
සුජිත් හේවාජුලිගේ
මැතිවරණ අපේක්ෂකයන් අටදහසෙන් හත් දහසක් පමණ කිසිදු ප්‍රචාරක කටයුත්තක යෙදී නැතැයි තොරතුරු අනාවරණය වන බව පැෆරල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා පැවසීය.
ප්‍රධාන පක්ෂ පහක අපේක්ෂකයන් හැරුණු කළ සෙසු පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම් වල අපේක්ෂකයන් මැතිවරණ ප්‍රචාරක කටයුතු කිසිවක යෙදී නැතැයිද ඔහු සඳහන් කළේය.
මේ අතර ප්‍රධාන පක්ෂ පහේ බොහෝ අපේක්ෂකයන්ද ප්‍රචාරක කටයුතු සඳහා වියදම් කිරීම සීමා කර ඇතැයි පවසන හෙට්ටිආරච්චි මහතා මැතිවරණ වියදම් පනත ප්‍රකාරව වියදම් සීමා කිරීමට සිදුව ඇති හෙයින් එසේ කටයුතු කරන බවද සඳහන් කළේය.
ප්‍රධාන පක්ෂ පහේ අපේක්ෂකයන් බහුතරයක් ගම්මට්ටමින් ගෙන් ගෙට ගොස් ප්‍රචාරක කටයුතු කිරීම වැඩි කර ඇතැයිද පෙනී යන බව පැෆරල් සංවිධානය පවසයි.
පොදුවේ මැතිවරණ ප්‍රචාරක කටයුතුවල පසුබෑමක් ඇති බවද රෝහණ හෙට්ටිආරච්චි මහතා පැවසීය.
මෙම අපේක්ෂකයන් පිරිසෙන් තෝරා ගැනෙන්නේ එකසිය අනූ හයදෙනෙකු පමණි. ඒ අනුව අපේක්ෂකයන්ගෙන් සියයට අනූ අටක් පරාජයට පත්වන බව හෙට්ටිආරච්චි මහතා කීය.
COMMENTS
වෙනසක තරම
ඒක හොඳ ඉඟියක්. තේරී පත් වූ මන්ත්‍රීවරුන්ට ලැබෙන අනවශ්‍ය වරප්‍රසාද අඩු කළහොත් ඉදිරිපත් වන්නේ ජනතාවට සේවය කිරීමට සැබෑ ආශාවක් ඇති අවංක මිනිසුන් පමණි. අපේක්ෂකයා සඳහා තැන්පත් කිරීමට අවශ්‍ය තැන්පතුව වැඩි කළහොත්, අවම වශයෙන් 75% ක විහිළුකාරයන් ඉවත් කළ හැකිය.
මේ ජාතික කාලකන්නින්ට නැවතත් ඉඩ නොලැබෙන ලෙස නීති සම්පාදනය කල යුතුය. මොවුන් විනාශ කරන්නේ ජාතික සම්පත් සහ කාලයයි. සමහරු පරාජය වන බව දැන දැනත් තාප්ප වල අංක අලවා කරන විකාරය නතර කල යුතුය .