IMG-LOGO

2025 මැයි මස 04 වන ඉරිදා


අ’පුර රෝහලේ විස්මිත සැත්කමක්

(බී.ජී.චතුරංග )

රෝගියෙකු නිර්වින්දනයට ලක් නොකර  අවදියෙන් සිටියදීම එම රෝගියාගේ මොළයේ තිබූ  ගෙඩියක් ඉවත් කිරීමේ ශල්‍යකර්මයක් පසු ගියදා අනුරාධපුර ශික්ෂණ රෝහලේ ස්නායු ශල්‍ය අංශය මගින්  සාර්ථකව සිදු කෙරුණි.

සැත්කම සිදු කරන අවස්ථාවේදී රෝගියා විසින් නෙලුම් මලක් සිතුවමට නගන අයුරුද විශේෂත්වයක් විය.

ඔහුගේ වම් මොළයේ ඉදිරි පස, ශරීරයේ දකුණු අර්ධයෙහි ක්‍රියාකාරකම් පාලනය කරන ප්‍රදේශය ආසන්නයේ හට ගත් ගෙඩියක් මෙලෙස ඉවත් කිරීමට වෛද්‍යවරු සමත් වූහ.

මෙරට රජයේ රෝහලක  පළමු වරට  මෙවැනි ශල්‍යකර්මයක් සිදු කරනු ලැබුවේ, 2020 වර්ෂයේදී  අනුරාධපුර ශික්ෂණ රෝහලේදී වන අතර එම වෛද්‍ය කණ්ඩායම විසින්ම සිදු කරන ලද  තෙවැනි සාර්ථක සැත්කම මෙය වේ.

මෙලෙස ශල්‍යකර්මයට භාජනය වූයේ අනුරාධපුර නොච්චියාගම ප්‍රදේශයේ පදිංචි 36 හැවිරිදි

ප්‍රතිමා නිර්මාණ ශිල්පී සමන් ජයසිංහ මහතාය. ඔහු ශල්‍යකර්මය අතරතුරදී නෙළුම් මලක් චිත්‍රයට නැගුවේ වෛද්‍යවරුන් කණ්ඩායමද පුදුමයට පත් කරමින්ය.

මෙවැනි සංකීර්ණ ශල්‍යකර්මයක් සාමාන්‍යයෙන් සිදු කිරීමේදී රෝගියා සම්පූර්ණයෙන්ම නිර්වින්දනයට ( සිහි මුර්ජා තත්ත්වයට )  පත්කිරීම සිදු කරනු ලබන අතර නමුත් මෙම ශල්‍යකර්මයදී රෝගියා සම්පූර්ණයෙන් නිර්වින්දනය  නොකෙරුන අතර, වේදනාවක් නොදැනෙන පරිදි අවම නිද්‍රාශීලී තත්ත්වයකින් (under minimal sedation ) පවත්වා ගන්නා ලදි.

මෙහි සුවිශේෂීත්වය නම් ශල්‍යකර්මය අතරතුරදී රෝගියා සමග නිරන්තරයෙන් සන්නිවේදනය කරමින් , ඔහුගේ මතකය පරීක්ෂා කිරීම, දකුණුපස අත , කකුල චලනය කිරීම වැනි ක්‍රියාකාරකම් සිදු කිරීම මගින් ඔහුගේ මොළයේ වැදගත් , සංවේදී ප්‍රදේශයන් සංරක්ෂණය කරන අතර තුරම ව්‍යාධිජනක කොටස ( ගෙඩිය / tumour ) ඉවත් කිරීමට හැකියාව ලැබීමයි. 

අනුරාධපුර ශික්ෂණ රෝහලේ ස්නායු ශල්‍ය වාට්ටුවට (31) ඇතුළු වන ස්ථානයේ ඇති බුද්ධ ප්‍රතිමාවට පිටුපසින් බිත්තියේ අගනා සිතුවමක් මීට පෙර (රෝගී වීමට ප්‍රථම) සිතුවම ඇත්තේද මෙම රෝගියා විසින් බව මෙහිදී රෝහල් කාර්ය මණ්ඩලය පැවසූහ.  

 ශල්‍යකර්මයෙන් පසු රෝගියා කිසිදු සංකූලතාවයකින් තොරව රෝහලින් පිටව ගිය බවද වෛද්‍යවරු මෙහිදී පැවැසූහ.

මෙම ශල්‍යකර්මය සාර්ථකව සිදු කරන ලද්දේ අනුරාධපුර ශික්ෂණ රෝහලේ ස්නායු ශල්‍ය විශේෂඥ වෛද්‍යවරුන් වන වෛද්‍ය මධුශංක ගෝමස් , වෛද්‍ය රොහාන් පාරිස් සහ නිර්වින්දක විශේෂඥ වෛද්‍යවරුන් වන වෛද්‍ය ලෙවන් කාරියවසම් , වෛද්‍ය විශාඛා කර්නර්, වෛද්‍ය තිලාන් හේරත්  ඇතුළු  කණ්ඩායමක් විසින්ය. අනුරාධපුර ශික්ෂණ රෝහලේ "C" ශල්‍යාගාරය, ස්නායු ශල්‍ය දැඩි සත්කාර ඒකකයට සහ  31 වාට්ටුවේ කාර්ය මණ්ඩල මෙම සැත්කම සාර්ථකව  සිදු කර ගැනීම සඳහා සහයෝගය ලබා දී තිබුණි.

 



අදහස් (4)

අ’පුර රෝහලේ විස්මිත සැත්කමක්

Mohan Mangala Monday, 16 October 2023 04:23 PM

අපිට හොඳ දක්ෂ දොස්තරලා සහ සෞඛ්‍ය ස්ටාෆ් එකක් ඉන්නවා .ඇත්තෙන්ම ආඩම්බරයි

:       1       39

මහසෙන් Monday, 16 October 2023 05:15 PM

ජීවකයින්ගේ දරුවන්... ආඩම්බරනීය සුබපැතුම්...!

:       0       12

සුරංග Monday, 16 October 2023 09:58 PM

ඇත්තටම මෙතරම් දක්ෂ දොස්තර මහත්වරු මහත්මීන් අනුරාධපුර රෝහලේ සිටිද්දී දේශපාලුවෝ සිංගප්පූරු යනවා. සමහර පිරිස් ජාතික රෝහලට යනවා. මෙතරම් සූක්ෂම සැත්කම් කරන්න හැකියාව තියෙද්දි ජැක්සන් මහතා කොළඹට ගෙනාවේ?

:       0       1

ගමේ එකාලා Tuesday, 17 October 2023 08:47 AM

විස්මිත සැත්කම සාර්ථකව කරපු දොස්තර මහත්වරු ඇතුලු සියලුම දෙනාට බොහෝම පින්. අපගේ ප්‍රණාමය පුදකරනවා...!

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

එසැණ පුවත්

ජාත්‍යන්තර පාසල් ගුරුවරයා මත්ද්‍රව්‍ය සමඟ අල්ලයි
2025 මැයි මස 04 134 0

දකුණු පළාතේ රාත්‍රී සාද සඳහා මත්ද්‍රව්‍ය සැපයීමේ යෙදුණු ජාත්‍යන්තර පාසලක ගුරුවරයෙක් රුපියල් ලක්ෂ 2 කට අධික වටිනා අයිස් මත්ද්‍රව්‍ය තොගයක් සමග අත්අඩං


මැයි රැලියට ඇවිත් හයිවේ එකේ රැඟූ අයට නීති පියවර
2025 මැයි මස 04 456 0

ජාතික ජන බලවේගයෙ මැයි දින රැළියට පැමිණ නැවත යන ගමනේදී දක්ෂිණ අධිවේගී මාර්ගය අයිනේ බස් රථ නවතාගෙන සිටි රියැදුරන්ටත් ඊට සයෝගය දුන් කණ්ඩායම් වලටත් ඒ සිදු


ජපාන ආරක්ෂක ඇමති අගමැති හරිනි හමුවෙයි
2025 මැයි මස 04 135 0

ජපාන ආරක්ෂක අමාත්‍ය ජෙනරාල් නකටානි මහතා අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිය අරලියගහ මන්දිරයේදී අද (4) හමුවිය.


වසර දහයට වැඩ වර්ජන 386ක්:රටට පාඩුව කෝටි 300ක්
2025 මැයි මස 04 223 0

රට පුරා කෙරුණු වැඩවර්ජන වලින් පසුගිය වසර දහයක කාලයේදී රුපියල් කෝටි 300කට වැඩි පාඩුවක් සිදුව ඇතැයි අලුත්ම සංඛ්‍යා ලේඛනවලින් පෙනී යන බව පේරාදෙණිය විශ්වව


යේමනයෙන් ඊශ්‍රායලයට බැලස්ටික් මිසයිලයක්
2025 මැයි මස 04 55 0

යේමනයේ හවුති කැරළිකරුවන් එල්ල කළ බැලස්ටික් මිසයිලයක් ඊශ්‍රායලයේ බෙන් ගුරියන් ගුවන්තොටුපළ අසළට එල්ල වීම හේතුවෙන් ගුවන් ගමන් තාවකාලිකව අත්හිටුවීමට ව


ජනපති බංගලා ගන්න පිටරටින් පෝලිමක්
2025 මැයි මස 04 630 0

ජනාධිපති බංගලා කුලියට ගැනීමට දෙස් විදෙස් ආයෝජකයන් දස දෙනෙකු ඉදිරිපත්ව සිටින බව වාර්තාවේ.


මේවාටත් කැමතිවනු ඇති

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 617 1
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 157 0
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 1182 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

Our Group Site