IMG-LOGO

2025 මැයි මස 01 වන බ්‍රහස්පතින්දා


අනූෂාගේ ඔලිම්පික් බලාපොරොත්තු දුරස් වෙයි

චීනයේදී දැන් පැවැත්වෙන ලෝක කාන්තා බොක්සිං තරගාවලියේ කිලෝග‍්‍රෑම් 51 ෆ්ලයි බර පංතියේදී ශ්‍රී ලංකා ක‍්‍රීඩිකා අනුෂා කොඩිතුවක්කු පළමු වටයෙන්ම පරාජයට පත්වීම නිසා ලන්ඩන් ඔලිම්පික් ක‍්‍රීඩා උළෙලට සුදුසුකම් ලැබීමේ අපේක්‍ෂාවන් දුරස් ව තිබේ. තරගාවලියට ශ්‍රී ලංකාවෙන් ක‍්‍රීඩිකාවන් තිදෙනකු සහභාගිවු අතර එහිදී අනුෂා නියෝජනය කළ බර පංතියෙන් ඔලිම්පික් වරම් හිමිකර ගැනීමේ අවස්ථාව තිබිණ. තුර්කියේ ක‍්‍රීඩිකාවක හමුවේ පළමු තරගයෙන්ම පරාජය ලැබු අනුෂාට දැන් ඉතිරිව ඇත්තේ ඔලිම්පික් බොක්සිං තරගාවලියේ ෆ්ලයි බර පංතියේ (කාන්තා) අතිරේක ලැයිස්තුවට එක්වන ක‍්‍රීඩිකාවන් තිදෙනා අතරට සුදුසුකම් ලැබීමේ අවස්ථාව හිමිවේ දැයි තහවුරු වන තෙක් බලා සිටීමටය. ලෝක තරගාවලියේ ෆ්ලයි බර පංතියේ (කාන්තා) අර්ධ අවසන් පුර්ව වටයට සුදුසුකම් ලබන ක‍්‍රීඩිකාවෝ අට දෙනා ලන්ඩන් ඔලිම්පික් වරම් ලබති. ක‍්‍රීඩිකාවන් තිදෙනෙක් ද අතිරේක ලැයිස්තුවට එක්වන අතර ඒ පිළිබඳව ලෝක බොක්සිං සම්මේලනය ඉදිරි සති කිහිපයේදී ප‍්‍රකාශයට පත් කිරීමට නියමිතය. ආසියානු බොක්සිං පදක්කම් ලාභිණියක් වන අනුෂා 2010 වසරේදී බාබඩෝස්’හි පැවැති ලෝක කාන්තා බොක්සිං තරගාවලියේ අර්ධ අවසන් පුර්ව වටයට සුදුසුකම් ලබාගත් ක‍්‍රීඩිකාවකි. එම දස්කම නිසා අනුෂා 2010 වසරේ කිලෝග‍්‍රෑම් 48 බර පංතියේ ලෝක ක‍්‍රීඩිකාවන් ශ්‍රේණිගත කිරීමේ හත්වැනි ස්ථානය දක්වා උසස් වීම් ලැබුවාය. ඇය පසුගිය වසරේදී එම බර පංතියේ 9 වැනි ස්ථානයේ පසුවිය. අනුෂා මෙම වසරේදී ෆ්ලයි බර පංතිය නියෝජනය කිරීම නිසා ඇයට එම බර පංතියේ ලෝක ශ්‍රේණිගත කිරීමේ හිමිවන ස්ථානය මෙම තරගාවලියෙන් පසුව ප‍්‍රකාශයට පත් කෙරේ. නිල්මිණී ජයසිංහ කිලෝග‍්‍රෑම් 60 ලයිට් බර පංතියේදී ඊශ‍්‍රායල ක‍්‍රීඩිකාවක පරදවා දෙවැනි වටයට සුදුසුකම් ලබාගත් අතර ඇය දෙවැනි වටයේදී පිලිපීන ක‍්‍රීඩිකාවක් හමුවේ පරාජය වුවාය. ශිරෝමාලි වීරරත්න කිලෝග‍්‍රෑම් 69 වෙල්ටර් බර පංතියේදී චීනයේ ක‍්‍රීඩිකාවක හමුවේ පළමු වටයෙන්ම පරාජයට පත්වූවාය. ශ්‍රී ලංකා ක‍්‍රීඩිකාවෝ තිදෙනා මේ මස 20 වැනිදා දක්වා චීනයේදී අන්තර්ජාතික පුහුණු කඳවුරකට සහභාගිවෙති.



අදහස් (0)

අනූෂාගේ ඔලිම්පික් බලාපොරොත්තු දුරස් වෙයි

අමිල Thursday, 17 May 2012 02:51 PM

කවදා හෝ ඔබට අවස්ථාවක් උදාවේවායි පතමි

:       0       0

රංජන් Friday, 18 May 2012 08:10 AM

කණගාටු වෙන්න එපා අක්කේ, උත්සාහ කරන්න තව

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

එසැණ පුවත්

ඉන්ධන මිල පහළට
2025 අප්‍රේල් මස 30 787 0

පෙට්‍රල් සහ ඩීසල් ඇතුළු සියලුම ඉන්ධන වර්ගවල මිල අද (30) මධ්‍යම රාත්‍රීයේ සිට පහළ දැමූ බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව මීට සුළු මොහොතකට පෙර නිවේදනය කළේය.


වැඩි මිලට වතුර වික්කාට ලක්ෂයක් දඩ
2025 අප්‍රේල් මස 30 550 0

පාලන මිලට වඩා වැඩි මිලකට වතුර බෝතලයක් විකිණීමේ චෝදනාවට වරදකරු කළ පුද්ගලයකුට රුපියල් ලක්ෂයක දඩයක් කොළඹ අතිරේක මහේස්ත්‍රාත් පවිත්‍රා සංජීවනි පතිරාජ ම


මාර්ග ආරක්ෂාව රකින්න ජාතික සැලැස්මක්
2025 අප්‍රේල් මස 30 313 0

ශ්‍රී ලංකාවේ මාර්ග ආරක්ෂාව තහවුරු කිරීම සඳහා ජාතික මට්ටමේ සැලැස්මක් සකස් කිරීමට රජය තීරණය කර තිබේ.ශ්‍රී ලංකාවේ මාර්ග ආරක්ෂාව තහවුරු කිරීම සඳහා ජාතික


ලාෆ් ගෑස් මිල වෙනස් නොවේ
2025 අප්‍රේල් මස 30 336 0

ලාෆ් ගෘහස්ථ ගෑස් මිල සංශෝධනය නොවන බව ලාෆ් සමාගමේ අධ්‍යක්ෂ ආචාර්ය නිරෝෂන් ජේ. පීරිස් මහතා පැවසීය.


මැයි රැළියට බස් 5,532 ක්
2025 අප්‍රේල් මස 30 823 0

ලෝක කම්කරු දින ජාතික ජනබලවේග පක්ෂයේ මැයි රැළිය සදහා දිවයින පුරා බස් රථ 5,532 ක් පමණ කොළඹ ගාලු මුවදොරට පැමිණෙන බවට එම පක්ෂයේ මධ්‍යම කාරක සභාව දැනුම්දී ඇති බ


කෝටියක කුඩු සමඟ අයෙක් මාට්ටු
2025 අප්‍රේල් මස 30 399 0

රුපියල් කෝටියකට ආසන්න වටිනා මත්ද්‍රව්‍ය තොගයක් සමඟ පුද්ගලයෙකු වැල්ලම්පිටිය ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව නුගේගොඩ කොට්ඨාස අපරාධ විමර්ශන අංශය කියය


මේවාටත් කැමතිවනු ඇති

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 253 0
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 72 0
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 1102 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

Our Group Site