
(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගෙ)
ලංකාව යනු ලෝකයේ ඉහළින්ම වැජඹෙන්න හැකි පරිදි දියුණු කළ හැකි විභවතාවයක් තිබෙන රටක් බව නිවාස, ඉදිකිරීම් සහ ජල සම්පාදන අමාත්‍ය වෛද්‍ය සුසිල් රණසිංහ මහතා පැවසීය.
"අපි බාරගත්තේ ආර්ථික පදනම් බිඳ වැටුණු සමාජීය වශයෙන් අවස්ථාවර වෙච්ච රටක්.මුලින්ම අපට ඒ වගකීම දරන්න සිදුවුණා.අස්ථාවර වූ රට ස්ථාවර කිරීමේ කාර්යභාරය ගැන 2025 අයවැයෙන් අවධානය යොමු කරනු ලැබුවා.භාණ්ඩාගාරය පිරී ඉතිරී යන මට්ටමට අප ආර්ථිකය ස්ථාවර කළා යැයි විපක්ෂයේ ඉන්න දේශපාලකයන්ට පවා අද කියන්නට සිදුවී තිබෙනවා.රට ආර්ථික වශයෙන් ස්ථාවර වුණාය කියන දේ තහවුරු කරන්න ඒ ප්‍රකාශයම ඇති. දේශපාලන වශයෙන් අප රට දැන් ස්ථාවර වෙලා තියෙනවා.සමාජීය වශයෙන් ද ස්ථාවර වී තිබෙනවා.ඒ අනුව පසුගිය අයවැයේ අභිමතාර්ථ මුදුන් පත් වී තිබෙන බව කිව යුතුයි.2026 අයවැයේ අරමුණ කුමක් විය යුතුද? ලංකාව යනු ලෝකයේ ඉහළින්ම වැජඹෙන්න හැකි පරිදි දියුණු කළ හැකි විභවතාවයක් තිබෙන රටක්. ස්ථාවර කරපු රට සංවර්ධන ඉලක්ක කරා යන්නේ කොහොමද කියන සැලසුම සහිතව මේ අයවැය ඉදිරිපත් කර තිබෙනවා යනුවෙන් ද අමාත්‍යවරයා කීය.
2025 නොවැම්බර් මස 04
695
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2366
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1734
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
අපි මෙහෙම ඉන්න ඕන රටක් නෙමෙයි