තරගාවලිය පුරාම සිය අපරාජිත බව රැකගත් මහනුවර ධර්මරාජ කී‍්‍රඩකයෝ ශ්‍රී ලංකා පාසල් රග්බි පාපන්දු සංගමය විසින් මෙහෙයවන ලද වයස 20 න් පහළ රග්බි (ලීග්) තරගාවලියේ පළමු කොටසේ ශූරයන්ට හිමි ‘සිංගර්’ කුසලාන දිනාගැනීමට අද (28 වැනිදා) සමත් විය.
ධර්මරාජ විදුහල සහ කොළඹ රාජකීය විදුහල අතර රාජකීය විදුහල් රග්බි පිටියේදී අද පැවැති ‘ඒ’ කාණ්ඩයේ අවසන් තරගය ලකුණු 17-17 ක් ලෙස සම තත්ත්වයෙන් අවසන්වීමත් සමග ධර්මරාජ විදුහල තරගාවලියේ එකම අපරාජිත කණ්ඩායම බවට පත්විය.
ධර්මරාජ විදුහල වයස 20 න් පහළ ලීග් රග්බි තරගාවලියේ ‘ඒ’ කාණ්ඩයේ ශූරතාව දිනූ පළමු අවස්ථාව මෙය වන අතර ධර්මරාජ විදුහල වසර 10 කට වැඩි කාලයක් ‘ඒ’ කාණ්ඩයේ ක‍්‍රීඩා කර තිබේ. ධර්මරාජ විදුහල් පිල මෙවර තරගාවලියේදී තරග 9 කට සහභාගි වෙමින් ජයග‍්‍රහණ 7 ක් අත්කරගැනීමට සමත් වූ අතර තරග දෙකක් විසඳුමකින් තොරව අවසන් විය.
තරගයේ පළමු අර්ධය අවසන් වන විට ලකුණු 10-3 ක් ලෙස ධර්මරාජ විදුහල පෙරමුණේ පසු වුවද දෙවැනි අර්ධයේදී තරගය සම කිරීමට රාජකීය විදුහල් ක‍්‍රීඩකයෝ සමත් වූහ. විදුහල් දෙකම ගෝල 2 කින් සහ දඩුවම් පහරකින් ලකුණු ලැබූහ.
ධර්මරාජ විදුහල වෙනුවෙන් ප‍්‍රදීප් බණ්ඩාර සහ තිළිණ විජේසිංහ උත්සාහක දිනුම් ලබාගත් අතර තිළිණ විජේසිංහ විශිෂ්ට ලෙස ක‍්‍රීඩා කරමින් ගෝල ප‍්‍රවර්ථන දෙකක් සහ දඩුවම් පහරක් සම්පූර්ණ කළේය.
උදේෂ් රණවීර සහ භානුක ගමගේ රාජකීය විදුහලට උත්සාහක දිනුම් එකතු කළ අතර රිස්වි ජමාල්ඞීන් රාජකීය විදුහල් ජයග‍්‍රහණයේ දැවැන්ත කොටස්කරුවකු බවට පත්වෙමින් ගෝල ප‍්‍රවර්ථන සහ දඩුවම් පහර සම්පූර්ණ කිරීමට සමත් විය.
(ඡයාරූප: ශාන්ත රත්නායක)
ධර්මරාජ විදුහල් ක‍්‍රීඩක ප‍්‍රදීප් බණ්ඩාර උත්සාහක දිනුම සම්පූර්ණ කළ අවස්ථාව..
ධර්මරාජ විදුහල් රග්බි පිල ශූරතා කුසලාන ලබාගැනීමෙන් පසු..
සිංගර් ශ්‍රී ලංකා සමාගමේ කළමණාකාර අධ්‍යක්‍ෂ (වෙළෙඳ සහ අළෙවි) මහේෂ් විජේවර්ධන මහතා අතින් ධර්මරාජ විදුහල් පිලේ නායක රෝෂණ හෙට්ටිආරච්චි ශූරතා කුසලාන ලබාගත් අවස්ථාව.
2025 දෙසැම්බර් මස 18
289
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
190
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
995
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
අපරාජිත ධර්මරාජයෝ ලීග් ශූරතාව දිනති
පින්නේ Saturday, 29 June 2013 04:22 PM
රාජන්ස් කොල්ලෝ කවදත් අංක එකෙ.(නදී)
ගාමිණී Saturday, 29 June 2013 10:25 AM
කොහොමද රාජන්ස් කොල්ලන්ගේ වැඩ නියමයි නේද?(නදී)
ශෙහාන් Saturday, 29 June 2013 11:08 AM
රාජන්ස් කොල්ලන්ට ජය වේවා! ධර්මරාජයට ජයවේවා!(නදී)
තිලක් Saturday, 29 June 2013 01:33 AM
ධර්මරාජ කොල්ලන්ට බැරි දෙයක් නැහැ (නි)
සෑම් Saturday, 29 June 2013 07:49 AM
සුභ පැතුම් රාජන්ස්.(නදී)
සම්පත් Sunday, 30 June 2013 08:56 AM
ඔන්න එනවා රාජන්ස් කොල්ලෝ දන ගහපල්ලා.(නදී)
පුබුදු Saturday, 29 June 2013 08:56 AM
රජන්ස් කොල්ලෝ කවදත් උඩරට කිංග්ස් ,(අ)