
(යොහාන් භාසුර, සුමිත් පොතුපිටිය සහ සමන් කාරියවසම්)
මෙරට ජ්‍යෙෂ්ඨතම ගායන ශිල්පියකු වන අනිල් භාරතී මහතා අද (22) අභාවප්‍රාප්ත විය.
අනිල් භාරතී මහතා අභාවප්‍රාප්ත වන විට 75 වන වියේ පසුවිය.
රෝගී තත්ත්වයක් හේතුවෙන් පානදුර රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටිය දී ඒ මහතා අභාවප්‍රාප්ත වූ අතරඒ මහතා ගායනා කළ ගීත අතරින් නත්තල් ගීත වීම විශේෂයෙන් කැපී පෙනේ. බෙත් ලෙහෙම් පුරේ - දිළිඳු ගව ලෙනේ ගීතය වඩාත් ප්‍රසිද්ධි ගීතය වේ.
මොරටුව වේල්ස් කුමර විදුහලෙන් අධ්‍යාපනය ලැබූ භාරතී මහතා, වසර 50 ක් පුරා ශ්‍රී ලංකා ගුවන් විදුලියේ සේවය කළ අතර, ප්‍රවෘත්ති නිවේදකයෙකු, වැඩසටහන් ඉදිරිපත් කරන්නෙකු ලෙස ද ඒ මහතා කටයුතු කළේය.
COMMENTS
තව ටික දෙනයි ඉතිරි. එයාලාත් නික්ම ගියපසු අඳෝනා පමණක් ඉතිරි වේ. තව පරම්පරා කීපයකින් ගීත යනු අඳෝනා ලෙස ඒ පරපුර හිතාගනීවි. ලෝකය ඉදිරියට යන්නේ එසේයි...
මේ සංසාරයෙන් එගොඩ වීමට වාසනාව ලැබේවා
ඔබතුමාට නිවන් සුවය පතනවා. මෙතුවක් කල් අපිව සංගීතයෙන් නැලෙව්වාට බොහොම පින්...!
ඔබට නිවන් සුව, මගේත් ආදරණීය ගායකයෙක් ඔබතුමා...
දෙවිදුන් වෙත යන ගමන කාටත් අනිවාර්යයි.සමාදානයේ සැත්පේවා.ජේසු පිහිටයි .
අනීල් බාරතී ගැයූ බෙත්ලෙහෙම් පුරේ ගීතය ලියා ඇත්තේ බෞද්ධ ජාතිකයකු වුන නෑසී ගිය කරුණාරත්න අබේසේකර මහතායි වරක් අනිල් භාරතී මහතා සම්මුඛ සාකච්ඡාවකදී මෙම ගීතය තමාට දේව ආශීර්වාදය ක් බව පැවසීය.
නිවන් සුව අත්වේවා , මෙරට සිටින හොදම ගායකයෝ නැතිවෙලා යනවා. අද සමහර ගායකයෝ කියාගන්න අයගේ විලාප ඇහෙනකොට මෙතුමන්ලාගේ ගීත මොනතරම් ඉහලද
ඔබතුමාට නිවන් සුව අත්වේවා