‘මිනිස් සත්ත්ව ඉතිහාසයේ හෝමෝ ඉරෙක්ටස් වැන්නන්ට දෙපයින් හිටගන්න බෑ. කථා කරන්න භාෂාවක් තිබුණේ නෑ. මේ සත්ත්වයෝ දියුණුවෙලා ආබාධ රහිත හා ආබාධ සහිත ලෙස වර්ග වෙලා ඉන්නවා. කොහොම වර්ග කළත් හැමෝටම කුමක් හෝ ආබාධයක් තියෙනවා. පුංචි දේටත් තරහ යාම, චංචල වීම, බිය වීම වගේ දේවලුත් ආබාධ‘ යැයි සමාජ සවිබල ගැන්වීම් හා සුබ සාධන අමාත්‍ය එස්.බී.දිසානායක මහතා බත්තරමුල්ල ජනකලා කේන්ද්‍රයේදී ආබාධිත දරු දැරියන් සහභාගීවූ ‘සිත් රූ 2015‘ සංස්කෘතික උළෙලට එක්වෙමින් පැවසීය.
‘මම දැක්කා දෘශ්‍යාබාධිත, ශ්‍රව්‍යාබාධිත, කථනාබාධිත වගේම විවිධ මානසික ආබාධ ඇති දරුවන් ඇඳපු චිත්‍ර. ඒ ඒ දරුවට තිබෙන ආබාධය ඒ චිත්‍ර යටින් ලියලා තිබුණා. ඒ චිත්‍රවල තිබුණේ පුදුම ලස්සනක්. ඒවා බැලුවම ඇත්තටම ඔවුන්ද ආබාධිත නැත්නම් අපිද කියලා හිතෙනවා‘ යැයිද ඇමැතිවරයා කීය.
කැටවල, සීදූව, මහරගම, මාදම්පේ, තෙළඹුයාය, අමුණුකුඹුර, වත්තේගම, පුවක්පිටිය වැනි විවිධ ආබාධ සහිතවූවන් රැකබලා ගන්නා වෘත්තීය පුහුණු මධ්‍යස්ථානවල වෙසෙන දරු දැරියෝ එම උත්සවයේදී නර්තන, ගායන, නාට්‍ය හා අභිරූපන රංගන ඉදිරිපත් කළහ.
2025 දෙසැම්බර් මස 18
520
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
265
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1064
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
‘අපිටත් පොඩි පොඩි ආබාධ තියෙනවා‘ - එස්.බී
සත්‍යයා Friday, 11 December 2015 03:27 PM
"ඉරෙක්ටස්" කියන ලතින් (ඉංග්‍රීසි) වචනයේ තේරුම දන්නෙ නැද්ද? (නි)
විජිත් Friday, 11 December 2015 04:40 PM
මෙයා මොනවාද මේ කියන්නේ...? හෝමෝ ඉරෙක්ටස්ට කකුල දෙකෙන් හිටගන්න බැහැලු. ඔය මානවයාට හොඳින් දෙපයින් හිටගන්න පුලුවන්නේ. නමුත් එයා හොමෝ සේපියන්ස්ට සාපේක්ෂව ටිකක් "කුදු "යි. (නි)
විද්‍යා Friday, 11 December 2015 04:55 PM
සමහරුන්ගේ ආබාධ නම් ඔලුව ඇතුළෙයි තියෙන්නේ. (නි)
විමල් පාලිත Friday, 11 December 2015 05:33 PM
පොඩි නෙමෙයි ලොකු ආබාධ තිබෙන අයත් ඉන්නවා (නි)
ධම්මික Friday, 11 December 2015 07:43 PM
"ඉරෙක්ටස්" කියන වචනයේ තේරුම බලන්න. දෙපයින් නැගීසිටින හින්දනේ ඒ නම දාලා තියෙන්නේ. (නි)
දිසානායක Friday, 11 December 2015 09:54 PM
ඇමතිතුමාට දැන්නම් හොඳහැටි තේරෙනවා (නි)
සත්‍යපාල Saturday, 12 December 2015 12:10 AM
පොඩි පොඩි ආබාධ කෙසේවෙතත් ලොකු ලොකු ආබාධ තිබෙන සමහර උදවිය ඉන්න එක නම් රටට ලොකු ප්‍රශ්නයක්. (නි)
තිලක් Saturday, 12 December 2015 12:30 AM
හරිම ලස්සනයි (නි)
රාධා Saturday, 12 December 2015 01:13 AM
සියලු සත්වයෝ උන්මත්තකයෝ කියනවනේ! (නි)
අබේ-ටෝකියෝ Saturday, 12 December 2015 02:31 AM
මෙතුමාගේ තිබෙන ආබාධ වලට වලට නම් බෙහෙත් නැහැ (නි)
ජයනාත් Sunday, 13 December 2015 01:10 AM
ඔබට යම් ආබාධයන් තිබුණු නිසා ජනතාව ඔබව ගෙදර ඇරියා. (නි)
චන්දි Saturday, 12 December 2015 02:49 AM
මේවා බැලුවහම ආබාධ තිබෙන්නේ අපිටද කියලා හිතෙනවා"... (නි)
අබරන් Friday, 11 December 2015 11:04 AM
වෙන රටක නම් ඔයවගේ කතා වලට කියන්නේ " discrimination " කියලා. නොදන්නා කමට කීවද දන්නේ නැහැ. හැබැයි අපිට නම් පොඩි පොඩි නොවෙයි ලොකුම ආබාදය තිබුනා. (ර)
ලසන්ත Friday, 11 December 2015 11:22 AM
දෘශ්‍යාබාධිත දරුවෙක් ලවා චිත්‍රයක් ඇන්දවීමෙන් ඇස්පෙනෙන මිනිසුන් බලාපොරොත්තු වන්නේ කුමක්දැයි නොදනිමි. ශ්‍රව්‍යාබාධිත දරුවෙකු ඉදිරිපත් කරන සංගීතයෙන්, වාදනයෙන් එසේ නොවන මිනිසුන් බලාපොරොත්තු වන්නේ කුමක්ද? (ර)
ඇසළ Friday, 11 December 2015 11:48 AM
හොඳ වැඩසටහනක්.(හේ)
විරාජ් Friday, 11 December 2015 11:53 AM
ඇමැති තුමා කියන දේ ගැනත් පොඩ්ඩක් හිතලා බලන්න.(හේ)
ඉසුරන්දි Saturday, 12 December 2015 05:02 AM
මෙතුමාගේ වචන උච්චාරණයට මම හරි කැමතියි. (නි)