IMG-LOGO

2025 දෙසැම්බර් මස 27 වන සෙනසුරාදා


‘අපේ කටේ පිට්ටු නෑ ‘

ඉන්දියා ශ්‍රමිකයින්ට මෙරට ශ්‍රම වෙළඳපොළ විවෘත කරමින් රජය අත්සන් තැබීමට යන ඉන්දු ලංකා ආර්ථික ගිවිසුම මගින් රටේ ආර්ථික සවෛරීයත්වය විනාශවී යන අතරම මෙරට ශ්‍රමිකයින්ටද ගැටලු රැසක් ඇතිවිය හැකි බව ජනතා විමුක්ති පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමෙන්තු මන්ත්‍රී බිමල් රත්නායක මහතා පැවසීය.

ලොව බොහෝ රටවල් තම රටට ඉන්දියා ශ්‍රමිකයින් ඇතුල්වීම පාලනයට විශේෂ සීමා දමා තිබියදීත් සාපේක්ෂව කුඩා ආර්ථියක් ඇති ශ්‍රීලංකාව වැනි රටක් ඉන්දියා ශ්‍රම වෙළපොළට විවෘතවීම ඉතාම බරපතල තත්ත්වයක් බවද මන්ත්‍රීවරයා සඳහන් කළේය.

අවශ්‍ය අවස්ථාවලදී ඕනෑම රටක් සමග ගිවිසුම් අත්සන් කිරීමේ වරදක් නැතත් රටේ ආර්ථිකය ස්වෛරීයත්වය විනාශ කරන්නාවූ ගිවිසුම් අත්සන් කිරීමට ඉඩ නොදිය යුතු බවද බිමල් රත්නායක මහතා කීවේය.

ලංකාවේ කිසිවකුටත් නොදන්වා ඉන්දියාවට මෙය ලබාදීමට රජය ගන්නා උත්සාහය ගැතිකම ප්‍රදර්ශනය කිරීමක් යැයි ඔහු පැවසුවේය.

බිමල් රත්නායක මහතා මේ බව පැවසුවේ බත්තරමුල්ල,පැලවත්තේ පිහිටි ජනතා විමුක්ති පෙරමුණු මූලස්ථානයේදී අද (24) පැවැති මාධ්‍ය හමුවකදීය.

ඡායාරූප ලහිරු හර්ෂණ

JVPPRESCON-0124-01 JVPPRESCON-0124-02



අදහස් (0)

‘අපේ කටේ පිට්ටු නෑ ‘

අමා Sunday, 24 January 2016 03:29 PM

සාම ගිවිසුම වගේ තියේවි .අත්සන් කරනවා ජනපති දන්නෙත් නැති වෙයි. එයා හැම දෙයක්ම දන්නේ වුනාට පසුවනේ (බ)

:       0       0

සුජීව Sunday, 24 January 2016 04:18 PM

ජ වී පෙත් මේකට හවුල්, දැන් බබාල වෙන්න හදනවා, ප්‍රතිපත්තියක් නැති ටිකක් තමා ජ වී පෙ කියන්නේ. (බ)

:       0       0

චන්න Sunday, 24 January 2016 05:10 PM

මෙයාලට ඡන්දෙ දුන්නේ ඉන්දියාවේ අයද දන්නෙ නැහැ (නි)

:       0       0

කරු පෙරේරා Sunday, 24 January 2016 06:17 PM

දැන්වත් තේරුම් ගිය එක ගැන සතුටුයි. විමල් ඒක කියනකොට එයාව පතුරු ගැහුවා. (නි)

:       0       0

අරුණ Monday, 25 January 2016 07:23 AM

රට නගා සිටවපු පුරෝගාමියාව එලවා දැමු ජනතාවට හොඳ පාඩම්! මම නම් දැන් උපේක්ෂා සහගතව බලාගෙන ඉන්නවා. (බ)

:       0       0

දෙව්මිණි Sunday, 24 January 2016 07:52 PM

පේනවා නේද රටට වෙන්න යන දේ? මහින්ද ගෙදර යවන්නනේ හැමෝටම ඕනෑ වුණේ. යහපාලනය දැන් කොහොමද? (නි)

:       0       0

පී. ඉලංගරත්න Sunday, 24 January 2016 11:03 PM

ආණ්ඩුව හදන්න උදව්කළ වර්තමාන ජවිපෙ නායකයොත් මෙයට වගකිවයුතුයි. (නි)

:       0       0

රූපසිංහ Sunday, 24 January 2016 11:06 PM

ඉන්දියාව දකුණු ආසියාවේ බලවත්වීමේ ප්‍රතිඵලය වෙන්නේ ඔවුන්ගේ නිෂ්පාදන වලට වෙළඳපොල යුරෝපයට ඇමරිකාවට වඩා දකුණු ආසියාව පහසුවීම නේද? (නි)

:       0       0

රූපසිංහ Sunday, 24 January 2016 11:13 PM

ඉන්දියාවේ තිබෙන රැකීරක්ෂා ප්‍රශ්නයට අපේ රටින් කිසියම් පිළිතුරක් ලැබී තිබෙනවා. ඉතින් ඒකේ වරද ඉන්දියාව නොවෙයි, අපේ. අපේ නායකයන් අප රටේ ජනතා අවශ්‍යතාවයනුත් අපේ ප්‍රශ්නත් දෙගුණ තෙගුණ නොකිරීමත් වගබලාගන්න ඕනෑ. (නි)

:       0       0

සමන්ති Monday, 25 January 2016 01:07 AM

දැන් කොළඹ හෝටල් පරික්ෂා කළොත් ඉන්දියානු , පාකිස්තානු ශ්‍රමිකයන් නැද්ද කියන්න (නි)

:       0       0

ඉන්දික Monday, 25 January 2016 01:34 AM

බිමල් කොහෙද කියන්නේ අපේ කටේ පිට්ටු නෑ කියලා (බ)

:       0       0

රොහාන් දයාදර Monday, 25 January 2016 01:44 AM

ඉන්දියාවේ ගණිකාවන්, කොළඹ වැඩ පටන්ගනිවී. අලුත් ආරංචියක් ...අතමානට ගන්න තියේවි...පරිස්සමින් ..(බ)

:       0       0

අනුර Monday, 25 January 2016 01:58 AM

ඉස්සර වතු දෙමළ මිනිසුන්ට ලංකා පුරවැසිබාවය දුන්නා වගේ දැන් ඉන්දියන්කාරයෝ ලංකාවට ඇවිල්ලා.‍ ඊටපස්සේ ලංකාවේ කාන්තාවන් සමඟ විවාහවුණාම නියමෙට තියෙයි (නි)

:       0       0

බමුණු ආරච්චි Monday, 25 January 2016 02:05 AM

පිට්ටු නැත්නම් මේකට පියවරක් ගන්න බැරි ඇයි? (නි)

:       0       0

ලලිත් Monday, 25 January 2016 03:03 AM

මේ ගිවිසුමෙන් රටට වන හානියට වැඩියෙන් හානියක් ඔබතුමාලට වෙනවා. මොකද ඉන්දියන්කාරයෝ ඔය කියන කියන වෙලාවට වැඩ වර්ජන උද්ඝෝෂණ වලට නොඑන නිසා. ඔය වැඩේට අපිත් විරුද්ධයි තමයි. ඒ වුණත් තමන්ට වෙන හානිය ගැනත් ඇත්තටම කියලා වැඩේට බැස්සා නම් නේද හොඳ? (නි)

:       0       0

සිරි Monday, 25 January 2016 03:06 AM

රැකියා දස ලක්ෂයක් දෙනවා කිව්වට බැලුවහම ඒක ඉන්දියාවටනේ. අපිට නෙමෙයි වගේ (නි)

:       0       0

ශාන්ත Monday, 25 January 2016 03:10 AM

මුළු රටම එකට එකතුවී උද්ඝෝෂණය කලයුතු අවස්ථාවක් මේක. මේ එක එක්කෙනාට ඕන ඕන විදිහට ගිවිසුම් ගහන්න ගියොත් මේ රටේ පොදු ජනතාවට විඳවන්න වෙන්නේ. පක්ෂ පාට භේදයක් නැතුව එකතුවිය යුතුයි. (කෞ)

:       0       0

නිලන්ත ගමගේ Monday, 25 January 2016 03:51 AM

ලංකාවේ කම්කරුවන් (මම අදහස් කරන්නේ අත් උදව්කරුවන් , බර වැඩ කරන අය )සේවයට ගන්න හිඟ නිසා කම්කරුවන් ඉන්දියාවෙන් හා පකිස්තාන් වගේම බංග්ලාදෙශ්වලින් ඇවිත් දැනටම වැඩ . කොළඹ ආපනශාලා වල ඉන්නේ ඉන්දියන් පිලිපීන සහ තායිලන්ත කුක්ලා. දැන් සිංගප්පුරුවේ වගේ පුසෝ(වීසා නැතිව හොරට ඉන්න අය ) පිරිලා (බ)

:       0       0

සරත් Sunday, 24 January 2016 12:21 PM

අපේ කට්ටියට ප්‍රතිපත්තියක් නැහැ. (ර)

:       0       0

අයන්ත Monday, 25 January 2016 06:36 PM

දැන් හොඳයිනේ. අපේ රටේ මිනිස්සු ගැහැණු පිටරටවල දුක් විඳිනවා මුදල් හොයන්න. ඉන්දියානුවන්ට අපේ රටේ රැකියා අවස්ථා උදාකරනවා. හරිම ෂෝක්. හොඳ පාඩම් කාට කාටත්. (නි)

:       0       0

පාර්තිපන් Sunday, 24 January 2016 01:15 PM

උගත් ඔබතුමන්ලා රටේ ප්‍රශ්න වලට හඩ නැගීම අගය කරමි. (ර)

:       0       0

සේනක Sunday, 24 January 2016 01:26 PM

ඉන්දියානුවන්ට රස්සා දෙන්නද මේ ආණ්ඩුව පත් වෙලා ඉන්නේ.(හේ)

:       0       0

නුවරඑළියේ වසන්ත Monday, 25 January 2016 05:13 AM

ආණ්ඩු පත්වුණාම මුල අමතක වෙනවා. මෙච්චර රස්සා නැතුව අපේ අය ඉන්නවා. ඒවා පෙනෙන්නේ නැහැ. පිටරට අයගේ රැකියා ප්‍රශ්න විසඳන එක යහපාලනයේ කොටසක්ද? මේ රට තව අවුරුදු 100 කටවත් දියුණු වෙන්නේ නැහැ (නි)

:       0       0

බමුණු Sunday, 24 January 2016 03:03 PM

විශ්ව විද්‍යාල සිසුවනී ඔබලාගේ අනාගතය ඉන්දියානුවනට දෙන්නයි හදන්නේ දැන්මම පාරට බැහැපල්ලා. ඉන්දියානුවන් බත් පැකට් එකටත් වැඩ කරවී. (බ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 585 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 289 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1089 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site