දෙන්නේ නම් ශ්‍රී ලංකාවට විශාල විදේශ විනිමය ප්‍රමාණයක් උපයා ගත හැකි බවද එමෙන්ම  මෙරටට අවශ්‍ය යුරියා පොහොර හා අනෙකුත් පොහොර ලබා ගැනීම සඳහා අවශ්‍ය සහයෝගය දීමට හැකි බවද තානාපතිවරයා සඳහන් කළේය.



අදහස් (1)

අපේ කෝපිවලට අරාබියෙන් ලොකු සහතිකයක්

fairoos Thursday, 07 September 2023 07:05 PM

නන්දසේන මේවා නවත්තලා තමයි රටට හෙණ ගැහුවේ...

:       0       5

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 319 1
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 204 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1000 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site