IMG-LOGO

2025 සැප්තැම්බර් මස 20 වන සෙනසුරාදා


අප්‍රේල් 25 වැනිදා සිට රාමසාන් උපවාසය සමය අරඹයි

ශ්‍රී ලංකාවේ මුස්ලිම් බැතිමතුන් අප්‍රේල් 25 වැනිදා සිට රාමසාන් උපවාසය සමය ආරම්භ කරන බව කොළඹ මහ පල්ලිය අද (23) නිවේදනය කළේය.

අද (23) නව සඳ දිස් නොවූ බැවින් රාමසාන් උපවාස සමය 25 වැනිදා සිට ආරම්භ කිරීමට කොළඹ මහ පල්ලිය තීරණය කර ඇත.
කොවිඩ්-19 හෙවත් නව කොරෝනා වයිරසයේ ව්‍යාප්තිය පාලනය කිරීමට රජය සහ සෞඛ්‍ය අංශ ලබාදී ඇති උපදෙස් අනුව ක්‍රියාකරන්නැයි ද කොළඹ මහ පල්ලිය සියලු පල්ලිවලට දැනුම් දී ඇත.

කිසිදු හේතුවකට පල්ලිවලට බැතිමතුන් රැස් නොකිරීමට ද මහ පල්ලිය තීරණය කර ඇත.

රාමදාන් උපවාස සමයේදී නිවසේ සිට යාඥාවල නිරත වන්නැයි සෞදි අරාබියේ ඉහළම ආගමික කවුන්සිලය ලොවපුරා මුස්ලිම් බැතුමන්ගෙන් ඉල්ලීමක් කර තිබිණි.

නිවේදනයක් නිකුත් කරමින් සෞදි අරාබියේ ජ්‍යෙෂ්ඨ විද්වතුන්ගේ කවුන්සිලය එම ඉල්ලීම කර තිබිණි.

කොරෝනා වයිරසයේ ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා ලොව රටවල් විවිධ පියවර ගෙන ඇති බැවින් ඒ ඒ රටවල ආණ්ඩු හා පාලනාධිකාරීන් ගන්නා ක්‍රියාමාර්ගවලට අනුව කටයුතු කරන්නැයි ද කවුන්සිලය ලොවපුරා මුස්ලිම් බැතිමතුන්ගෙන් ඉල්ලීමක් කර තිබිණි.

මුස්ලිම් බැතිමතුන්ගේ ශුද්ධ වූ වූ උපවාස මාසය වන රාමදාන් උපවාස මාසය මේ සතිය අගදී ආරම්භ වේ.

ඒ ඒ රටවල බලධාරීන් සෞඛ්‍ය බලධාරීන් සමාජ දුරස්ථභාවය පවත්වාගන්නැයි නියෝග කරන්නේ නම් ඒ අනුව කටයුතු කරන්නැයි ද එම කවුන්සිලය ඉල්ලා තිබිණි.

‘‘මුස්ලිම්වරුන් එක්රැස්වීම නොකළ යුතුයි. මහජන ඒකරාශීවීම් වයිරසය ව්‍යාප්ත වීමට ප්‍රධාන හේතුව’’ යැයි සෞදි අරාබියේ ජ්‍යෙෂ්ඨ විද්වතුන්ගේ කවුන්සිලය නිකුත් කළ නිවේදනයේ දැක්විණි.


055



අදහස් (12)

අප්‍රේල් 25 වැනිදා සිට රාමසාන් උපවාසය සමය අරඹයි

දසුන් Thursday, 23 April 2020 04:27 PM

ලන්කාවෙ මෙවර රාමසාන් නෑ....

:       147       163

lalithm Thursday, 23 April 2020 06:49 PM

මොන දේ කලත් ආයිමත් විනාශයක් කරගන්න වගේ. උපවාස අවසන් කරන වෙලාවට කැඳ බෙදන්න ගෙවල් ගානේ යන්නයි, පල්ලියට එන්නයි පටන් ගනීවි... සමුහ එක්රැස් කරලා. අනිකුත් සියලු ආගමිකයින් ආගමික කටයුතු අත්හිටවල නේද තියෙන්නේ...? ලොව පුරා මුස්ලිම් බැතිමතුන් මොනවා කලත් මෙහෙ ඉන්න අය ඒ වගේ අයවලුන් නොවෙයි කියල ඔප්පු කලා මදිද?

:       445       112

RamaniThursday, 23 April 2020 09:24 PM

කැඳ බෙදීමේ කතාවේ නම් ඇත්තක් තියෙනවා. ඒ වගේම ගෙවල්වල කෑම හදලා අහල පහලට බෙදන ඉතා හොඳ ක්‍රියාවත් මේ අවුරුද්දේදී නොකරනවානම් හොඳයි.

:       0       0

නන්දසේන කොඩිතුවක්කු Thursday, 23 April 2020 09:49 PM

අනේ දෙයියනේ

:       0       0

GayanFriday, 24 April 2020 03:50 AM

නිකන් මෝඩ අදහස් මෙතන දාන්න එපා අර දඹදිව ඉදලා ආපු බණ්ඩාරනායක මාවතේ සිංහල බෞද්ධ කාන්තාවන්ට අනිත් මිනිස්සු සිංහල මිනිස්සු කරපු හරිය කියලා මොකුත් කියන්නේ නැහැ. හැම තැනම අදහස් ප්‍රකශ කරන කොට විනය ගැන හිතන්න.

:       1       38

samanFriday, 24 April 2020 06:22 AM

බණ්ඩාරනායකපුර කාන්තාව ඔය හැමදෙනාටම කොරෝනා බෝ කළාද? එහෙම නැත්නම් වෙනත් ආසාදිතයන් එහි කලින් සිටම සිටියාද? අර සුදුවැල්ලේ කුඩ්ඩෙක් මේ කරක් ගසා තිබෙනවා නේද?

:       62       2

ගොන්ගාලේ ගොඩබණ්ඩා Thursday, 23 April 2020 08:39 PM

හෙටදින රාමසාන් උත්සවය සමරන සියලුම ඉස්ලාම් භක්තිකයින්ට සුබ රාමසාන් කියල සුබ පතනවා. ඒ වගේම මේ ටිකත් කියල තියන්නට ඕනේ. "උණහපුලුවට උගේ පැටිය මැණිකක්" කියල කියමනක් තිබෙනවා. රාමසාන් ඔබලාට විශේෂ වෙන්න පුළුවන්. හැබැයි සිංහල සහ හින්දුන්ට අලුත් අවුරුදු උත්සව අතහරින්න පුළුවන් උනානම්... ක්‍රිස්තියානි උදවියට මෙවර පාස්කු සැමරීම අතහරින්න පුළුවන් උනානම් අල්ලා කියපු නිසා බෙල්ල කඩාගෙන හරි රාමසාන් සමරන්න ලෑස්තිවෙන්න එපා. ඕක තවත් උත්සවයක් විතරමයි. කරුණාකරලා උඩ දාගෙන නටාගෙන සමරන්න ගිහින් රට විනාශ කරන්න එපා.

:       0       0

ජයරත්න පල්ලෙබැද්ද Friday, 24 April 2020 04:32 AM

මුළු ලෝකෙටම සාපයක්....

:       311       2

NuwanFriday, 24 April 2020 07:37 AM

සහතික ඇත්ත,

:       110       0

M.Ossan Salam Friday, 24 April 2020 06:41 AM

රාමලාන් උපවාස සමයේ පිළිපැදිය යුතු විධිවිධානයන් පිළිබඳව අවශ්‍ය උපදේශ සියල්ල මුස්ලිම් ආගමික නායකයින් විසින් මුස්ලිම් ජනතාවට ලබාදී තිබෙනවා. ඒ අනුව ඔවුන් කටයුතු කරාවී. දැනට නිරෝධායනයට ලක්වී සිටින මුස්ලිම් ජනතාවට උපවාසය ඇරඹීමට සහ බිඳීමට අවශ්‍ය කරන ආහාර පානාදිය ලබාදීමට පියවර ගෙන තිබෙන බව යුදහමුදාපතිතුමා පවසා තිබෙනවා.

:       0       102

Nuwan Friday, 24 April 2020 06:42 AM

ලංකාවේ සියලු මුස්ලිම් සහෝදර සහෝදරියන් රාමසාන් උපවාස කාලය හොඳින් ගත කරන්න. උඩ අදහස් පළකරපු සමහර මන්ද බුද්ධිකයන්ගේ අදහස් එච්චර ගණන් ගන්න ඕනේ නැහැ. අපි හැමෝම ලාංකිකයන් වගේ එකමුතුව ඉමු අනෙක් අයට ගරු කරලා.

:       0       84

Rihan Friday, 24 April 2020 07:38 AM

නුවන් පුතාගේ අදහස් ම එකසිතින් පිලිගනිමි. ඔහු මෙන් සේම කෙනෙකුම කල්පනකොලොත් අපේ රට පලමුතැනේ සිටි. "තමාට පෙර රට"

:       0       66

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31624 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 14031 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 11098 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 172 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1105 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 307 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site