IMG-LOGO

2026 ජනවාරි මස 01 වන බ්‍රහස්පතින්දා


අන්තර පළාත් බස් ධාවකයනට සහන

(ඩයනා උදයංගනී)

කොවිඩ් 19 වසංගත තත්වය හමුවේ අන්තර් පළාත් මගී බස් රථ ධාවන කටයුතු අඛණ්ඩව පවත්වාගෙන යාම සඳහා බස් ධාවකයින් වෙත සහන සැලසීමට අමාත්‍ය මණ්ඩලය තීරණය කළ බව සම කැබිනට් ප්‍රකාශක, බලශක්ති අමාත්‍ය, උදය ගම්මන්පිල මහතා පවසයි.

වාර්ෂික ටෙන්ඩර් ගාස්තුවෙන් සහ අධිවේගී මාර්ගයේ තාවකාලික අවසර පත්‍ර ගාස්තුවෙන් සියයට 50ක් පමණක් අය කිරීමට මේ අනුව තීරණය කළ බව අමාත්‍යවරයා සඳහන් කළේය. මෙම සහනය ඉකුත් අප්‍රේල් 1 වැනිදා සිට ලබන සැප්තැම්බර් මස 31 වැනිදා දක්වා ක්‍රියාත්මක බව අමාත්‍යවරයා කීවේය.

අමාත්‍ය උදය ගම්මන්පිල මහතා මේ බව පැවසුවේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී අද (11) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව අමතමිනි.

බස් රථ ධාවකයින්ට මීට පෙරද ඉකුත් මාර්තු මස 31 වැනිදා තෙක් හඳුනාගත සහන ලබාදීමට කටයුතු කර තිබූ අතර කොවිඩ් 19 වසංගතයේ බලපෑමෙන් බස් රථ ධාවනය තවමත් විධිමත් ආකාරයෙන් සිදුනොවීම සැලකිල්ලට ගෙන මෙම පියවර ගත් බව ඇමතිවරයා සඳහන් කළේය.

 



අදහස් (1)

අන්තර පළාත් බස් ධාවකයනට සහන

WCA Tuesday, 11 May 2021 12:26 PM

ඕව වැඩක් නෑ ඒගොල්ලොන්ට ඕනේ කොහොමහරි පොල් පටවාගෙන යන්න අනුමැතිය විතරයි .ඕව දුන්න කියල ඒගොල්ලොන්ගේ කන් කෙදිරිය අඩු වෙන්නේ නෑ

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 112 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 748 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 370 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site