
(අංජුල මහික වීරරත්න)
ශ්‍රී ලංකා විදේශ රැකියා ඒජන්සි (පුද්ගලික) සමාගම (SLFEA) සහ ජපානයේ එන්ටර් ප්‍රයිස් යුනයිටඩ් කෝපරේටිව් (EUC) අතර අවබෝධතා ගිවිසුම අත්සන් කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.
සුරක්ෂිත, ක්‍රමානුකූල සහ විධිමත් මාර්ග ඔස්සේ ජපානයේ රැකියා අවස්ථා වැඩි කර ගැනීම අරමුණු කර ගනිමින් කුසලතා සහිත ශ්‍රී ලාංකික තරුණ තරුණියන්ට තාක්ෂණික විෂයයන්, ජපන් භාෂාව සහ සංස්කෘතිය පිළිබඳ අධ්‍යාපනය සමඟ ජාත්‍යන්තරව පිළිගත් තාක්ෂණික හා වෘත්තීය පුහුණුවක් ලබා දීමත්, ජපානයේ කුසලතා සහිත ශ්‍රමික හිඟය මගහරවා ගැනීමත් අරමුණු කර ගනිමින් සහයෝගිතා වැඩසටහනක් පැවැත්වීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ අනුබද්ධිත ආයතනයක් වන ශ්‍රී ලංකා විදේශ රැකියා ඒජන්සි ( පුද්ගලික) සමාගම සහ ජපානයේ සෞඛ්‍ය, කම්කරු සහ සුබ සාධන අමාත්‍යාංශය යටතේ පවතින එන්ටර්ප්‍රයිස් යුනයිටඩ් කොපරේටිව් අතර සාකච්ඡා පවත්වනු ලැබ ඇත.
ජාතික තරුණ සේවා සභාව සමඟ එක්ව සපුගස්කන්ද ජාතික තරුණ සේවා සභා පුහුණු මධ්‍යස්ථානයේදී අදාළ පුහුණු වැඩසටහන පැවැත්වීම සඳහා එහිදී එකඟතාවට පැමිණ තිබේ.
ඒ අනුව, අදාළ කාර්යය සඳහා ශ්‍රී ලංකා විදේශ රැකියා ඒජන්සි (පුද්ගලික) සමාගම සහ ජපානයේ එන්ටර්ප්‍රයිස් යුනයිටඩ් කොපරේටිව් අතර අවබෝධතා ගිවිසුමකට අත්සන් තැබීම පිණිස විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී
2025 දෙසැම්බර් මස 16
22
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
821
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
601
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
අපේ අයට ජපන් රැකියා දොර අරින්න ගිවිසුමක්