ලොව අංක එකේ ක‍්‍රීඩිකාවන් පරදවමින් ලෝක ශූරතා ජ්‍යෙෂ්ඨ බැඩිමින්ටන් තරගාවලියේ වයස අවුරුදු 35න් ඉහළ කාණ්ඩයේ රන් පදක්කම දිනාගත් චන්ද්‍රිකා ද සිල්වා කැනඩාවේ සිට කටුනායක ගුවන් තොටුපොළින් දිවයිනට පැමිණියාය. මෙරට ජ්‍යෙෂ්ඨ බැඞ්මින්ටන් ඉතිහාසයේ ඉහළම ජයග‍්‍රහණය මෙයයි. ශ්‍රී ලංකාවට ලෝක ශූරතා ජ්‍යෙෂ්ඨ බැඞ්මින්ටන් තරගාවලියකින් රන් පදක්කමක් ලබා දුන් ප‍්‍රථම ක‍්‍රීඩිකාව බවට චන්ද්‍රිකා ඉතිහාස ගත වන බව ශ්‍රී ලංකා බැඞ්මින්ටන් සම්මේලනයේ සභාපති පරාක‍්‍රම බස්නායක මහතා පැවැසීය. කැනඩාවේ බි‍්‍රට්ෂ් කොලොම්බියා ප‍්‍රාන්තයේ ඔලිම්පික් ඕවල් ක‍්‍රීඩාංගනයේ දී ඇය ඉන්දියාව හා කැනඩාව පරදවා අවසන් වටයට තේරී කැනඩාවේ චාමනී රිචඞ් පරාජය කළ ඇය අනුරාධපුරයේ ඉපිද ස්වර්ණපාලි බාලිකාවෙන් අධ්‍යාපනය ලැබුවාය.
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
අ‘පුර කෙල්ලක රන් දද බඳී
ප්‍රනාන්දු Wednesday, 31 August 2011 04:22 PM
වයස තිස්පහෙන් ඉහළ නම් කෙල්ලක් වෙන්නේ කොහොමද